ව්යසනය දරුණු බව පමණක් අපි දැනට දනිමු. එහෙත් එහි සැබෑ බරපතලකම තක්සේරු කරන්නට යම් කාලයක් ගතවනු ඇත. දැනට කිවහැක්කේ එය සුනාමි තත්වයටත් වඩා බරපතලබව පමණි.
ජීවිත විශාල සංඛ්යාවක්ද රැගෙන සුනාමිය ආපසු ගිය පසුව දේපල විනාශය මධ්යයේ වුව වෙරලබඩ කලාපයට ඉඩම් ඉතිරි විණි. මාවත් කඩතොලුව ගියද ඒවා යළි ප්රතිසංස්කරණය කරන්නට පොලව ඉතිරිවිණි.
එහෙත් මේ ව්යසනයෙන් පසු දේපල තබා ඒ පිහිටි ඉඩම්වල සළකුණුද නැත. මාර්ග පද්ධති යළි සැකසීම ලෙහෙසි නැත. වාරිමාර්ගවලට වූ හානිය තවම සිතාගත නොහැකිය.
එහෙත් තවමත් අපට නිරවුල්ව කල්පනා කරන්නට ශක්තිය ඉතිරිය.
මේ අප එසේ නිරවුල්ව කල්පනා කරමින් කටයුතු කළ යුතුව ඇති අවස්ථාවයි.
මින් පසුව කවර කැපකිරීම් මධ්යයේ වුව රටට ජාතික නිවාස ප්රතිපත්තියක් සෑදිය යුතුව තිබේ. අනාගතයේදී නිතර මුහුණදීමට සිදුවන ස්වාභාවික ව්යසනයන් ගැන සලකමින් ඊට සහ ආර්ථිකයට ඔරොත්තු දෙන නිවාස ඇතුළු ඉදිකිරීම් ක්රමයකට අප මාරු විය යුතුව තිබේ. කෙතරම් පුද්ගලික බැඳීම් තිබුණද ජීවිත හාණිය සලකා ඉවත් කල යුතු අය ඉවත් කිරීම මෙන්ම ඔවුන්ට ආරක්ෂිත ස්ථාන යළි පදිංචිය සඳහා දීමට ආණ්ඩු කටයුතු කල යුතුව තිබේ. එවන් අවස්ථාවල අන් සියළු පාර්ශව ඒ වෙනුවෙන් මැදිහත්විය යුතුය.
මේ වනවිටත් ලස්සන වීව් එක කියමින් අප අපේ ගංගා ඇලදොල සහ වැව් ආදී බොහෝ ජල මූලාශ්ර අවහිර කරමින් බොහෝ ඉදිකිරීම් කර හමාරය. කඳු වලට සිදුව ඇත්තේද එයයි. මේ සියල්ල බොහෝ කලක් තිස්සේ විවිධ ක්රම මගින් සිදු කරන ලද ඒවාය. ඉදින් දැවැන්ත ගංවතුරකදී ජල මාර්ග අප මත කඩාවැදීම නතර කිරීමට නොහැකි වනු ඇත. ගංගා දෙකකට මැදිව තුරුණු විය දක්වා දිවි ගෙවූ මම අද ආපසු ගමට යනවිට මේ ඛේදය දකිමි.
පදිංචිය පිණිස ආරක්ෂිත බිම් වෙන්කිරීම සහ ඒ වෙනුවෙන් මිනිසුන්ට අහිමිවන ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලබාදීම සහ ඒ ආශ්රිත ආර්ථික පද්ධති ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව සැලසුම් සකස් කළ යුතුය. මේ ව්යසනය අපට පාදා දුන් ඇස අප නිවැරදි ලෙස යොමන්නේ නම් මෙය අපේ ඉදිරි ගැලවීමේ මාර්ගය පිණිස භාවිතා කල හැකි වනු ඇත.
සුනාමියෙන් පසු රටේ වූ හරිය අපි දනිමු. අද බන කියනා බොහෝ අය සුනාමි අරමුදල් අවභාවිතා කල ආකාරය මෙන්ම කෝවිඩ් සමයේ අද බෝසත් චරිත රඟන අය හැසිරුණු ආකාරයද අපි දනිමු.
