Friday, April 26, 2024

අගමැති රාජපක්ෂ සහපිරිවරින් ඉතාලි ගියේ රාජ්‍ය නොවන සංවිධාන රැස්වීමකට

2020 ජපානයේ පැවැති G20 Interfaith Forum රැස්වීිමේ සමූහ ජායාරූපය.

අගමැති රාජපක්ෂ ඊයේ 11 ඉතාලිය බලා පිටත්ව ගියේ ජි 20 නමින් හැදින්වෙන ලෝක ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කරන එකතුවට කිසිදු සම්බන්ධයක් නැති අන්තර් ජාතික රාජ්‍ය නොවන සංවිධානයක රැස්වීමකට බව සනාථ වී තිබේ.

G20 ඉතාලි අන්තර් ආගමික සමුළුව නමින් පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරන්නේ G20 Interfaith Forum (IF20) නම් අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානය විසිනි.

මෙම සංවිධානයට ආධාර ලබා දෙන්නේ මූලික වශයෙන්ම සංවර්ධිත රටවල ආගමික රාජ්‍ය නොවන සංවිධාන විසිනි.

ඒ අතර කැරිටාස් යන කතෝලික සහනාධාර ආයතන ද ක්‍රිස්ටියන් ඒඩ් නම් ක්‍රිස්ත්‍රියානි සහනාධාර සංවිධානය ද ඇමෙරිකානු ඉස්ලාමීය සහන සංවිධානය සහ ලෝක යුදෙව් කොන්ග්‍රසය ද වේ.

එයට සම්බන්ධ කිසිදු ලෝක බෞද්ධ සංවිධානයක් නැත.

මෙම සංවිධානයට අඩුව වශයෙන් ජී 20 රටවල වාර්ශික සමුලුවට අදහස් ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් ලබා දී නැත.

එසේ නමුත් “W20” for women and a “C20” for civil society නම් රාජ්‍ය නොවන සංවිධාන දෙක ඇතුලු සංවිධාන අටකට ජි 20 සමුලුව අතුරතුර සමාන්තර රැසවීම් පැවැත්වීමට සහ ජී 20 රටවල් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව තිබේ.

ඇදහිලිවන්තයින්ගේ නායකයින් .. ලෙස හදුන්වා ගැනීම

මෙම G20 Interfaith Forum (IF20) තමන් හදුන්වා ගන්නේ ඇදහිලිවන්තයින්ගේ එකතුවක් ලෙසය.

මෙම සමුලුවට සහභාගි වීමට අගමැති රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ සහ බිරිද අතුලු විශාල පිරිසක් රජයේ අරමුදල් වැය කරමින් සහභාගි වීම පිනිස විශේෂ ගුවන් යානයකින් ඉතාලිය බලා පැමිණ තිබේ.

අගමැති රාජපක්ෂගේ පේස්බුක් පිටුවෙහි ඇත සටහන මෙසේය:

G20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලියට ළඟාවීම
G20 ඉතාලි අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය මා ඇතුළු ශ්‍රී ලාංකික දූත පිරිසට අද (10) පස්වරුවේ එරට බොලොඤ්ඤා නුවර ගුග්ලි එල්මෝ මාර්කෝනි ගුවන් තොටුපළ වෙත ළඟා වීමට හැකි විය.
G20 ඉතාලි අන්තර් ආගමික සමුළුව (G20 Interfaith Forum Italy) අනිද්දා (12) බොලොඤ්ඤා නුවර දී ආරම්භ වීමට නියමිත ය. එහි ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පවත්වන ලෙස ලැබුණු ආරාධනාව අනුව ඒ සඳහා සූදානමින් සිටිමි.
මෙවර එම සමුළුවේ තේමාව වී ඇත්තේ “සංස්කෘතීන් අතර සාමය සහ ආගම් අතර අවබෝධය” යන්නයි.
මෙම සංචාරයේ දී G20 අන්තර් ආගමික සමුළුවට සමඟාමීව රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට ද සැලසුම් කර ඇත.
ඉතාලි අග්‍රාමාත්‍ය මරියෝ ඩ්‍රැගී (Mario Draghi) මහතා, යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති ඩේවිඩ් සසෝලි (David Sassoli ) මහතා සහ ස්ලෝවෙනියා ජනාධිපති බොරුට් පාහෝර් (Borut Pahor) මහතා එසේ හමුවීමට නියමිත රාජතාන්ත්‍රිකයින්ගෙන් කිහිප දෙනෙකි.

එසේ නමුත් ලංකා ඊ නිව්ස් විසින් පළ කර ඇති පහත සඳහන් විස්තර පත්‍රිකාවට අනුව අගමැති රාජපක්ෂට ආරාධිත දේශණයක් නැත. ඔහුගේ කතාව නිකම්ම කතාවක් පමණි.

මෙම සමුලුවට කිසිදු සංවර්ධිත රටක රාජ්‍ය නායකයකු සහභාගි වන්නේ නැත.

ආණ්ඩුවේ ඩේලි නිව්ස් පුවත්පත අගමැති චාරිකාව ගැන නිහඬය.

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන මර්දනයක් මුදා හැර ඇති රාජපක්ෂ පාලනය මහජනයාගේ මුදලින් අන්තර් ජාතික ආගමික රාජ්‍ය නොවන සංවිධානයක සමුලුවකට සහ පිරිවරින් පැමිණ සහභාගි වීම රාජ්‍ය මෙන්ම රාජපක්ෂවාදී ජනමාධ්‍ය විසින් ද වසං කර ඇත්තේ එ පිළිබඳව කිසිවක් වාර්තා නොකිරීම මගිනි.

(SLB)

Archive

Latest news

Related news