හේමන්ත විතානගේ.
වෙරළ කලාපයේ සිදුකර ඇති අනවසර නීතිවිරෝධී ඉදිකිරීම් එලෙසම මුදල් ගෙවමින් පවත්වාගෙන යන්නට ඉඩදීමට වර්තමාන රජය උත්සාහකරන බව පසුගිය මාස කිහිපය තුල වරින්වර ආරංචි විය. අන්ඩුවේ මේ ආයාසය නීතියේ ආධිපත්යය ගෙන ඒමට නොව මුදල් බලය ඇති එකාට ඕනෑම දෙයක් කරගන්නට ඉඩදෙන ධනවාදී න්යායකි.
ශ්රී ලංකාවේ වෙරළ කලාපය ආරක්ෂා කිරීම සඳහා නීති ගෙන ආවේ ජාතික පාරිසරික පනත හා සමකාලීනව එනම් 1981අංක 57 දරන වෙරල සංරක්ෂණ පනතෙනි. එයට සංශෝධනයක් ගෙන ආවේ 2011අංක 49 දරණ සංශෝධන පණතෙනි. එවක් පටන් එය “වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනත” නම් විය.
එහි 12 වන වගන්තියට අනුව වසර 4 කට වරක් වෙරළ කලමනාකරන සැලස්මක් ඉදිරිපත් කළ යුතුය. 2004 සුනාමිය සිදුවන විට සැකසිය යුතුව තිබුණු වෙරළ කලාප කළමනාකරන සැලසුම ඉදිරිපත් කොට නොතිබුණු නිසා පරිසර යුක්ති කේන්ද්රය (Withanage Don Hemantha Vs. Director Coast Conservation, CA no. 551/2005) නඩුවක් හරහා සැලැස්ම යාවත්කාලීන කරන ලෙස ඉල්ලා සිටියේය.
එම නඩුවේදී සංරක්ෂණ කලාපය තුළින් සිදුකොට ඇති අනවසර ඉඳිකිරීම් පිළිබඳව අපි ඉතා පැහැදිලිව කරුණු දක්වා සිටි අතරින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව 1997 වෙරළ කලාප කළමනාකරන සැලසුම නිසි පරිදි ක්රියාත්මක නොකර සිටීම පිලිබද උසාවියට කරුනු දක්වා සිටියේය. අන්තුරුව 2004 සැලසුම අධිකරනයට ඉදිරිපත් කල අතර 2018 නැවත එය යාවත්කාලීන කල අතර වර්තමාන සැලසුම 2024 සිට 2029 දක්වා වලංගු වේ.
ලංකාවේ වෙරල කලාපය වඩදිය මට්ටමේ සිට මීටර් 300 රට තුලට හා බාදිය මට්ටමේ සිට කිලෝමීටර් 2ක් මුහුද දෙසටය. සුනාමිය ආ අවස්ථාවේ එවකට තිබුනු චන්ද්රිකා බණ්ඩාරනායක රජය වෙරළ තීරයේ මීටර් පන්සීයක් දුරටත් ආරක්ෂා කරන බවට සපථ කලේය. අවසානයේ කලා ඔය ගං මෝය (ගංග වාඩිය) සිට කිරිඳි ඔය ගං මෝය දක්වා බටහිර සහ දකුණු වෙරළ තීරයේ ඕනෑම නව ඉදිකිරීම් සඳහා මීටර් 100 ක ස්වාරක්ෂක කලාපයක් සහ කිරිඳි ඔය ගං මෝය සිට කලා ඔය (ගංග වාඩිය) දක්වා නැගෙනහිර සහ උතුරු වෙරළ තීරයේ ඕනෑම නව ඉදිකිරීම් සඳහා මීටර් 200 ක ස්වාරක්ෂක කලාපයක් වෙන්කර හඳුනාගත යුතු බවට මාර්ගෝපදේශ ඉදිර්පත් විය. රජයේ තීරණයට අනුකූලව, වෙරළබඩ කලාපය තුළ සංවර්ධන බලපත්ර නිකුත් කිරීමේදී ප්රකාශිත ස්වාරක්ෂක කලාප (දකුණු සහ බටහිර: මීටර් 100, උතුර සහ නැගෙනහිර: මීටර් 200) අදාළ වේ.
