Friday, April 26, 2024

2021 සැප්තැම්බර් මරාගේ ඉතාලි ඇන්ජීඕ සංචාරයට රජයෙන් කෝටි දෙක හමාරක් අරං

2021 සැප්තැම්බර් මාසයේදී එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂ  රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වන ලද රැස්වීමකට සහභාගිවීම සඳහා කරන ලද සංචාරයට මහජන මුදල් කෝටි දෙකහමාරක්ටත් වඩා වැය කර තිබේ.

මේ බව හෙළි වන්නේ තොරතුරු දැන ගැනීමේ අයිතිය යටතේ කරන ලද ඉල්ලීමක් මගිනි.

කේ. දිලිප් අමුදන් නම් අයකු විසින් එම වියදම් ඉල්ලා 2021 සැප්තැම්බර් 07වන දින කරන ලද ඉල්ලීම මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට තර්ජනයක් වනු ඇතැයි කියා අගමැති කාර්යාලය විසින් මුලින් ප්‍රතික්ෂේප කර තිබේ.

වැය කරන ලද මහජන මුදලක තොරතුරු අගමැතිවරයාගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ඉල්ලුම්කරු පිළිගෙන නැති අතර තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

මෙම අභියාචනය 2022 පූනි මාසයේදී විභාග කරන ලද අතර එහි තීන්දුව අනුව තොරතුරු ලබා දෙන ලෙස නිර්දේශ කර තිබේ.

මෙම සංචාරයට එවකට විදේශ ඇමැති වූ මහාචාර්ය ජී.ඒල්.පීරිස් ද සහභාගි වූ නමුත් ඔහුගේ වියදම් මෙම ලැයිස්තුවේ නැත.

ලබා දෙන ලද තොරතුරු අනුව පෙනී යන්නේ ඒම සංචාරය සඳහා අගමැති කාර්යාලයෙන් පමණක් රුපියල්  26.684.362.43 ක ( දෙකෝටි හැට හය ලක්ෂ අසූහතරදාස් තුන්සිය හැටදෙකක් සහ ශත හතලිස් තුනකි) මුදලක් වැය කර ඇති බවයි. ඔහුගේ කණ්ඩායම ටෙලි පොම්ටර ක්‍රියාකරවන්නියකද ඇතුලක් වී තිබේ. යෝශිත රාජපක්ෂද  එම සංචාරයට එක් වී තිබුණි. මෙම පිරිස ඉහළම පෙළේ හෝලෙයක නතර වූ අතර ඒ සඳහා රුපියලු එක් කෝටි හැටහය ලක්ෂයක් ගෙවා තිබේ. ආහාර සඳහා වියදම ලක්ෂ 13කි.

මෙම සංචාරය ආණ්ඩුවේ මාධ්‍ය විසින් හදුන්වා දෙන ලද්දේ  සංවධිත රටවල් 20 පවත්වන වාර්ශික රැස්වීමට සම්බන්ධ එකක් ලෙසය. ඇත්ත වශයෙන්ම නම්   G20 ඉතාලි අන්තර් ආගමික සමුළුව වූ අතර එය සංවිධානය කරන ලද්දේ G20 Interfaith Forum (IF20) නම් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය විසිනි.

මෙම රැස්වීමට ගිය රාජපක්ෂ වාඩිවී සිටියේ ලාබ ප්ලාස්ටික් පුටුවකය. තමා එහි  ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව ඒ සඳහා සූදානමින් සිටින බවට රාජපක්ෂ මුහුණූ පොතේ සටහනක් තබා තිබූ නමුත් ඔහුට තිබුණේ නිකම්ම නිකමි කතාවකි.

තවද තමා ඉතාලි ආණ්ඩුව සමඟ සාකච්චා කරන බවද සඳහන් කර තිබූ නමුත් එවැනි කිසිදු සාකච්ජාවක් සිදු වුයේද නැත

එය මහජන මුදලින් රාජපක්ෂවරු ගිය තවත් වූන් සංචාරයක් පමණක් බවට පත් විය.

ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

එම සංචාරය පිලිබද අප පළ කළ ලිපිය: අගමැති රාජපක්ෂ සහපිරිවරින් ඉතාලි ගියේ රාජ්‍ය නොවන සංවිධාන රැස්වීමකට

Archive

Latest news

Related news