Tuesday, January 25, 2022

පුවත් විශේෂාංග

ගෝටාගේ ඉල්ලීමට අනුව අලි පැටවා ආපසු දෙන ලෙස නීතිපති නියෝගය: පරිසරවේදීහු විරෝධය දක්වති.

ව්‍යාජ ලේඛන භාවිතා කරමින් නීතිවිරෝධී ලෙස ලඟ තබා ගැනීමේ චෝදනා මත වනජීවී භාරයට ගත් අලි පැටවුන් එම චෝදනා ලත් පුද්ගලයන්ටම යළි ලබා දීමේ තීන්දුවට...

මංගල සමරවීර වියොවෙන් ඇති වූ හිදස හා ඔහුගේ දේශපාලනය – ජගත් සිරිවර්ධන

මෑත අවුරුදු කිහිපය දක්වාම මංගල සමරවීර හුදෙක් ශ්‍රී.ලං.නි.ප. හා එ.ජා.ප. තුල වඩාත් ප්‍රගතිශීලී හා ලිබරල් අදහස් දැරූ මන්ත්‍රීවරයකු වූවා පමණි. එහෙත් මෑත වසර කිහිපය...

‘දිව්‍ය ලෝකය සහ එජාප 75 වන සංවත්සරය – රජිත් කීර්ති තෙන්නකෝන්

ඡායාරූපය: එජාපයේ (සජබ) අර්බුදය ‘විකල්පයක්‘ නොවීම ය.  ආදේශකයමක්ම වීම ය! එක්සත් ජාතික පක්ෂය ‘මරණයෙන් මතු දිව්‍ය ලෝකයේ යනවා‘ යැයි කියන මිනිසුන්ගේ පක්ෂය යි.    මැරෙනකල්ම ඉදලා...

ශ්‍රී ලංකා: නුපුරුදු සෙල්ලමක අවසානයේ පටන්ගැන්ම -බැසිල් ප්‍රනාන්දු

රටක් තමන් විසින්ම පාලනය කර ගැන්ම ලංකාවේ වර්ථමාන කාලය තුල නොපැවති පුරුද්දකි. නුපුරුදු සෙල්ලම තමන් දන්නා ආකාර වලින් කරන්නට ගොස් ඇතිවී තිබෙන ආරවුල අද...

