ඡායාරූපය: මත්ද්‍රව්‍ය විරෝධයේ නාමයෙන් දහ දහස් ගණනක් පිලිපීන වැසියන් ඝාතනය කළ එහි ජනාධාපති වූ දැන් අන්තර් ජාතික යුද්ධාකරණය හමුවට පමුූණවා සිටින දුතර්තේ සමඟ මෙරට මත් ද්‍රව්‍ය යුද්ධයේ ජනාධිපතිවරයකු වූ සිරිසේන.
‘මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන බරපතල තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ කොළඹ දිස්ත‍්‍රික්ක තුළයි. ලංකාවේ සියලූ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල අතරින් කොළඹ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ හෙරොයින් භාවිතය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා’. එම තත්ත්වය ඉතාම ඛේදනීයයි‘ යැයි ජනපති උත්සව සභාව අමතමින් පැවසීය.
මෙම ප්‍රකාශය කවරකු විසින් කවදාක කියන ලද්දේදැයි ඔබට අනුමාන කළ හැකිද? මේ අනුර කුමාර දිසානායක නොවේ. මෛත්‍රීපාල සිරිසේනය.
‘මතින් නිදහස් රටක් බිහි කිරීමේ තේමාව මූලික කරගෙන ක්‍රියාත්මක කොට ඇති වැඩපිළිවෙළේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල නගරයේදී පැවැත්වේ. ඉකුත් දින මේ වැඩසටහන අධ්‍යාපන අමාත්‍යාංශයේද මෙහෙයැවීමෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ආරම්භ කෙරිණි.මෙයට අමතරව දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල මෙන්ම පෞද්ගලික ආයතනවලද ඊට අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි. ගාල්ල ධීවර ප්‍රජාව, හෝටල් සහ සංචාරක කර්මාන්තයේ නියුතු සේවක, සේවිකාවන්, ආගමික ස්ථාන, උපකාරක පන්ති, ත්‍රිරෝද රථ රියදුරන් යන ක්‍ෂේත්‍ර ඉලක්ක කොට ගෙන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කෙරිණි.’
එය ද ‘රටම එකට’ වැඩ සටහන නොවේ. 2016 දී පැවැති එකකි.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන දේශපාලන මෙහෙයුම බවට පත්ව ඇත්තේ ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයයි. එහි බොහෝ කොටස් සිරිසේනගේ සහ රාජපක්ෂගේ මෙහෙයුම්වල කාබන් කොපිය.
ජනාධිපති අනුර කුමාරගේ එවැනි රැස්වීමක් 20 දා තංගල්ලේදී පැවැත්වෙනු ඇත. ‘රටම එකට’ වැඩ සටහන වෙනුවෙන් ඇමති ආන්නද විජේපාල විසින් යවා ඇති චක්‍ර ලේඛනයක දැනුවත් කල යුතු ප්‍රජාවන් ලෙස දක්වා ඇත්තේ ජනාධිපති සිරිසේනගේ මත් ද්‍රව්‍ය විරෝධී තිබූ ඉලක්කමය.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධාන දේශපාලන මෙහෙයුම බවට පත්ව ඇත්තේ ‘රටම එකට’ මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරයයි. එහි බොහෝ කොටස් සිරිසේනගේ සහ රාජපක්ෂගේ මෙහෙයුම්වල කාබන් කොපිය.
‘රටම එකට’ ව්‍යාපාරයට විරුද්ධ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව පොලිස් ඇමති ආනන්ද විජේපාල කියා තිබුණි. ගෝඨාභය සහ රනිල් රාජපක්ෂගේ පොලිස් ඇමති වූ ටිරන් අලස් කීවේ ‘යුක්තිය’ මෙහෙයුමට විරුද්ධ වන සියලු දෙනා කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල්වලින් යැපෙන පිරිස් බවය.
ගෝඨාභය රාජපක්ෂ ද මත් කුඩු මෙරටින් ඉවත් කරන බවට සිරිසේන මෙන්ම ශපථ කළේය. දැන් අනුර කුමාර දෙන්නේද එම පොරොන්දුවයි. එයට හේතුව අන්තරායකාරී මත් ද්‍රව්‍ය අහෝසි කිරීමේ ව්‍යාපාරය සෑම ජනාධිපතිවරයකුටම දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයක් බවට පත් වීමයි.
දේශබන්දු සහ ප්‍රියන්ත දෙදෙනාගේ අත්අඩංගුවට ගැනීමේ තරඟය
රනිල් රාජපක්ෂ යටතේ දියත් වූ ‘යුක්තිය’ මෙහෙයුම දවසකට දහසකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත් අතර මාස පහකදී මුලු ගණන 121,000 ඉක්මවීය. පසුගිය 15 දින පමණක් ‘රටම එකට’ මෙහෙයුම වැටලීම් 1131ක් සිදු කර දහසකට අධික පිරිසක් අත්අඩංඟුවට ගත්තේය. 16 වන දින 1123කි. ‘රටම එකට’ සති දෙකකදී 11,000ක් අත්අඩංගුවට ගත්තේය. දේශබන්දු සහ ප්‍රියන්ත දෙදෙනා අත්අඩංගුවට ගැනීමේ තරගයෙන් ළග ළග නමුත් මෙසේ අත්අඩංගවුට ගන්නා අති බහුතරය නිර්දෝශීය.
