Friday, May 3, 2024

නඩු අස්කර ගනී! ඥණසාරගේ වෛර භාෂාවට ආණ්ඩුවේ අනුමැතිය!!

ජායාරූපය: දැන් ඉතිං ඥාණසාරට සුලකර ජනයාට එරෙහිව ඇති තරම් කුණුහරැප වදාරන්නට ආණ්ඩුවෙන් ලයිසන් තිබේ.

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පැවරීමක්‌ සිදු නොකරන බවට සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය පසුගිය 29 දා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන් බව දිවයින වාර්තා කරයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්‌ඨාසය  ඥාණසාර හිමියන්ට එරෙහිව  පැමිණිල්ලට අදාළව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමක්‌ සිදුනොකරන බැවින් එම පැමිණිල්ල බහා තබන ලෙසද  අධිකරනයෙන් ඉල්ලා සිට තිබේ.

මේ   අනුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ජාතීන් අතර අසමඟියක්‌ ඇතිවන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහි පැමිණිල්ල කැඳවීම් ගොනුවෙන් ඉවත් කර බහා තබන ලෙසට නියෝග කර ඇත.

මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ මුස්‌ලිම් ජනතාවට, ඉස්‌ලාම් ආගමට හා අල්ලා දෙවියන්ට අපහස වන ආකාරයෙන් ප්‍රකාශ සිදු කළේ යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා කළ පැමිණිල්ලක්‌ අනුවය.  එම පැමිණිල්ල අනුව  අත්අඩංගුවට ගනු ලැබූ ඥනසාර හිමියන් රුපියල් 10,000 ක මුදල් ඇප හා රුපියල් ලක්‌ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදා හැර තිබුණි.

මෙමගින් පෙනී යන්නේ ඥණසාරගේ වෛර භාෂා ප්‍රහාරයන්ට ජනාධිපති සිරිසේන දක්වන අනුග්‍රහය බවයැයි දේශපාලන විචරකයෝ පවසති. ඥණසාර බේරා ගැනීම පිනිස ඉදිරිපත්ව සිටින්නේ ජනාධිපති සිරිසේනගේ උපදේශකයකු වන උලපනේ සුමංගල හිමි නම් තැනැත්තාය.

Archive

Latest news

Related news