සුසිල් සිරිවර්ධන සහ 71 කැරැල්ල

සුසිල් සිරිවර්ධන 71 අප්‍රේල් මහ නඩුවේ 24 වැනි විත්තිකරුය. ඔහු පරිපාලන සේවයේ සිටි තරුණ නිලධාරියෙක් වු අතර ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබු අයෙකු විමද වෙසෙසින්ම සඳහන් කළ යුත්තකි. ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගැනීම මදක් උගහට වු බව සැබැය. දුරකථන සංවාද කිහිපයක් විද්‍යුත් තැපැල් පණිවිඩ කිහිපයක් අප අතර හුවමාරු වූ අතර අවසානයේදි ඔහු මගේ පොතට දායක වීමට එකගත්වය පළ කළේය. 2009 පෙබරවාරි 11 දින රාත්‍රියේ මා සමග දුරකථනයෙන් සම්බන්ධ වූ සුසිල් සිරිවර්ධන මහතා 71 කැරැල්ලට ඔහුගේ සහභාගිත්වය අහඹුවක් බව කීය.   යටත් පිරිසෙන් ඔහු පන්ති 5 නිම කොට සිටියේද නැත. අහඹුවක් නිසා 1971 සිට 1975 දක්වා සිරගතව සිටි ඔහු තතු පැවසුවේ මෙයාකාරයෙනි.  1970 දි මම පරිපාලන සේවයේ නිලධාරියෙක්. අපි තමයි මුල්  එස්.එල්.ඒ.එස් නිලධාරින්ගේ පරම්පරාව. මම තරුණ ගැටළු, විරැකියාව සමාජ ප්‍රශ්න පිළිබඳව හදාරමින් සිටියේ. එය මගේ රැකියාවේම කොටසක්. මේ අවස්ථාවේදී තමයි පොඩි ලකි මාව මුණ ගැහෙන්නේ. පොඩි ලකී මගේ ගෝලයෙක්. මම අනුරාධපුර සෙන්ට්‍රල් එකේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන කොට පොඩි ලකී මගෙන් ඉගෙන ගත්තා. ඒ සබඳතාව මත ඔහු මා සොයා පැමිණියා. පොඩි ලකී කිව්වා තරුණ අසහනය, තරුණ ගැටළු සඳහා පිළියම් තිඛෙන සමාජ ව්‍යාපාරයක් තියනවා කියලා. මෙය මාක්ස්වාදි දේශපාලන ව්‍යාපාරය බවටත් ඔහු කිව්වා. මේක ඇසුනු මට පුදුම හිතුනා. මම තරුණ ගැටළු පිළිබඳව වසර ගනනාවක් අධ්‍යයනය කරනවා මෙවැනි සංවිධානයක් ලංකාවේ තිඛෙන බව මම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මේ සංවිධානය ගැන තොරතුරු දැන ගැනීමට මට අවශ්‍ය කළා. මේ සංවිධානය ගැන දැන ගැනීමට මා තුල තිබූ ආශාව නිසා පොඩි ලකී මාව සම්බන්ධ කළා තවත් අයෙකුට. ඔහු පියතිලක පසුව තමයි මම ඒ බව දැන ගත්තේ. ඔහු කිව්වා ව්‍යාපාරයේ නායකයා කතරගම ඉන්නවා කැමතිද මුණ ගැහෙන්න කියලා. මම ඒ යෝජනාවට කැමති උනා. ඒ අනුව 1970 දිනෙක මම පියතිලක සමඟ කතරගම ගියා. ව්‍යාපාරයෙ නායකයා මුණ ගැහෙන්න. ඒ වෙන කොට මම දැනගෙන හිටියේ නැහැ මේ නායකයා රෝහණ විෙජ්විර බව.  (1971 අප්‍රේල් කැරැල්ලේ මහ නඩුවේ පළමුවන විත්තකරු එස්. වී. ඒ. පියතිලක,   සුසිල් සිරිවර්ධන හමුවීම පිලිබදව මෙසේ පවසයි  වර්ෂ 1969 අවසානයට කිට්ටුව රජයේ දෙපාර්තමේන්තුවක උසස්...

නඩුත් හාමුදුරුවන්ගේ- බඩුත් හාමුදුරුවන්ගේ නොහොත් කරන්නාගොඩ නිදහස් කිරීම

ඡායරූපය නිව්ස් 19 අනුග්‍රහයෙනි. හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට විරුද්ධව 2008-2009  අතර කාලයේ දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන යාම, වධහිංසා පැමිණ වීම, කප්පම්...

නොදැන බණ කියන මහාචාර්ය චන්න ජයසුමනගේ මුඛයට එළුබෙටි නැලියක් නොලැබේවා! – දිවුල්වැවේ ජිනරතන හිමි

ලෝකයේ සෙසු රටවලට සාපේක්‍ෂව ථේරවාදී බුදු දහම අදහන රටවල් පහ තුළ කොවිඩ් රෝග ව්‍යාප්තිය අවම මට්ටමක පැවැති බව වෛද්‍ය විද්‍යා මහාචාර්ය වරයකු වන රාජ්‍ය...

අලුත් ත්‍රස්ත නීති හෙලා දකිිනඑක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයෝ ජනාධිපතිට ප්‍රශ්න මාලාවක් ඉදිරිපත් කරති.

ශ්‍රී ලංකා රජය විසින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ සම්මත කරගැනීමට සැලසුම් කර ඇති අලුත්ම රෙගුලාසි දැඩි දෝෂ දර්ශනයට ලක් කර තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි විශේෂ...

