Saturday, April 27, 2024

විරෝධතාකරුවන් ඝාතනය කිරීමට කළ, අමනුෂ්‍ය නන්නත්තාරගේ අයිඑම්එෆ් ප්‍රකාශය අමූලික බොරුවක් බව සනාථ වේ.

ඡාායරූපය: රනිල් රාජපක්ෂ වෙනුවෙන් බොරු පුවත් පළ කිරීම සම්බන්ධයෙන් නම් දරා ඇති වික්‍රමසිංහ පවුලේ පුවත්පතක් වන ඩේලිමිරර් එම සාවද්‍ය ප්‍රකාශයට විශාල ප්‍රචාරයක් දුන්නේය.

අමනුෂ්‍ය නන්තතාර යනුවෙන් වෙබ් ලේඛකයින් විසින් නම් පටබැඳ ඇති සහ දි අයිලන්ඩ් කතුවරයා විසින් දේශපාලන වදුරකු ලෙස නම් කරන ලද රනිල් රාජපක්සගේ ඇමැතියකු වන මනුෂ නානායක්කාර විසින් පසුගියදා විරෝධතාකරුවන්ට විරුද්ධව කරන ලද ප්‍රකාශය අමූලික මුසාවක් බව, කරුණූ විමසීමේ ආයතනයක් වන FACT CHECK පෙන්නුම් කරයි.

නන්නත්තාරගේ එම ප්‍රකාශයට විශාල ප්‍රසිද්ධියක් රනිල් රාජපක්ෂ මාධ්‍ය විසින් ලබා දෙන ලදී.

එම ප්‍රකාශය නන්නත්තාර විසින් කරන ලද්දේ විරෝධතාකරුවන් මර්දනය කිරීමේ රනිල් රාජපක්ෂ සැළැස්ම සාධාරණ කරනු පිනිසය. එම පුවත්පත් සාකච්ජාවේදීම විරෝධතාකරුවන් සන්නද්ධ කණ්ඩායමක් බවට ද ඔහු විසින් අමූලික මුසාවක් ප්‍රකාශ කරන ලදී.

FACT CHECK විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පහත පළවේ:

FACT CHECK : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවක් ඇති කරගැනීමට බැරි වුණේ විරෝධතාකරුවෝ නිසා ද ?

ශ්‍රී ලංකාව මේ වනවිට දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. මෙම අර්බුදයෙන් ගොඩ ඒමට සහාය ලබාගැනීම සඳහා ජාත්‍යන්තර අරමුදලට යෑමට අවශ්‍ය යැයි ආර්ථික විද්‍යාඥයන් පෙන්වා දී තිබිණි. මේ හේතුවෙන් සමාජ මාධ්‍ය තුළත්, ඉන් පරිබාහිරවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කෙරෙන සාකච්ඡා යනාදිය සම්බන්ධයෙන් සැළකිය යුතු කතාබහක් ඇති වී තිබිණි.  රට තුළ පවතින විරෝධතා ද ඊට ඈඳා ගනිමින් මේ කතාබහ නිර්මාණය වී තිබිණි.

මෙවැනි පසුබිමක, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අගෝස්තු මස පළමු සතියේ දී මෙරටට ශ්‍රී ලංකාව සමඟ කාර්යමණ්ඩල මට්ටමේ (මාණ්ඩලික) එකඟතාවක් ඇති කරගැනීමට නියමිතව සිටි බවත් රටේ ඇති වූ කලහකාරී තත්ත්ව නිසා එය කල් ගොස් ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජූලි මස 25 වැනිදා පැවැති මාධ්‍ය හමුවමකදී පැවැසීය. අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රකාශය අසත්‍ය යි. මාධ්‍ය හමුවට මෙතැනින්,

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ කාර්ය මණ්ඩල මට්ටමේ (මාණ්ඩලික) එකඟතාව සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම පහතින් දැක්වේ.

“අයි.එම්.එෆ් (IMF) එක අගෝස්තු මාසේ මුල් සතියේ ලබා දෙන්න තිබිච්ච අපට ලබාදෙන්න තිබිච්ච ස්ටාෆ් ලෙවල් ඇග්‍රීමන්ට් (staff level agreement) එක ඒ එකගතාවයත් එක්ක අපට ලැබෙන්න තිබිච්ච මුදල් මේ ඇතිවෙච්ව කලහකාරී තත්ත්වයත් එක්ක කල් ගිහිල්ලා තියෙනවා.

අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රකාශය උපුටා දක්වමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ද එම ප්‍රවෘත්තිය වාර්තා කර තිබිණි. මෙතැනින්,

මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම ෆේස්බුක් (Facebook) සමාජ මාධ්‍ය ජාලය තුළ පළ වූ තිබූ සටහන් (Posts)වල තිර ඡායාරූප (Screenshots) කිහිපයක් පහතින් දැක්වේ.

