වැලි මළුවේ කෝම්පිට්ටු.. | ළමා අපයෝජනයන්ට එරෙහි ගීතය Emotional Song Against Child Abuse

වැලි මළුවේ කෝම් පිට්ටු – තැලී ගියා අම්මේ…
බෝධියෙන් වට බෝ පතක් සේ – සුළඟෙ ගියා අම්මේ…
වැලි ඉහිරුණු බෝ මළුවේ – කඳුළු වැටුණා අම්මේ…
බුදු සාදුත් හඬනවා මම – ඇහින් දැක්කා අම්මේ…
සුදු ගවුමේ රතු සායම් – හේදුවා ද අම්මේ…
යෝධ ඇළේ රළ පාරත් – දුක් වුණා ද අම්මේ…
මඩ වතුරේ පොත් මිටියත් – දිය වුණානෙ අම්මේ…
අකුරු කොහොම බොඳ වුණාද – ටීච අහයි අම්මේ…
ඝණ්ටාරෙ හඬන සද්දෙ – ඇහෙන්නෙ නෑ අම්මේ…
මම තාමත් පුංචි නිසා – ගොළු වෙලා ද අම්මේ…
හෙට උදේම ඉස්කෝලෙට – ළමයි යාවි අම්මේ…
ඒත් ඉතින් මං ආයෙත් – යන්නෙ කොහොමද අම්මේ…
කඳුළු වැටුණු තැන බලන්න – යනවද හෙට අම්මේ…
බෝ මළුවේ වැලි අතරේ – මගේ වළල්ල ඇති අම්මේ…
කැඩිලා උනත් කමක් නෑ – අරන් එන්න අම්මේ…
එන ගමන්ම බුදු සාදු – බලල එන්න අම්මේ…
බුදු සාදු තාම හඬනවාද – බලන් එන්න අම්මේ…
බුදු සාදු තාම හඬනවාද – බලන් එන්න අම්මේ..
“වැලි මළුවේ” යනු  අප සමාජය කම්පනයට පත් කළ ඛේදනීය සිදුවීම් පදනම් කරගනිමින්, අපේ දැරියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නිර්මාණය වූ සංවේදී ගීතයකි. සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වී අමතක වී යන ඛේදවාචකයන් පිටුපස ඇති සැබෑ වේදනාව මෙයයි.
අපේ දරුවන්ගේ ළමා කාලය සහ අහිංසකත්වය රැකගැනීම දෙමාපියන්ගේත්, සමස්ත සමාජයේත් වගකීමක් බව සිහිපත් කරන අවදි කිරීමේ පණිවිඩයක් ලෙස මෙය නිර්මාණය කර ඇත. මිනිස් හැඟීම් සහ කෘත්‍රිම බුද්ධිය (AI) මුසු වූ මෙම අපූරු නිර්මාණය, දරුවන් පිළිබඳව වඩාත් අවදියෙන් සිටීමට අප සැමට කරන ආයාචනයකි.
නිර්මාණ දායකත්වය:
ගායනය : හැගීම් නැති යන්ත්‍රයක්
පද රචනය : මිනිහෙක්
සංගීතය : මිනිහෙක් සහ යන්ත්‍රයක්
රූප රචනය : මිනිහෙක්
රගපෑම : යන්ත්‍රයක් හැදූ දරුවෙක්

Archive

Latest news

Related news