Saturday, April 20, 2024

වියරුවට එරෙහිව: සිවිල් සමාජ ප‍්‍රතිසංස්කරණ යෝජනා

විපක්ෂයේ පොදු අපේෂකයා ජයග්‍රහණය කරවන අතරම සිය ප්‍රතිසංස්කරණ යෝජනා මහා ජනයා අතරට ගෙන යෑම පිණිස වියරුවට එරෙහිව නමින් රටපුරා උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති පුළුල් සිවිල් සමාජ එකතුවක් විසින් සකස් කරන ලද අදට අවශ්‍ය වෙනස්කම් යෝජනා මාලාව ශ්‍රී ලංකා බ්‍රීප් වෙත ලැබී තිබේ. පසුගිය 25දින කොලඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපට පැවැත් වු උද්ඝෝෂණයට මහත් ජනතා සහයෝගයක්ලද බව එහි ක්‍රියාකාරිනියක අප වෙක පැවැසී ය.එදින බෙදා හරින ලද ප්‍රචාරක පත්‍රිකා මහත් උනන්දුවෙන් ලබා ගෙන කියැවූ ජන පිරිස් දක්වන ලද උනන්දුව මෑතකාලයේ දක්නට නොලැබුණූ එකක බවද වාර්තාවේ.

එම යෝජනා මාලාව පහත පළවේ.

පූර්විකාව

පවත්නා සමාජ, ආර්ථික හා දේශපාලන කි‍්‍රයාකාරිත්වයේ අයහපත ශ‍්‍රී ලංකාවාසී සකල ජනතාවම ක‍්‍රමයෙන් වටහා ගනිමින් සිටිති. පාලකයින්ගේ සුඛවිහරණය හා බල ලෝභය උදෙසා රටේ සමිපත් මෙන්ම අනාගත පරපුරද කැපකිරීමට අද සිදුව ඇත. ඒක පුද්ගල ආදායම වර්ධනය රටේ දුප්පත්කම පිලිබද චිත‍්‍රය විකෘති කිරීමට යොදා ගන්නා අතර ජනතාවගේ ඇති නැති පරතරය වර්ධනය වීම නොසලකා හැර ඇත. සංවර්ධනය නමින් මෙගා සංවර්ධන ව්‍යාපෘතීන් තුලින් රටේ ජනතාව මුලාවෙන් මුසපත් කළද, , මුළු රටම ණය බරින් පීඩාවට පත්කරමින් හා ස්වාභාවික සමිපත් හා පරිසරය වනසමින් සිදුකරන ව්‍යාපෘතීන් නිසා අපගේ දේශයේ විනාශය අප විසින්ම සලසා ගනිමින් සිටිමු. ආහාර නිෂ්පාදනය කරන්නන්, කමිකරුවන් හා මෙම සියළුම ක්ෂේත‍්‍රයන්හි කාන්තාවන් ගේ ජීවන මටිටම හා ජීවිකාවන්හි බරපතල කඩාවැටීමි, වෘත්තිය අයිතීන් අහිමි කිරීමි නිසා ඇතිවන අරගල මෙන්ම මෙම අරගල යටපත් කිරීමට නීතිය හෝ මිලිටරිය උපයෝගී කරගැනීම වර්ධනය වීමක් දක්නට ඇත. වතුකරයේ ජීවත්වන ජනතාව වසර 200 කට ආසන්න කාලයක් මෙම රට පෝෂණය සදහා උර දුන්නද මෙතෙක් පුරවැසියන් ලෙස ඔවුන්ට කිසිදු සමාජමය පිලිගැනීමක් නොමැති වීම බලවත් අසාධාරණයකි.

දරුවන්ගේ අධ්‍යාපනය පිලිබද ඇති බලාපොරොත්තු බිද දමමින් පාසැල් හැරයාම, පාසැල් වැසීයාම හා උසස් අධ්‍යාපනයට පහසුකමි අහිමි කිරීම වර්ධනය වේ. සෞඛ්‍යය ක්ෂේත‍්‍රයද ජනතා අවශ්‍යතා ඉටුකිරීමට නොහැකි මෙන්ම සමාජ ආර්ථික විශමතාවය නියෝජනය කිරීම නිසා බහුතරයක් ජනතාවට මුහුණදීමට සිදුව ඇති ගැටළු තව තවත් උග‍්‍රකරයි.