ඩඩ්ලි, සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රීට ලැබුණු IMF ණය ගෝඨාභය ආණ්ඩුවට අහිමි ද? – රජිත් කීර්ති තෙන්නකෝන්

ප්‍රශ්ණය ‘ආර්ථික අර්බුදය හා වෙළඳ ශේෂ හිඟය’ වූ විට, රජයේ තහනම් වචනය ‘ජාත්‍යන්තර මුල්‍ය අරමුදල’ (IMF) කර ගෙන ඇත. මුදල් රාජ්‍ය ඇමති, ජනාධිපති ලේකම්...

ඩීල් දේශපාලනය: නිස්සංක සේනාධිපති, ගෝඨාභය සහ වජිර අබේවර්ධන ගැන තවදුරටත් – සුනන්ද දේශප්‍රිය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සහ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ උගුලක හසු කර ගැනීම  පිණිස වත්මන් එජාප...

ශ්‍රී ලංකාව මෘදු සහ දෘඩ හමුදාකරණය අතරමැද- ජයදේව උයන්ගොඩ

Graphic courtesy of The Economist. (ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මගින් සංවිධානය කරන ‘හමුදාකරණය යනු කුමක්ද?’ සාකච්ඡා මාලාවේ පළමුවැන්න පසුගිය 23දා පැවැත්විණි. මේ එහිදී මහාචාර්ය...

ඒකාබද්ධ ප්‍රකාශනය: ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් මුකිතිය අවසන් කරනු!

ළමා ශ්‍රමය, මිනිස් ජාවාරම සහ ලිංගික සූරාකෑම වෙනුවෙන් දඬුවම් නොලැබීම අවසන් කරන්න   2021 ජූලි මස 3 වන දින, හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ්...

පාස්කු ප්‍රහාර පරීක්ෂනයේ අතුරුදහන් පුරුක: නිලන්ත ජයවර්ධන සහ රවිරාජ් ඝාතනය – සුනන්ද දේශප්‍රිය

පාස්කු ප්‍රහාරයෙන් වික්ෂිප්තියට සහ ශෝකයට පත්ව සිටි මෙරට ජනයා හමුවේ අවමඟුලට පැමිණි සුබ පැතුමක් මෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති අපේක්ෂකත්වය ජයකෙහෙළි මැද නිවේදනය කළේය....

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සහ ඊට විරුද්ධ විය යුතු හේතු

ඡායාරූපය:Ishara Danasekara එම පනත මගින් යෝජනා කරන දේ: 1. ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විසින් උදාර අරමුනින් රටේ සන්නද්ධ හමුදාවල කෙඩෙට් නිලධාරීන් හට උසස් අධ්‍යාපනය ලබා දීම...

නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු යන්න බෑ ලූ‘  බම්බුව තමයි! – රජිත් කීර්ති තෙන්නකෝන් 

ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම  දුටිමි. අතීතය අමතක කිරීම තරම් ම අතීතය නොදැන සිටීම...

විකල්ප කතිකාව 03- තෙවන සහ සිව්වන චතුරාර්‍ය සත්‍යය: අදට අවශ්‍ය මහා පොදු සාධකය

“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට...

තිස්ස වැව හැරීම රාජපක්ෂ අවනීතික දේශපාලනයේ තවත් දිගුවක්; විරුද්ධ විය යුත්තේ එයටයි – සජීව චාමිකර

ඡායාරූපය: රොන් මඩ හාරා වටිනා ලෝහ සහ අනෙක් දේ පෙරා ගන්නා හැටි. වැවක් යනු ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ඉතා ම හොඳ උදාහරණයකි. මිනිසා විසින් ගොඩනගන...

දුමින්දට දුන් සමාව සහ නීතියේ ආධිපත්‍යයට කැරෙන අඩන්තේට්ටම් ඉහළ යෑම – හියුමන් රයිිට්ස්වොච්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ වරදකරුවන් වූ සිරකරුවන් 16 දෙනෙකුට ශ්‍රී ලංකා රජය සමාව දීම, කෙසේ හෝ පිළිගත හැකි වුව ද, එකී පාපිෂ්ඨ පනත...

