Saturday, April 27, 2024

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ගැන උතුර නැගෙනහිර රදගුරුවරුන්ගෙන් වාර්තාවක්

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය – රදගුරු සභාව රැස්වෙයි – උතුර නැගෙනහිර රදගුරුවරුන්ගෙන් වාර්තාවක්

ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය ගැන ශ්‍රී ලංකා කතෝලික සභාවේ රදගුරුවරුන් එක්රැස්වී සාකච්ඡා කිරීමට ඇතයි කොළඹ රදගුරු නිවස ආරංචි මාර්ගවලින්  වාර්තාවේ.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් මැල්ගම් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ලබන 1 වැනි දින රදගුරුවරුන් එක්රැස්වී සාකච්ඡා කිරීමට ඇති බවත් පාප් වහන්සේගේ පැමිණීම ගැන තහවුරු කළ හැක්කේ ඉකුත් සාකච්ඡාවෙන් අනතුරුව බවද වාර්තාවේ

ජනවාරි මස 8 වන දින ජනාධිපතිවරණය ප්‍රකාශ කර ඇති අවස්ථාවක ජනවාරි මස 13වන දින ශුද්ධෝත්තම පාප් වහන්සේ ශ්‍රී ලංකාවෙහි සංචාරය කිරීම සම්බන්‍ධයෙන් වතිකානු පරිපාලකයන් කැමැත්තක් දක්වා නොමැති බව පෙන්වාදුන් අගරදගුරු නිවස මේ සම්බන්‍ධයෙන් සාකච්ඡා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඇතයි පවසා තිබේ.

සඳුදා දින සිට දින තුනකට පැවැත්වෙන සාකච්ඡා සැසිවාරයදී වත්මන් වාතාවරණය ගැන සොයා බැලීමට ඇති බවත්, ජනාධිපති අපේක්‍ෂකයන් ජාතික ප්‍රශ්ණය විසඳීම සම්බන්‍ධ තම ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවට කෙටුම්පතක්ද සම්මත කිරීමට ඇතයි අගරදගරු නිල නිවස උපුටා දක්වමින් වාර්තාවේ.

මෙම සාකච්ඡා සැසිවාරයට සහභාගිවීම සඳහා උතුරු නැගෙනහිර සිටින දෙමළ රදගුරුවරුන් සිව්දෙනාම අද සෙනසුරාදා දින කොළඹට පැමිණ තිබේ.

මේ අතර උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් ක්‍රියා කටයුතුවල හමුදා මැදිහත්වීම් සහ හමුදා බලපෑම් සම්බන්‍ධ වාර්තාවක්ද දෙමළ රදගුරුවරුන් සිව් දෙනා විසින් සභාවට ඉදිරිපත් කිරීමට ඇතයි වාර්තාවේ.-

– ග්ලෝබල් ටැමිල් නිවිස්

Archive

Latest news

Related news