Saturday, April 20, 2024

ගෝටාගේ එක නීතියේ කාර්ය සාධක බලකායේ නායක ඥණසාරගේ අනීතික හැසිරීමේ වාර්තාව මෙන්න!

එක් රටක් සහ එක නීතියක් සඳහා වූ සාමාජිකයින් 13 දෙනකුගෙන් යුතු ජනාධිපති කාර්යය සාධක බළකායක් ස්ථාපිත කරමින් එහි ප්‍රධානියා බවට ගලබෙඩඅත්තේ ඥණසාර හිමි පත් කිරමින් ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයක් මෙරට නීතිය සහ අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

එක් රටක් එක් නීතියක් මෙරට පවතින්නේ නම් ඥණසාර හිමි සිටිය යුත්තේ සිර ගෙදරය.

මෙම පුද්ගලයා බෞද්ධ භික්ෂුවක ලෙස හැදින්වීම දුෂ්කර අනීතික සහ සමජ විරෝධි භාවිතයක් ඇති අයෙකි.

මෙහි කිසිදු දෙමළ ජාතිකයකු නැත.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට වරදකරු වූ ඥනසාරට ජනාධිපති සමාවක් දී නිදහස් කිරීමම මෙරට සැමට බලපාන එක් නීතියක් නැති බවට ජීවමාන සාක්ෂියකි.

2018 ජූනි මසදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ද වින්දිත සාක්ෂිකාරිය වූ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට අධිකරණය තුළදී තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමකට යටත් කර තිබිණ.

අනතුරුව 2018 අගෝස්තු මාසයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වූ නඩුවකදී සෙසු අපරාධ නඩු විධාන කාර්ය පටිපාටියට බාධා කිරීම සහ, සෙසු කරුණු අතර, රජයේ නීතීඥවරයාට තර්ජනය කිරීම ඇතුළු අධිකරණයට අපහාස කිරීමේ චෝදනා 4 කට ගලගොඩඅත්තේ ඥානසාර හිමි වරදකරු බව අභියාචනාධිකරණය විසින් තීන්දු කරන ලදී. මෙම සිදුවීම හටගත්තේ, අතුරුදන්වීමේ නඩුවක සැකකරුවන් වන හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ ඇප අයදුම්පතක් ප්‍රතික්ෂේප කළ වහාම ය. වසර 6 කින් එකවර ගෙවී යන පරිදි වසර 19කට බරපතළ වැඩ ඇතිව සිරදඬුවමකට ඔහුව යටත් කරන ලදී.

අද ඥණසාර නිදහස් පුද්ගලයකු ලෙස සිටින්නේ ජනාධිපති සිරිසේන විසින් එක් රටක් නීති දෙකක් ඇති බව සනාථ කරමින් ඥණසාර ජනාධිපති සමාව දුන් නිසාය.
ගෝඨාභය රාජපක්ෂ විසින් දෙන ලද නව තනතුර අනුව කටයුතු කරන බව පෙන්වීමට නම් ඥණසාර මුලින්ම කළ යුත්තේ ස්වකැමැත්තෙන් එකී ජනාධිපති සමාව ප්‍රතික්ෂේප කර මහාධිකරණය විසින් දෙන ලද දඩුවම ගෙවීමට සිරගත වීමය.

ඥණසාරටගේ වෛර භාෂව සහ ප්‍රචන්ඩ හැසීරීම කුප්‍රසිද්ධය. ඒ ලැයිස්තුව මාගලක් මෙන් දිගය.

පසුගිය 22 දින ඥානසාර තෙරට එරෙහිව ගොනුකර තිබෙන ඒක් නඩුවක් ජනවාරි මස 21 වනදා විභාගයට ගැනීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. 2017 වසරේ වැලිකඩ පොලිස් වසම තුළ මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකිරීමට ගිය පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි ඒම නඩුවෙන් ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබේ.

සැප්තැම්බර් 13 දින පැවැත්වූ හිරු ටීවී ‘සළකුණ’ වැඩසටහන අතරතුරදී ඥණසාර තෙර විසින් ළඟදීම පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාරයක් සිදුවන බවට කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස මෙරට කතෝලික සභාව සහ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය රජයෙන් ඉල්ලා සිටියේය.