වර්තමාන ආන්ඩුවට ඒ සියල්ල නිවැරදි කිරීමට අවස්ථාව තිබේ. එහෙත් එහිදී ඔවුන් ඊට හැකියාව ඇති පාර්ශවයන් සියල්ල සම්බන්ධ කරගැනීමට උත්සුක විය යුතුය. මේ ව්යසනය හමුවේ අපට ලොවින් සහය ලබාගැනීමට හැකියාව තිබේ. එසේම පෙරදී මෙන් නොව ඒ ආධාර නිසි ලෙස කලමනාකරණය කරනු ලබනා බවට ආණ්ඩුවට ප්රායෝගිකවම සහතික විය හැකිය. පවත්නා ව්යසනකාරී තත්වය හමුවේ අප රට ඉදිරියේදී මුහුණ දීමට නියමිත ණය ගෙවීමේ කාල සීමාවන් පවා වෙනස් කරගැනීමට හැකිද යන්න ගැන සොයා බැලීම මේ අවස්ථාවේ කල යුතුව තිබේ.
දේශගුණ විපර්යාසයන්ට මුහුණ දෙන රටක් ලෙස අප ආපදාවන්ට මුහුණ දීම සඳහා විස්තීර්ණ සැලසුමක් සකස් කල යුතුය.
රක්ෂණ ය සහ වන්දි අපේ මීළඟ මාතෘකාව වනු ඇත.
2016 ගංවතුර ආ අවස්ථාවේදී ජාතික රක්ෂණභාර අරමුදලේ ප්රධාන විධායක නිලධාරී ලෙස සිටි සනත් සිල්වා කල මැදිහත්වීම අධ්යයනය කිරීම මෙහිදී ආණ්ඩුවට වැදගත් වනු ඇත. ඔහුගේ නායකත්වය යටතේ ඒ සමයෙහි කරන ලද කාර්යභාරය අපේ රක්ෂණ ක්ෂේත්රයේ වැදගත් මෙහෙයුමකි. අනවසර පදිංචිකරුවන් යයි විවිධ පවුල් බැහැර කරන්නට තැත් දරන ලද එ සමයේ ලයිට් බිලක්, වතු බිලක් ගෙවන, කුණු ලොරිය එන තැනක ප දිංචිකරුවා අනවසර වෙන්නේ කෙසේදැයි අසමින් ඔවුන්ට පවා වන්දි ගෙවන්නට කටයුතු කල ආකාරය අප විමසා බැලිය යුතුය. නිලධරවාදී සහ නීති මැද වුව තාර්කික පදනමක් මත කටයුතු කල හැකි ආකාරය එදා වන්දි ගෙවීමේදී පෙන්වනු ලැබිණි.
ඊට සනත් ලද ත්යාගය ගෝඨාන්ඩුව යටතේ ඔහුගේ රැකියාව අහිමි කිරීමය. අද ඔහු අකර්මණයය. එහෙත් ඔහුගේ දැනුම අපට ප්රයෝජනවත්ය.
ඉස්සර වගේ නෙවෙයි දැන් වියදම් කළොත් රජයේ නිලධාරියා ගස් යනුවෙන් බොහෝ අය රාජ්ය සේවය බය කරන්නට තැත් කරති. එහෙත් මේ අමු තක්කඩි කතාවක් පමණි. රාජ්ය සේවයේ වසර තිස් එකක අත්දැකීම් ඇති මම රජයේ නිලධාරීන්ගේ ශක්යතා මෙන්ම දුබලතාද යහපත් මෙන්ම මජර ගතිද දනිමි. තමන් වැඩ කරනා පදනම නිවැරදි නම් නිලධාරියාට ඒ වෙනුවෙන් පෙනී සිටින්නට හැකිය. අද ඌව ප්රධාන ලේකම් ලෙස ඉන්නා අනුෂා ගෝකුල සහෝදරිය වැඩ කරනා ආකාරය අපේ නිලධාරීන්ට ආදර්ශයකි. රාජ්ය සේවකයා නිර්මාණශීලී සහ දැක්මක් සහිත නම් ඔහුට බියවීමට හේතුවක් නැත. එහෙත් ඔහු තම නිර්මාණශීලීත්වය යොමන්නේ වංගු මාවතට නම් ඔහු බියවිය යුතුමය.
