නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපස දි නීතිඥ හර්ශණ ජයරත්න ට පහරදීම පැහැදිලිවම බොහොම බරපතල තත්වයක්. තමන් කැමති ඕනෑම සේවාදායකයෙක් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න lawyer කෙනෙකුට අයිතිය තියෙන්න ඕනෙ. ඒ අයිතිය කාටවත් ප්රශ්න කරන්න බැහැ.
ඒ වගේම Sri Lanka Bar Association (BASL) එක මේ පහරදීම ගැන වහාම මැදිහත්වීමත් අගය කළ යුතුයි. නමුත් lawyers ලට එරෙහි තර්ජන කියන්නෙ පහරදීම් විතරක් නෙවෙයි. සමහර වෙලාවට මේ තර්ජන ගැන අවධානය යොමු නොකළොත් ජීවිත විනාශයක් දක්වා පවා ඒවා දුරදිග යන්න පුලුවන්.
අචලා සෙනෙවිරත්න සහ ආචාර්ය රවීන්ද්රනාත් දාබරේට එල්ලවෙමින් තියන තර්ජන සලකා බලන්න වෙන්නෙ මේ පසුබිමත් එක්ක. ඔවුන් දෙන්නම ලංකාවෙ ආන්දෝලනයට ලක්වුණ නඩු ගණනාවක් මෙහෙයවන නීතිඥවරුන්. ඒ නිසාම තමන්ගෙ ජීවිතවලට තර්ජන එල්ලවෙලා තියන බව ඒ දෙන්නම පොලිසියට දැනුම්දීල තියෙනව.
අචලා සෙනෙවිරත්න, නීතිපතිවරයාට විරුද්ධව මෑතදී පැවැත්වුණ protest එකේදි බොහොම ආවේගශීලීව අදහස් දැක්වුවා. එදාම පුද්ගලයන් 4 දෙනෙක් ඇය බියපත් කිරීමේ අරමුණින් ඔත්තු බලපු ආකාරය ඇය වීඩියෝවක පටිගත කරගෙන තියෙනව. පටිගත කරන බව දැක්කම ඒ පිරිස ඉවත්ව යනව. ඒ වගේම නාවික හමුදාපතිවරු ඇතුලු චුදිතයින්ට විරුද්ධව පැවැත්වෙන පැහැරගැනීම් නඩුවෙ victims වෙනුවෙන් පෙනී ඉන්නෙ, ඔවුන්ට යුක්තිය වෙනුවෙන් හඬ නගන්නෙ අචලා.
ආචාර්ය දාබරේ, එක්ස්පර්ස් පර්ල් ව්යසනයට අදාල වංචා, දූෂණ හෙලිකරන්න දැවැන්ත දාකත්වයක් දක්වපු පරිසර කටයුතු පිළිබඳ විශේෂඥයෙක්. ඒ වගේම අරගලයෙන් පස්සෙ හොරට වන්දි ගනිපු politicians ලට එරෙහිව ඔහු පවරපු නඩුවකට අදාලව අධිකරණයෙ පෙනී ඉන්න කියල පසුගිය සතියෙ අධිකරණය ගෝඨාභය රාජපක්ෂටත් නියෝග කළා. බලහත්කාරයෙන් තමන්ගෙ ගෙදරට කඩා පැනපු සැක සහිත පුද්ගලයෙක් ගැන ආචාර්ය දාබරේ ගිය අවුරුද්දෙ අගෝස්තු මාසෙ දාපු පැමිණිල්ලට අදාල විමර්ශනවල තවමත් කිසිම ප්රගතියක් පේන්න නැහැ.
මේ තර්ජන නිසා ආරක්ෂාව ලබාදෙන්න කියල දිගින් දිගටම ඉල්ලා සිටියත් පොලිසිය තවමත් ඔවුන්ට නිසි ආරක්ෂාවක් දීල නැහැ.
ජීවිත තර්ජනවලට මුහුණ දීල ඉන්න මේ සහෝදර lawyers ල දෙන්න වෙනුවෙන් ශ්රී ලංකා නීතිඥ සංගමයත් (BASL) කිසිම හඬක් නගපු බවක් මම නම් දැක්කෙ නැහැ.
– සරෝජ් පතිරණ FB
2026 පෙබරවාරි 01