ප්රකාශිත ස්වාරක්ෂක කලාප තුළ කිසිදු සංවර්ධනයකට අවසර නොලැබෙන බවට තීන්දු විය. එහෙත් ඒ වන විටත් ධිවරයන්ට එක හැන්දකින් බෙදද්දී හෝටල් කරුවන් සෙලවීමටවත් ඔවුන්ට නොහැකි විය. අවසානයේ වෙනත් තැන්වල පදිංචි කල ධීවරයන්ද නැවත මුලින් සිටි ස්තාන වලම පදිංචි විය.
වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට මෙම සැලසුම ක්රියාත්මක කර ගැනීමට නොහැකිවීම පිලිබද හේතු ඇත. එහෙත් මහජන දේපලක් වන වෙරළ කලාපය සල්ලිකාරයන්ට එක විදිහකටත් දුප්පත් මිනිසුන්ට, ධීවරයන්ට තවත් විදිහකටත් සලකන්නට ඔවුන්ගේ අසමත්කම හේතුවක් නොවිය යුතුය.
තවද, වර්තමානයේ වෙරළ කලාපය ආක්රමණය කොට ඇති බොහෝ හෝටල් නිර්මාණය වූයේ 2004 සුනාමි ව්යසනයෙන් පසුවය. ඔවුන් ආරක්ෂිත වන්නේ තවත් සුනාමියක් එනතුරු පමණි. එය කොයි මොහොතේ හෝ සිදුවන්නට ඉඩ ඇත. වර්තමානයේ වෙරළ සංරක්ෂණ නීතියෙන් නවන්නට කටයුතු කරන දේශපාලකයන් සහ වෙරළ සංරක්ෂණ නිලධාරීන් එදිනට නීතියක් ඉදිරියේ කෙසේ වෙතත් හෘද සාක්ෂිය ඉදිරියේ වරදකරුවන් වනු ඇත.
වෙරළට ඇති එකම හානිය සුනාමිය පමනක් නොවේ. වර්තමානයේ දේශගුනික විප්පර්යාස නිසා මුහුදු මට්ටම වැඩිවීම ක්රමයෙන් සිදුවන අතරින් වෙරල කලාපය තුළ සිදුවන වෙනස්කම් අපමණය. එබැවින් එම කලාපයේ ආරක්ෂාවෙන් අතීතයේ තිබුණාට වඩා තදින් ක්රියාත්මක කරවීම රජයක යුතුකම වේ.
මා විශ්වාස කරන පරිදි වෙරළ කලාපය තුල නීතිය ඉතා පැහැදිලිය. 1981 අංක 57 දරන පනතට අනුව
14. (1) වෙනත් යම් නීතීයක විධිවිධානවල කුමක් සඳහන් වුවද, අධ්යක් ෂවරයා විසින් තත්කාර්යය සඳහා නිකුත් කරන ලද අවසර පත්රයක අධිකාරය යටතේ හැර කිසිම තැනැත්තකු විසින් වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කාරයයක නිරත නොවිය යුතුය.
(2) වෙරළ කලාපයේ දීර්ඝ කාලීන ස්ථායිතාව, ඵලදයකත්වය සහ පරිසරයේ තත්වය කෙරෙහි එම සංවර්ධන කටයුතු වලින් ඇතිවන බලපෑම් පිළිබඳව සැලකිලිමත්ව, (1) වන උපවගන්තීය යටතේ නිකුත් කරනු ලබන අවසර පත්රයක් නොමැතිව, වෙරළ කලාපය ඇතුළත නිරත විය හැකි සංවර්ධන කාර්ය වර්ග අමාත්යවරයා විසින් නියම කරනු ලැබිය හැකිය.
( 3 ) වෙරළ කලාපය ඇතුළත යම් සංවර්ධන කාර්යයක නිරත වීමට අවසර පත්රයක් සඳහා වූ ඉල්ල්ලීමක් නියමිත ආකාරයට අධ්යක්ෂවරයා වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එවැනි සෑම ඉල්ලීමක්ම නියමිත ආකෘතිය අනුව විය යුතු අතර නියමිත විස්තර එහි ඇතුළත් විය යුතුය. තවද නියමිත ගාස්තුව ඒ සමඟ ඉදිරිපත් කරනු ලැබිය යුතුය.