මේ මොහොතේදීද වෙනදා මෙන්ම අපේ මිනිසුන් කරනා මැදිහත්වීම පැසසුම් කටයුතුය. මේ මොහොතේ අත්යවශ්යම සහන වෙනුවෙන් ඔවුහු මැදිහත් වෙති.
එහෙත් බරපතලම කටයුතු ඇත්තේ ඉදිරියටය.
ව්යසනයට පත් ජනතාවට යළි සිය ජීවනෝපායන් ආරම්භ කිරීමට සහය දිය යුතුව තිබේ. එයද ආණ්ඩුවේ වගකීම බව සැබැවි. එහෙත් ඒ සමගම ආණ්ඩුවට මූලික වශයෙන් රටේ බිඳවැටුනු යටිතල පහසුකම් පද්ධතිය යථා තත්වයට ගෙන ඒමට මැදිහත්වීමට සිදුවේ. දුම්රිය, මහාමාර්ග සහ වාරිමාර්ග ඉන් ප්රධානය.
මේ රටෙහි මෙන්ම විදේශයවද ඉන්නා හැකියාව ඇති සියල්ලන්ම සංවිධානය විය යුතු මොහොතකි. හැකි සෑම ආකාරයකින්ම සංවිධානය වෙමින් සහ රජයේ ආයතන හා සම්බන්ධ වෙමින් අවංක සහ විනිවිද පෙනෙනා ආකාරයට මැදිහත් වෙමින් ව්යසනයට පත් ජනතාවගේ ජීවනෝපාය යළි සකසාදීමට මැදිහත් වන්නට අපට හැකිනම් එය මේ මොහොතේ ඉතා වැදගත්ය.
හානිවූ සත්ව ගොවිපල හිමියකුට යළි තම ගොවිපල පටන්ගැනීමට ඇවැසි සම්පත් ලබා දෙන්නට, හානිවූ ගොවිබිම යලි අරඹන්නට ඇවැසි යන්ත්ර, බීජ පොහොර සහ අනෙක් පහසුකම් සපයන්නට -මේ උදාහරණ පමණි. අප සංවිධානය වන්නේ නම් රජයෙන් ඇවැසි තොරතුරු ගෙන ඇවැසි තැන්වලට මැදිහත්වීමට හැකියාව තිබේ. ඒ සඳහා අවශ්ය අවංකව සංවිධානය වීම පමනි. ආණ්ඩුවද මෙවන් විකල්ප කාර්යයන් සඳහා අවශ්ය පසුබිම සැකසිය යුතුය.
හානිවූ ජීවනෝපාය සකසා දෙන්නට අවශය පසුබිම හදන්නට අපට හැකිනම් ඒ මිනිසුන් යළි තමන්ගේ අහිමිවූ දේපල ක්රමයෙන් සකසාගනු ඇත. අවශ්ය වනුයේ ඊට මූලික පහසුකම් සැලසීමය. ඒ සඳහා හැකි සෑම පුද්ගල සහ කණ්ඩායම් මැදිහත්වීම අවශ්යව තිබේ. ආන්ඩුවෙන් බැහැරව සිටින එසේම සංවිධාන හැකියාව ඇති පාර්ශව මේ ගැන කල්පනා කරන්නේ නම් අපට ව්යසනයට පත් මිනිසුන් නගා සිටුවීම නොපමාව කල හැකි වනු ඇති අතර ආන්ඩුවටද ඒ අතර යටිතල පහසුකම් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කල හැකි වනු ඇත. මා දැනටමත් මේ අදහස බෙදාගත් සෑම කණ්ඩායමක්ම පාහේ දැක්වූයේ යහපත් ප්රතිචාරයකි. දැන් අවශ්යව ඇත්තේ මුලපිරීම පමණි.
අපි පරමාණු බෝම්බයෙන් පසුව නැගී සිටි ජපානය ගැන දනිමු. එහෙත් අපටද එයන් ශක්යතාවන් ඇති බව නොදනිමු. පාස්ටර්ලාට, ආශ්චර්යය මවන්නන්ට කේන්දරකරුවන්ට සුවිසල් ඩෝම් සැදිය හැක. රටක් සාදන්නට අංශ්රමාත්ර දෙයක් කල නොහැකිය. එහෙත් මිනිසාගේ ශක්තිය ගැන විශ්වාස කරන්නාට ලොවක් තැනිය හැකිය.

Chulananda Samaranayake මුහුණු පොතිනි