Monday, December 29, 2025

අම්බලන්ගොඩ කෝසල ඝාතන පරීක්ෂනය මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ඝාතන සමඟ පොලිස් ප්‍රධානීන්ගේ සබඳතා හෙළිකරයි.

ඡායාරූපය: සමගි ජන බලවේග පක්ෂයේ අම්බලන්ගොඩ නගර සභා අපේක්ෂක කණ්ඩායම් නායක හිරාන් කෝසල.

(Sri Lanka Brief)

සමගි ජන බලවේග පක්ෂයේ අම්බලන්ගොඩ නගර සභා අපේක්ෂක කණ්ඩායම් නායක හිරාන් කෝසලගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කරන ලද පරීක්ෂණවලින්, සැකකරුවන් හිටපු පොලිස්පති (IGP) දේශබන්දු තෙන්නකෝන් සතු බව කියන දේපළකට සම්බන්ධ භයානක තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම තොරතුරු භයානක වන්නේ එමගින් මීනීමරු පාතාල කණ්ඩායම් සමඟ මෙරට පොලිසියේ ප්‍රධානීන් සමීපව සමබන්ධ වී ඇති බව පෙන්වන නිසාය. මෙය එවැනි එකම අවස්ථාව නොවන බවත් ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානීන් ගණනාවක්ම පතාල සහ මත් දුව්‍ය ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වී ඇති බවත් විචාරකයෝ පෙන්වා දෙති.

මත්ද්‍රව්‍ය අදාළ අත්අඩංගුවය ගැනීම් වලින් විශාල ප්‍රමාණයක් පොලිස් නිලධාරීන්ට සමබන්ධ බවට වාර්තා පළ වී තිබේ. ලෝකය පුරාම මත් ද්‍රව්‍ය ජාවාරම දේශපාලඥයින් සහ පොලිස් ප්‍රධානීන්ට සමබන්ධය.

කෝසල වෙඩි තබා ඝාතනය කරන ලද්දේ  දෙසැම්බර් 22 වන දින අම්බලන්ගොඩදීය . වෙඩික්කරු සහ ඔහුට පලා යාමට උදව් කළ යතුරුපැදිකරු මහනුවර අම්පිටියේ නිවසක සැඟවී සිටි බව පොලිසිය පවසයි. එම නිවස තෙන්නකෝන්ට අයත් බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) එම නිවස වැටලීමෙහිදී සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වූ අතර, නිලධාරීන් පැමිණීමට පෙර ඔවුන් පලා ගොස් තිබුණි.

දෙසැම්බර් 7 වන දින සිට මෙම දෙදෙනා එම නිවසෙහි රැඳී සිටි බවත් ඝාතනයෙන් පසු නැවත එහි ගිය බවත් ආරක්ෂක නිලධාරියෙකු ජනමාධ්‍යට  හෙළි කර තිබේ. පසුව එස්ටීඑෆ් නිලධාරීන් පලාගිය අය නැවතී සිටි කාමරයේ තිබී සැක සහිත සිම් කාඩ්පත් කිහිපයක් සොයා ගත්හ.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියා  විසින් ලබාදුන් විදුලි හා ජල බිල්පත් හරහා නිවස තෙන්නකෝන්ට අයත් බව බලධාරීන් තහවුරු කර ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නීති විරෝධී වත්කම් අංශය විසින් මෙම දේපළ දැනටමත් විමර්ශනයට ලක් කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

කොන්ත්‍රාත් ඝාතන සහ පාතාල සම්බන්ධතා

කෝසලගේ ඝාතනය කොස්ගොඩ සුජී සහ කරන්දෙණිය සුද්දා යන පාතාල සාමාජිකයන් දෙදෙනෙකු විසින් මෙහෙයවන ලද කොන්ත්‍රාත් ඝාතනයක් බව පොලිස් පරීක්ෂණවලින් පෙනී යන අතර, ඔවුන් සමඟ කෝසල සමීප සබඳතා පැවැත්වූ බව කියනු ලැබේ. මෙයට පෙරද ඝාතනය කරන ලද සමගි ජන බලයේගයේ වැලිගම ප්‍රාදේශීය සභාපතිවරයා ද පතාල ක්‍රියාාකරකම්වලට සම්බන්ධ බවට පොලිසිය චෝදනා කළේය. එනමුත් ඝාතනය සිදුවන තුරු මෙම දෙදනොම සමබන්ධයෙන් පොලිසිය කිසිදු පියවරක් ගෙන තිබුණේ නැත. තවද කෝසල සහ අත්අඩංගුවේ සිටින පතාල ප්‍රධානීන් අතර කවරාකාර සම්බන්ධයක් තිබුණේ දැයි පොලිසිය පවසා නැත.