අසමත් ගෝටා දේශපාලනය, බැසිල් පැතීම සහ අවසන් රාජපක්ෂ තුරුම්පුව – රජිත් කීර්ති තෙන්නකෝන්

බැසිල් රාජපක්ෂ කාගේ බලාපොරොත්තුව ද? බැසිල් රාජපක්ෂ ඇමති හෝ අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි.   පළමුව, ‘පොහොට්ටුව‘ ට බලය ලබා ගැනීමට ලංකාවේ හතර දිග් භාගයේ ලක්ෂ...

‘අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය’ සහ යුක්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නොමැති වීම- බැසිල් ප්‍රනාන්දු 

ශ්‍රී ලංකා බලධාරීන්ගේ බලහත්කාරයෙන් අතුරුදහන් වීමේ ගැටලුව සම්බන්ධයෙන් වන ප්‍රවේශය පෙන්නුම් කළ එක් කරුණක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ආඛ්‍යානය අධ්‍යයනය කිරීමෙන් සොයාගත හැකිය. සාරාංශයක් ලෙස...

රට මිලිටරිකරණය කිරීමෙන් වසංගතය මර්දනය කරන්න බැහැ; රට බංකොලොත්වීමේ අනතුර අභියස ජීවිත ඔට්ටුවට නොතබනු  – කරු ජයසූරිය

රට බංකොලොත්වීමේ අනතුරක් අභියස ඉන් මිදීමට කටයුතු කරනු විනා ජනතාවගේ ජීවිත සමඟ රජය සූදු නොකෙළිය යුතුය. අද වන විට අපේ රට පවතින්නේ ඉතාමත් බරපතල  අනතුරක්...

මල්වානේ මාළිගාව සහ ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩිගේ සාක්ෂිය

ඡායාරූපය: මල්වානේ මාළිගාව හිටපු ආර්ථික හා සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට හිමි, මල්වානේ, කැළණි ගඟට යාබද අක්කර 16 ක ඉඩමක ඉදි කළ පිහිනුම් තටාක සහ ගොවි...

වසංගතය රාජපක්ෂලාට වසන්තයක්; ඒකාධිපති රාජ්‍යයක අත් පා හකුලුවා ගෙන ජීවත් ‍නොවීමට තීන්දුවක් ගමු! – කරු ජයසූරිය

අප රට මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ ඉතාමත් බරපතල දැවැන්ත අර්බුදයකට ය. මාරාන්තික කොරෝනා වසංගතය මුළු රට ම ගිලගෙන තිබේ. එහෙත් අද රටේ...

අනේ දේශපාලනඥයිනි ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමට අපේ දරුවන්ට ඉඩ දෙන්න. – විජයානන්ද ජයවීර

‘ද්වි භාෂා අධ්‍යාපනය; හොඳ ම දේ දරුවන්ට’ යන මැයෙන් කුරුණෑගල ලක්දාස් ද මැල් විදුහලේ විදුහල්පති කේ.ඒ. විමලකීර්ති මහතා දෙසතියකට පෙර රාවයට ලියූ ලිපිය අපේ...

රාජපක්ෂ ආන්ඩුව අන්තර්ජාලය තුල අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වල කපයි – සකුන ජයවර්ධන

රාජපක්ෂ ආන්ඩුව, ගතවූ සතිය තුල, අන්තර්ජාලය තුල අදහස් පල කිරීමේ අයිතියට එරෙහිව පොලීසිය කඩා පැන්නවීම සඳහා අවශ්‍ය පසුබිම සූදානම් කලේය: ජූනි 07 වනදා, සමාජ...