 

මෙරට ජීවත්වන ජනවාර්ගික සුළුතර ජනතාවගේ අයිතීන් පිලිබදව මෙතෙක් විධිමත් මැදිහත්මක් සිදුනොවීම නිසාත් බලය බෙදීම මගින් එකී ජනතාවගේ අයිතිය උදෙසා සිදුකල හැකි අවම මැදිහත්වීම හෝ ආපසු හැරවීමට ගන්නා ජාතිකවාදී ප‍්‍රයත්නයන් කිසිසේත් රට ඉදිරියට ගෙනයාමට හේතු නොවන නිසා කිසිසේත් අනුමත කල නොහැක. ඒ වෙනුවට රට ඉදිරියට ගෙන යාමට සියළු ජාතීන්ගේ අවශ්‍යතාවයන්ට ආමන්ත‍්‍රණය කල හැකි කි‍්‍රයාවලියකට වහාම අවතීර්ණ විය යුතුය. මෙය සියළු ජාතීන් සංහිදියාවෙන් එකමුතු කරන කි‍්‍රයාවලියකට යොමුකිරීමට හැකි බලය බෙදාගන්නා ප‍්‍රයත්නයක් බවට පත්කර ගත යුතුය. මේ සදහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් මගින් පියවර ගත යුතුය.

මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සංවරණය හා තුලනය තුලින් සිදුකල යුතු අතර නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරන හා ජාත්‍යන්තර මානව හිමිකම් වලට අනුකූල කි‍්‍රයාකාරිත්වයක් දක්වා වර්ධනය කල යුතුය. රට ශිෂ්ඨ සමිපන්න මාවතකට අවතීර්ණ කරවීම සදහාත්, යහපාලනයක් හා මානව හිමිකමි ගරුකරන සියල්ලන්ට සමානාත්මතාවයෙන් හා ගරුත්වයෙන් ජීවත්විය හැකි වටාපිටාවක් තැනීම උදෙසාත් ආර්ථික හා සමාජීය වර්ධනය උදෙසාත් කි‍්‍රයාකාරීවන සිවිල් සමාජ සංවිධාන ලෙස අප මෙවන් සමාජ වටාපිටාවක් තැනීම සදහා කැපවී පසුගිය දශක කිහිපය පුරාම කි‍්‍රයාත්මකවී ලද පන්නරය හා ජනතාවගේ හඩට සංවේදී වෙමින්, මෙම ප‍්‍රතිසංස්කරණ යෝජනාවලිය සකසා ඇත. මේ සදහා පසුගිය මාස 6 ක කාලය කැපකරමින් ගමිමාන මටිටමින් මෙන්ම ඉහල තලයේ සිදුකරන ලද සංවාද සමිමන්ත‍්‍රණ මෙන්ම වාද විවාද හරහා ක්ෂේත‍්‍ර ඔස්සේ සිදුකරන ලද කරුණු අවසානයේ පොදු සංවාදයක් තුලින් ගොණුකර මෙසේ ඉදිරිපත් කරමු.

නමුත් මෙම සංවාදය මෙතෙක් හමාරවී නැත. යහපත් සමාජ වටාපිටාවක් ගොඩ නැගීම සදහා ගන්නා ප‍්‍රයත්නයට දේශපාලන පක්ෂ එක්සත්ව ගන්නා ප‍්‍රයත්නයට සිවිල් සමාජයේ දායකත්වය ලෙස මෙම යෝජනාවලිය ඉදිරිපත් කරමු. එසේම මෙම යහපත් සමාජය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගැනීමේ පූර්ණ දායකත්වය සනිටුහන් කරමින් මෙම යෝජනාවලිය සමාජගත කරමු. මෙම යෝජනා සාක්ෂාත් කරගැනීමට අපි කැපවීමෙන් කි‍්‍රයාකරන බවටද අපි ප‍්‍රතිඥා දෙමු.

යෝජනා මාලාව සම්පූර්නයෙන්ම පීඩීඑෆ් ගොනුවක් ලෙස සිංහල බසින්  Proposals for reform by civil society collective Nov 2014

උද්ඝෝෂනයේ පින්තූර විකල්ප අඩවියෙනි

IMG_0320-1024x682

වියරුවට එරෙහිව උද්ඝෝෂන ව්‍යාපාරයේ කැදවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු ජනතාව අමතමින්
වියරුවට එරෙහිව උද්ඝෝෂන ව්‍යාපාරයේ කැදවුම්කරු බ්‍රිටෝ ප්‍රනාන්දු ජනතාව අමතමින්

Archive

Latest news

Related news