නමුත් ජාතික ආරක්ෂා ඇමැති වීරසේකර කියා සිටියේ එම ප්‍රකාශය ගැන තමන් එහිමියන්ට ස්තුතිවන බවය. එක් රටක එක් නීතියක් ඇත්නම් ඥණසාරගෙන් ප්‍රශ්ණ කළ යුතුව තිබුණි. එවැන්නක් සිදු වුයේ නැත.

ඒ වෙනුවට සිදුවූයේ ත්‍රස්ත ප්‍රහාරයක් ඇතිවන බවට කතෝලික දේවස්ථාන හතරකට නාවික හමුදාව ව්‍යාජ අනතුරු හැඟවීමක් කර ඤණසාරගේ ප්‍රකාශයට බලයක් ලබා දීමයි.

නාවික හමුදාවේ එම ව්‍යාජ අනතුරු හැඟවීම ගැන පරීක්ෂණක් කරන ලෙස කතෝලික සභාව කළ ඉල්ලීමද එක් රටක් එක් නීතියක් නැති නිසාම කුණු කූඩයට ගියේය.

පාස්කු ප්‍රහාර පිළිබඳව විසමා බැලූ ජනාධිපති කොමිසම ඥණසාරට එරෙහිව ආගමික හා ජාතිවාදී මත පතුරවමින් රට තුළ අසහනාකාරී තත්ත්වයන් ඇති කිරීම සම්බන්ධයෙන් නඩු පැවරිය යුතු බවට නිර්දේශ කර තිබුණි.

2000 මැයි 22 දින නඩු අංක 6315/200 යටතේ කොළඹ රථවාහන උසාවියේදී මත්පැන්වල බලපෑම යටතේ රිය පදවන විට හටගත් රිය අනතුරක් සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී ද ඔහු වරදකරු බවට පත් කරන ලදී.

අලුත්ගම මුස්ලිම් විරෝධී කෝලාහල සම්බන්ධයෙන් ද දිගන මුස්ලිම් විරෝධී කෝලාහල සම්බන්ධයෙන්ද ඥණසාරට විරුද්ධව විවිධ චෝදනා එල්ල විය.

වැඩි දුර කියවීමට

2017 සැප්තැම්බර් මාසයේදී ඥණසාර විරුද්ධව ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් තිබූ නඩුවක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය විසින් ඉවත් කර ගන්නා ලදී. එබැවින් එම පැමිණිල්ල බහා තබන ලෙස ද අධිකරණය තීරණය කළේය.

මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ මුස්‌ලිම් ජනතාවට, ඉස්‌ලාම් ආගමට හා අල්ලා දෙවියන්ට අපහස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කළ පැමිණිල්ලක්‌ අනුවය. එම පැමිණිල්ල අනුව අත්අඩංගුවට ගනු ලැබූ ඥනසාර හිමියන් රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදා හැර තිබුණි.

වැඩි දුර කියවීමට

ඥණසාර හිමිට මෙම පත්වීම ලබාදීම දැනටමත් සමාජ මාධ්‍ය ඔස්සේ දරුණු උපහාසයන්ට සහ විරෝධයන්ට උපත දී තිබේ.

පාර්ලිමේන්තු මංත්‍රී ශානක්කියමන් රාසමානික්කම් ට්විටර් පණිවඩයක් මගින් අසන්නේ අපරාධකරුවකුට මෙවැනි තනතුරක් දීම ජොක් එකක් නොවන්නේ ද යන්නයි.

ඊටත් වඩා විහිලුව වන්නේ ඥණසාර යටතේ වැඩ කිරීමට මුස්ලිම්වරුන් හතර දෙනෙකුද පත් කර සිටීමයි. එය නරියකු යටතේ වැඩ කිරීම කුකුළන් පත් කිරීමක් හා සමානය.

දේශපාලන අංශ පෙන්වා දෙන්නේ යන එන මං නැතිව සිටින ජනාධිපති රාජපක්ෂ දැන් ගංවතුරකට එරෙහිව පිදුරු ගහක පවා එල්ලෙන තත්වයකට පත්ව ඇති බවයි.

Archive

Latest news

Related news