Friday, March 29, 2024

දෙසැ 02: පුරවැසි බලය ‘උගුලෙන් ගැලවෙමු’ විපක්ෂය එක් වේදිකාවට කැඳවයි

කලාකරුවන්, විද්වතුන් සහ සිවිල් ක්‍රියාකාරින්ගේ එකතුවක් වන පුරවැසි බලය ලබන අගහරුවාදා කොළඹ හයිඩ් පිටියේ දී විපක්ෂයේ සියලු පක්ෂ එක් වේදිකාවකට කැඳවයි. එනමුත් මෙම ජනතා රුලියට ජාතික හෙළ උරුමය සහභාගි වන්නේ නැත. ඊට හේතුව රුසවීමෙහි දෙමළ ජනතා සංධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරින් මහතා කතා කිරීම යැයි දැන ගන්නට තිබේ.

කොළඹ නගරය පුරා සාර්ථක පොස්ටර ව්‍යාපාරයක් ගෙන ගොස් ඇති පුරවැසි බලය දැවැන්ත ජන සහභාගිත්වයක් අපේක්ෂා කරන බව එහි සංවිධායකයකු ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවැසීය.

දේශපාලන නායකයින්ට අමරතව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ප්‍රධානී සුනිල් ජයසේකර, රාවය කර්තෘ කේ.ඩබ්.. ජනරංජන., ලේඛක ගාමිනි වියන්ගොඩ, සරසිවි ආචාර්‍ය සංගමයේ සභාපති ආචාර්ය තේනුවර ඇතුළ සිවිල් ක්‍රියාකාරීන් ගනනාවක් ද කෙටි අදහස් ඉදිරිපත් කරනු ඇත.
© SLB
poster

Archive

Latest news

Related news