Tuesday, January 27, 2026

සමාජ මාධ්‍ය මගින් ජනාධිපතිවරයා කෙරෙහි ඇති අසතුටුදායී හැඟීම් ඇති කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවට පොලිස් නිවේදනයක්

ඩිජිටල් මාධ්‍ය මගින් ් ජනාධිපතිවරයා හෝ ජනරජය කෙරෙහි ඇති අසතුටුදායී හැඟීම් ඇති කිරීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා පොලිසියේ නීති අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිිටී.

ශ්‍රී ලංකා පොලිසියේ මුහුණූ පොතෙහි දක්වා ඇති එම නිවේදනය මෙසේය:

ඩිජිටල් මාධ්‍ය වෙත ප්‍රවේශය වීම සහ ඒවා භාවිතා කිරීමට පුද්ගලයන්ට ඇති හැකියාව වර්තමානය වන විට භාෂණය, ප්‍රකාශනය ඇතුළුව සහ අදහස් ඉදිරිපත් කිරීමේ මූලික අයිතිවාසිකමෙහි සංඝටක බවට පත් වී ඇත.

ඒ අනුව, යම් පුරවැසියෙකු විසින් කතා කිරීම, අදහස් පළ කිරීම ඇතුළුව ප්‍රකාශන නිදහසේ මූලික අයිතිය ක්‍රියාත්මක කිරීම සීමා කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 15(2), 15(7), 15(😎 ව්‍යවස්ථා වල දක්වා ඇති සීමාවන් මත පමණක් විය යුතුය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වැරදි(අනාදරය ඇවිස්සීම හෝ ඇවිස්සීමට තැත් කිරීම) සම්බන්ධයෙන් වන විට වැදගත්වන නෛතික මුලධර්ම කිහිපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය.
දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ දක්වා ඇති වරදක් කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඔහුට එරෙහිව අපරාධ නඩු පැවරීම තීරණයක් ගැනීමට පෙර ඊට අදාල කරුණු අධ්‍යනය කර නිසි විමර්ශනයක් සිදු කල යුතු වේ.

වරදක් සිදු කළ හැකි ආකාරය (සාවද්‍ය ක්‍රියාව) වචනයෙන්, කථා කිරීමෙන් හෝ කියවීමට යොමු කිරීමෙන් හෝ සංඥා මගින් හෝ දෘශ්‍ය නිරූපණය හෝ වෙනත් ආකාරයකින් ලෙස 120 වගන්තිය මගින් දක්වා ඇත. එබැවින් සමාජ මාධ්‍යන් හි එවැනි ආකාරයේ ප්‍රකාශයක් පළ කිරීම 120 වගන්තියෙන් විග්‍රහ කර ඇති වරදක් බවට පත්විය හැකිය.

දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තියේ දක්වා විග්‍රහ කර ඇති වරද මගින් පහතින් දක්වා ඇති හානිකර ප්‍රතිඵල සිදු කිරීමෙන් පුද්ගලයන් වැලැක්වීම අරමුණු කර ඇත.

 ජනාධිපතිවරයා හෝ ජනරජය කෙරෙහි ඇති අසතුටුදායී හැඟීම් ඇති කිරීම
 යුක්තිය පසිඳලීමට වෛර කිරීම හෝ අපහාස කිරීම
 නීතියෙන් ස්ථාපිත යම් දෙයක් නීත්‍යානුකූල නොවන වෙනත් මාර්ග වලින් වෙනස් කරවා ගැනීමෙහිලා රට වැසියන් ඇවිස්සීම.
 ශ්‍රී ලංකාවේ ජනතාව අතර අතෘප්තිය හෝ අප්‍රසාදය ඇති කිරීම.
 විවිධ තරාතිරම්වල මිනිසුන් අතර අමනාපකම් සහ සතුරුකම පිළිබඳ හැඟීම ඇති කිරීම වේ.

සමරවික්‍රම
පොලිස් පරීක්ෂක
පොලිස් නීති කොට්ඨාසය

<iframe src=”https://www.facebook.com/plugins/post.php?href=https%3A%2F%2Fwww.facebook.com%2Fsrilankapoliceofficial%2Fposts%2Fpfbid02XfY7sMEwCaTqkXpseEDsHkiEnuhEerhwgXLLhzr7uyNHLNq68ZsPfP8hmK9zxENYl&show_text=true&width=500″ width=”500″ height=”725″ style=”border:none;overflow:hidden” scrolling=”no” frameborder=”0″ allowfullscreen=”true” allow=”autoplay; clipboard-write; encrypted-media; picture-in-picture; web-share”></iframe>

Archive

Latest news

Related news