අප මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විමසීමක් කරන ලදී.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කර සිටින ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ දූත මණ්ඩල ප්‍රධානී මසාහිරෝ නොසාකි අපගේ විමසීමට මෙලෙස ප්‍රතිචාර දක්වා තිබිණි.

“ශ්‍රී ලංකාවේ තත්ත්වය අපි සමීපව නිරීක්ෂණය කරන්නෙමු. මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් සමඟ අපි තාක්ෂණික මට්ටමේ සාකච්ඡා පවත්වාගෙන යන්නෙමු. එමෙන්ම විස්තීර්ණ මූල්‍ය පහසුකමක් සඳහා කාර්ය මණ්ඩල මට්ටමේ (මාණ්ඩලික) එකඟතාවක් ඇති කරගැනීමට නව පරිපාලනය සමඟ ප්‍රතිපත්ති සාකච්ඡා සඳහා ද අප සූදානම්”.

“We are closely monitoring the ongoing developments in Sri Lanka. We are continuing technical discussions with our counterparts in the Ministry of Finance and Central Bank of Sri Lanka and are ready for policy discussions with the new administration towards reaching a staff-level agreement on the EFF arrangement.”

කාර්යමණ්ඩල මට්ටමේ (මාණ්ඩලික) එකඟතාවක් සඳහා ප්‍රගතිය අත්පත් කරගත හැක්කේ බලධාරීන් සමඟ කෙරෙන සාකච්ඡාවලින් පමණි. කළමනාකාර අධ්‍යක්ෂ ඇඟවූ පරිදි, අපට අපගේ සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි ආණ්ඩුවක් පැමිණි විගස අප එම සාකච්ඡා ඉදිරියට ගෙන යනවා. අපගේ තේරුම් ගැනීම අනුව දැනට තිබෙන තත්ත්වය මෙය වන අතර අප අපගේ සාකච්ඡා ඉදිරියට ගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු”.

“Progress towards a staff level agreement can only be made in discussions with the authorities. As the Managing Director indicated, as soon as there is a government that we can continue our discussions with, we will do so. Our understanding is that this is now the case and we look forward to continuing our discussion.”

අප මේ සම්බන්ධයෙන් දැනුම ඇති කොළඹ සිටින ආර්ථික විද්වතකුගෙන් ද විමසීමක් කරන ලද අතර නම සඳහන් නොකිරීමේ පොරොන්දුව මත ඔහු මෙසේ පැවැසීය.

“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණේ විරෝධතා හේතුවෙන් නෙමෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රමාණවත් මූල්‍ය සහතිකයක් ඉල්ලා තිබෙනවා. ණය තිරසර බව, අන්තර්කාලීන අයවැයක්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ණය පිළිබඳ විශ්ලේෂණයක් සහ ණය හිමියන්ගෙන් එකඟතා සහ සහතියක් යන කරුණුත් ඊට අයත් වෙනවා. ආණ්ඩුවෙන් මේ කියන කරුණු ප්‍රමාණවත් පරිදි ඉටු නොවීම නිසා තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවයකට පැමිණීමට නොහැකි වෙලා තියෙන්නේ. නැතුව විරෝධතා නිසා නෙමෙයි. කොහොම නමුත් ආණ්ඩුවක් නොතිබුණු සමයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා පෑවැත්වූයේ නැහැ. එයත් කෙටි කාලයකට පමණයි. එසේ වුවත් එම කාලයේදීත් ඉන් පෙර සහ ඊට පසුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා මහ බැංකුව සහ භාණ්ඩාගාරය සමඟ අඛණ්ඩව සාකච්ඡා පැවැත්වුවා.”

අප මේ සම්බන්ධයෙන් ආර්ථික විද්වතකු වන ඇඩ්වෝකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දුගෙන් විමසීමක් කරන ලදි.

“ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය කෙරෙන ව්‍යුහාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුවෙන් පොරොන්දුවක් සහ අනුමැතියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වනවා. ආණ්ඩුවේ ඒ සඳහා කැපවීමක් නොමැති බව ප්‍රතිසංස්කරණ කිරීමට ධාරිතාවක්/හැකියාවක් නොමැති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සැකයක් ඇති වුවහොත් එකඟතාවක් ඇති කරගැනීමට කාලයක් ගත වෙනවා. නැතිනම් අදාළ ක්‍රියාවලි ප්‍රමාද වෙනවා”.

අප මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන්/භාණ්ඩාගාරයෙන් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විමසීම් කළ ද එම පාර්ශවවලින් අපට ඊට අදාළ පිළිතුරු නොලැබිණි. (ජූලි 29)

නිගමනය : ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල (මාණ්ඩලික) මට්ටමේ එකඟතාවකට පැමිණීමට නොහැකි වූයේ විරෝධතාකරුවන් සහ කලහකාරී තත්ත්වය නිසා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කළ ප්‍රකාශය මහජනතාව නොමඟ යවයි.

Archive

Latest news

Related news