මහනුවර දේපළෙහි වහලය ඒ වන විට ප්‍රතිසංස්කරණය වෙමින් පැවති අතර, වෙඩික්කරු සහ යතුරුපැදිකරු සඳහා වැඩ සහ නවාතැන් සකස් කර ඇත්තේ කරන්දෙණිය සුද්දා බව විශ්වාස කෙරේ.

දෙසැම්බර් 27 වන දින, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නඩුව සම්පූර්ණයෙන්ම අපරාධ පරීක්ෂණ  දෙපාර්තමෙන්තුව වෙත මාරු කරන ලෙස නියෝග කළේය.

අත්අඩංගුවට ගැනීම් සහ ආයුධ සොයා ගැනීම

කාන්තාවක ඇතුළු සැකකරුවන් අට දෙනෙකු STF, දකුණු අපරාධ අංශය සහ අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට භාවිතා කළ රිවෝල්වරය සහ පිස්තෝලය ප්‍රශ්න කිරීමෙන් පසු සොයා ගෙන තිබේ.

ප්‍රධාන සැකකරු වන රඹුක්කන ගමගේ ජනත් කාංචන (36) දෙසැම්බර් 24 වන දින අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 30 වන දින දක්වා රඳවා තබා ඇත. පොලිසිය පවසා ඇත්තේ ඔහු පලායාමට යොදාගත් යතුරුපැදිය බැහැර කර ඔහුගේ ඇඳුම් පුළුස්සා පලා ගිය බවයි. පසුව කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අනෙකුත් සැකකරුවන් ජනවාරි 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී. ඔවුන් අතර කඩවත, පිටිගල, රත්ගම, බද්දේගම සහ හික්කඩුව යන ප්‍රදේශවල පුද්ගලයින් ද වෙති.

පලායාමේ මාර්ගය සහ සාක්ෂි

වෙඩි තැබූ පුද්ගලයා සහ යතුරුපැදිකරු සුදු ටොයෝටා කොරොල්ලා (WP KJ–2769) රථයකින් අම්බලන්ගොඩට ගමන් කළ බව වාර්තා වේ. ප්‍රහාරයෙන් පසු, ඔවුන් WP BFQ–5853 ව්‍යාජ තහඩුවක් සහිත යතුරුපැදිය අතහැර ගල්කිස්සට බස් රථයකින් පලා ගොස්, එහිදී ඔවුන් එම මෝටර් රථයටම නැග තිබේ.

පසුව ඔවුන් මහනුවර නිවස ප්‍රතිසංස්කරණය කරන කොන්ත්‍රාත්කරුවෙකුට සම්බන්ධ මාකොළ වැඩබිමකට ගියහ. රන් සහ අරුණ ලෙස හඳුන්වන අතරමැදියන් හරහා කරන්දෙණිය සුද්දා විසින් ප්‍රතිසංස්කරණ කොන්ත්‍රාත්තුව සකස් කර ඇති බව පොලිසිය පවසයි.

රන් අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් ඔවුන්ගේ සිම් කාඩ්පත් ඉවත දමා මහනුවර දේපළෙන් පලා ගියහ. අදහස් දැක්වීම සඳහා තෙන්නකෝන් සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහයන් අසාර්ථක වී ඇති අතර, පොලිසිය තවමත් ඔහුගේ ප්‍රකාශය සටහන් කරගෙන නොමැත. පරීක්ෂණ දිගටම සිදුවන බැවින් තෙන්නකෝන්ගෙන් ප්‍රශ්න කරන බව ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු තහවුරු කළේය.

සටහන:පොලිස් වාර්තා එලෙසම පිීළිගැනීමක්  මෙම පුවතින් අදහස් නොවේ. එහි දක්වා ඇත්තේ පොලිසිය විසින් කියන ලද බවට ජනමාධ්‍ය විසින් ප්‍රකාශ කර ඇති කරුණුය. ශ්‍රී ලංකාවේ පොලිසිය තමන්ට සහ සිය දේශපාලන ප්‍රධානීන්ට අවශය පරිදි කතා ගොතන බව සකාථ ළුී ඇත්තේ අද ඊයේ නොවේ. අධිකරණය හමුවේ සාධාරණ ලෙස සනාථ වන ලෙස පොලිස් වාර්තා සම්පූර්ණ සත්‍ය ලෙස පිීළි නොගන්නා ලෙස අපි පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

 

Archive

Latest news

Related news