සාගරය, ජීවිතය, පොර්ට් සිටිය, එක්ප්‍රස් පර්ල් සහ සුලුපන්න ධිවරයා – හර්මන් කුමාර, ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ කැඳවුම්කරු

ජාායරූපය: ඹඩකළපු කළපුවේ ධිවරයෙක්  ©sunanda deshapriya අද මිලියන 100 කට අධික සුළුපන්න ධීවර කාර්මීක පිරිසක් මේ ලෝකයේ ජීවත් වෙනවා. ධීවර කාර්මීකයින් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකරවීම...

ඒ්කාබද්ධ ඉල්ලීම: වසංගතය මැඩලීමේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් ආරක්ෂා කරන්න

උග්‍ර වන වසංගත තත්ත්වය, අඛණ්ඩව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හා නීතියේ ආධිපත්‍යය පිරිහීම පිළිබඳව මෙම ලේඛනයේ සම අත්සන්කරුවන් වන, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සංවිධාන,...

ගෑස් වෙනුවට පානුයි පරිප්පුයි දාල බලන්න – පාරිභෝගික කටයුතු අධිකාරියට අභියෝගයක්

  පාරිභෝගික කටයුතු අධිකාරියේ මහදැන මුත්තා හා ගෝලයෝ රොත්තගෙන් පය බරවාට බෙහෙත් බදින පන්නයේ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බවට චෝදනා කරන පාරිභෝගික අයිතීන් සුරැකීමේ...

වික්‍රමාන්විත මාධ්‍යවේදියා ක්වාද්රි

1987 දී සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ජනමාධ්‍යවේදී තනතුරු උදෙසා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිහු තිදෙනෙක්  අයදුම් කළහ. අපට අවශ්‍ය වූයේ නැවුම් කුසලතාවන්ගෙන් සමන්විත වෙහෙස වී කටයුතු...

කොවිඩ් 19: ස්විට්සර්ලන්තයෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල මිලියන භාගයක් සහ තවත් උපකරණ

කොවිඩි 19 වසංගතයට එරෙහි සටනේදී ස්විටිසර්ලන්තය ශ්‍රී ලංකාවට සිය සහයෝගය පලකරයි. 2021 ජූනි 8 වෙනි දින උදයේ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ිටල මිලියන භාගයකට අධික ප්‍රමාණයක් සහ ශ්වසන...

archive

Must Read

“එළිමහන් සිරකඳවුරේ මරණය සැක සහිතයි” – මව සහ දියණිය අධිකරණයට කියති.

ඡායාරූපය: නීතිඥ සේනක පෙරේරා සහ ප්‍රබෝධ රත්නායක අධිකරණ භූමියෙන් පිටත දී මාධ්‍යට කරුණු පැහැදිලි කරයි. අද ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවෙහි කදුරුගස්ආර එළිමහන් සිර කදවුරේදි මරා...

බන්ධනාගාර පාලනයේ අවළම් හැසිරීම පෙන්වන එළිමහන් සිරකදවුරේ මිනී මැරුම

සිරකරු අයිතිවාසිකම් කමිටුවේ පහ​ත ඡායාරූපයේ ඇති බැනර් එක ඉදිරියේ තිබෙන අසුනේ කිසිවෙකු වාඩි වෙනවාට වඩා හිස්ව තිබෙනු දැකීමට අපගේ වැඩි කැමැත්තක් ඇත. ඒ, එම...

වරාය නගරය බලන්න ටිකට් අස්ප ගණන්! අයෙකුට අවම රු.5000යි.

ඡාායරූපය: ශෙහාන් ගුණසේකර මුහුණූ පොතෙනි. කොළඹ වරාය නගරයේ සංචාරය කිරීමට දේශීය ජනයා පැමිණෙන තත්වය තුළ එහි ඡායාරූප ගැනීමට සහ වීඩියෝ කිරීමට ගෙවිය යුතු ගාස්තු කොළඹ...

ප්ලාස්ටික් සෙල්ලම් බඩු පොලිසියට ආයුධ ගබඩාවක් වෙලා – ඕශල හේරත්

බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයට අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් විශ්‍රාමික වෛද්‍යවරයාගේ නිවස තුළ තිබී ආයුධ තොගයක් සොයාගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී...