කතාව දෝලාවෙන්-ගමන පයින්! ව්‍යාපාරිකයිනට දොල පිදේනි දෙන මීමුරේ හරහා පාරට ආණ්ඩුවෙන් සැලියුට්!
සේනක අමියන්ගොඩ මහතා තංගප්පුව ගම්මානයේ පදිංචි ව්යාපාරිකයෙකි. ඔහු මේ වනවිට තංගප්පුව ප්රදේශයේ හෝටලයක් ඉදිකරගෙන යන අතර නකල්ස් ලෝක උරැම රක්ෂිතය මැදින් වැටී ඉංග්රීසීන් ඉදිකල , නකල්ස් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ප්රකාශයට පත්කල පසු අතහැර දමන ලද තංගප්පුව – කෝබට්ස්ගැප් මාර්ගය නැවත විවෘත කර ගැනීමට කලක පටන් සටන් කරන්නේ තම ව්යාපාරික අරමුණුවලට මෙම මාර්ගය අත්යවශ්ය නිසාය.
එතුමාද එය පිලිගනී . නමුත් ඔහුට සහ මෙහි හෝටල හිමි අනෙක් පිරිසටද වන සංරක්ෂණය හරස්වීම නිසා ඒ බලාපොරොත්තුව ඉටු නොවුනි. දැන් ඔවුන් මාර්ග නාය යෑමෙන් මී මුරේ ගම්මානයට ප්රවේශ මාර්ග නැතැයි එම ගම හුදෙකලා වී ඇතැයි පවසමින් අලුත් සටන් පාඨයක් හරහා මෙම කැලෑබද මාර්ගය කපා නකල්ස් කැලයට ලොකු විනාශයක් සිදුකිරීමට කැස කවමින් සිටී.

ඔහු තියන විදිහට මෙම මාර්ගය කපන්න යෝජනා කරන ඇමති ලාල්කාන්ත, ඇතුලු මංත්රීවරුන්ටත් , රජයේ ඉහළ නිළධාරීන්ටත් මේ සම්බන්ධයෙන් උපෙදස් දෙන්නෙ මේ සේනක අමියන්ගොඩ කියන ව්යාපාරික මහත්මායි. ඔහු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් මහනුවරදි පැවති දිස්ත්රික් සම්බන්ධිකරන රැස්වීමට ගොස් මේ මාර්ගය සම්බන්ධයෙන් ඇමතිවරු දෙදනෙක්, මංත්රිවරු තිදෙනෙක් හා ප්රා. සභා සභාපතිවරයෙක් දැනුවත්කර නකල්ස් හරහා වැටී ඇති මෙම මාර්ගය කපා මාර්ගය විවෘත කර ගැනීමට එකග කරවාගෙන තිබේ.

ඒ අනුව මේ වනවිට මහනුවර දිස්ත්රික් ලේකම්/ මැදදුම්බර ප්රා . ලේකම් ඇතුලු රාජ්ය කිළධාරින්ද ඇමති ලාල්කාන්ත ඇතුලු NPP මහනුවර මංත්රිවරුන් මෙම මාර්ගය කැපිය යුතුයැයි තීරණයක සිටී. විද්යාත්මක පදනමකින් ගැටලු සදහා පිලියම් සොයන බවට පවසා බලය ලබාගත් NPP ආන්ඩුව තම බාල ව්යාපාරික අරමුණු වලට සුවිශේෂි පරිසර පද්ධතියක් විනාශ කිරිමට උත්සහ කරන කිහිප දෙනෙකුගේ ඉල්ලීමට මෙම මාර්ගය තැපීමට එකගවීම ඉතාම කනගාටුදායකය.
Nayana Sanjeewa මුහුණූ පොතිනි.