15. යෝජිත සංවර්ධන කාර්යය-
(4) වෙරළ කලාපය කළමනාකරණය කිරීමේ සැලැස්මට සහ ඒ සැලැස්ම බලාත්මක කිරීමට සාදන ලද යම් නියෝ ගවලට අනුකූලවන්නේ නම් හෝ ඉල්ලුම් පත්රය ලැබුනේ ඒ සැලැස්ම ක්රියාත්මක වීමේ දිනයට පෙර නම් 13 වන වගන්තිය යටතේ නියමිත උපමාන සැහීමට පත් කර ඇත් නම්;
සහ
( ආ) වෙරළ කලාපයේ ස්ථායිතාව, ඵලදායකත්වය සහ පරිසරයේ තත්වය කෙරෙහි අන්යාකාරයකින් හානිකර බල පෑමක් ඇති නොකරන්නේ නම් මිස මේ කොටස යටතේ කිසිම අවසර පත්රයක් අධ්යක්ෂවරයා විසින් නිකුත් කරනු නොලැබිය යුතුය.
මෙහි 15(ආ) අනුව අධ්යක්ෂ ජනරාල්වරයාට හිතූ දේ කල නොහැක.
කෙසේ වුවද ලංකාවේ වෙරළටද මේ වන විට පිලිපීනයේ වෙරළට සිදුවී ඇති ආනිසංසයම වෙරළ සංරක්ශන දෙපාර්තමේන්තුවේ ඇති නොහැකියාව හා ක්රියාකලාපය සිදුකරමින් පවතී. ඒ පොදු වෙරළක් තිබුනද වෙරලට යන මංපෙත් ඇහිරීමයි. සංශෝධිත පනතේ 9(උ) අනුව වෙරළට හා වෙරළ කලාපයට ප්රවේශවීම සඳහා මහජනයා වෙනුවෙන් ඇති ප්රවේශ මාර්ග, අඩිපාරවල් සහ පටු මංතීරු හඳුනාගැනීම හා එහි ඇති අවහිරතා ඉවත් කිරීමෙහි ලා අවශ්ය පියවර නිර්දේශ කිරීමද වෙරළ සංරක්ශන දෙපාර්තමේන්තුවේ කාර්යයකි. මේ වන විට බොහෝ ස්තාන වල මේ ගැටලුව මතුව ඇත.
ලංකාවේ වෙරල මේ වනවිට හෝටල් කරුවන්ගේ පමනක් නොව ඛනිජ සමාගම් වල ග්රහනයටද නතුව ඇත. භූ විද්යා සමීක්ශක හා පතල් කාර්යාංශයේ ක්රියාවන් ඊට වගකිව යුතුය.
දකුනේ ඇතැම් හෝටල් කාමරයක් ඩොලර් දෙතුන් සීයකට විකිනෙද්දී, නීතිවිරෝධී ලෙස ගොඩනගා ඇති හෝටලයකට දඩමුදල සොච්චමකි. එවන් මුදලක් ගෙවන්නට ධිවරයෙකුට බැරිවන නිසා මෙය අසාධාරන නීතියක් වනු නියතය. නීති සම්පාදනය කළ යුත්තේ සැමට සමානව එම නීතිය ක්රියාත්මක කරන්නට හා එහි ප්රතිපල භුක්ති විදින්නට හැකිවන පරිදිය. මන්ද නීතිය ඉදිරියේ සැවොම එක හා සමානය. එසේ නොවන නීති රෙගුලාසි මගින් ඇතිවිය හැකි හානි බොහෝය. එබැවින් වෙරළ සංරක්ෂණ නීතිය නවන්නට පෙර වෙරළ පොදු මහජන දේපළක් ලෙස පවත්වාගෙන යාමට ඇති හැකියාව/නොහැකියාව පිළිබඳව මහජන කතිකාවතක් ඇති කල යුතුය.
මෙම පින්තූර ලංකාවේ වෙරළ කලාපය පෙන්නුම් කරන අතර දෙවැන්න 2100 වන විට මුහුදු මට්ටම වැඩිවීම නිසා හානියට පත්වන පෙදෙස් සහ තුන්වැන්නෙන් කුනාටුවකදී රළ වැඩිවීම නිසා හානිවිය හැකි ප්‍රදේශ පෙන්නුම් කරයි.