දේශබන්දු ‘යුක්තිය’ ස්ටිකර් ත්‍රි රෝද රථවල ඇලවු අතර වත්මන් පොලිස්පති ප්‍රියන්ත ‘ඉවත් වෙනු’ ස්ටිකර් ඇලවීය. ඒ දෙදෙනාම දේශපාලන මෙහෙයුමේ කොටස්කරුවන් වීමටය. ලංකාවට කළ හැක්කේ අන්තරයාකාරී මත්ද්‍රවය භාවිතය අවම කිරීමට උත්සාහ කිරීමය. එය වත්මන් දේශීය සහ ලෝක තත්වයෙන් යටතේ අහෝසි කළ හැකි දෙයක් නොවේ.
ඉන් එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ දකුණූ පළාත බාර අපකීර්තිමත් කිත්සිරි ජයලත් යටතේ විශ්‍රාමික මේජර්වරයකු හිතා මතා ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන ජනාධිපති අනුර කුමාරද කඩේ යැවුවේය. ‘කාන්තාවකුත් මරලා. අපි තානාන්තර බලන් නෑ. ඔන්න මේජර්වරයකුත් අත්අඩංඟුවට ගත්තා’ යැයි කී ජනාධිපති පීචං විය.
මත් ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාරය දේශපාලන මෙහෙයුමක් බවට පත් වූ විට සහ පොලිසිය එම මෙහෙයුමේ ප්‍රධාන ක්‍රියාකාරියා බවට පත් වූ විට සිදු වන්නේ වැඩ නොව කතාය. මිද්දේනිය සහ කදාන යන ප්‍රදේශවලින් අල්ලා ගත් සහ දේශපාලන අවියක් බවට පත් සුදු පැහැති ගල් දැන් නිකම්ම ගල්ය. බාර වීමට සුදානම් බවට ඇමති ආන්නද විජේපාල කී පතාල-කුඩු ජාවාරම් මහ මොළකරුවන් හත් දෙනා පසුව අතුරුදහන් විය.
මෙම මෙහෙයුමේ ප්‍රධාන ක්‍රියාකරු පොලිසියයි. මැත කාලයෙහි නියෝජ්‍ය පොලිස්පතිවරු කී දෙනෙකුට විවිධ චෝදනා එල්ල වූයේ දැයි බලන විට පොලිසියේ ඇත්ත ස්වභාවය දැන ගත හැකිය. ඉන් එක් නියෝජ්‍ය පොලිස්පතිවරයකු වූ දකුණූ පළාත බාර අපකීර්තිමත් කිත්සිරි ජයලත් යටතේ විශ්‍රාමික මේජර්වරයකු හිතා මතා ව්‍යාජ චෝදනා මත අත්අඩංගුවට ගෙන ජනාධිපති අනුර කුමාරද කඩේ යැවුවේය. ‘කාන්තාවකුත් මරලා. අපි තානාන්තර බලන් නෑ. ඔන්න මේජර්වරයකුත් අත්අඩංඟුවට ගත්තා’ යැයි කී ජනාධිපති පීචං විය.
ආණ්ඩුවම පීචං වීමට පෙර
අන්තරයාකාරී මත්ද්‍රව්‍ය විරෝධී සටන පොලිසියට බාර දී බලාගෙන සිටිය හොත් ආණ්ඩුවම පීචං වීමට ඉඩ තිබේ. පොලිසිය දන්නේ දණ්ඩනය සහ දූෂණය පමණක් නිසාය.
අනුර කුමාර දිසානායකගේ ‘රටම එකට’ මෙහෙයුමෙහි වඩා ඉදිරිගාමී ප්‍රවිශ්ඨයක් නැතයි මා අදහස් කරන්නේ නැත. එහි බහු-අංශීය එළඹුමක් තිබේ. නීති ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය, අධ්‍යාපන සහ ප්‍රජා සම්බන්ධතා එකතු කිරීමට එය සැළසුම් කරයි. ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ උපදේශන වැඩසටහන් වැඩි කිරීම යනාදී ලෙසින් එය ප්‍රතිසංස්කරණය මත අවධානය යොමු කරයි. තවද දුප්පත්කම සහ ඇබ්බැහිවීමේ සම්බන්ධතාව බිඳ දැමීම සඳහා එය ප්‍රජා මූලික වැළැක්වීම අරමුණු කරයි .අවසාන වශයෙන් පාතාල හා බැදුණු මත් ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මත්ද්‍රව්‍ය ජාල ලබන දේශපාලන ආරක්ෂාව විනාශ කිරීමට අපේක්ෂා කරයි. මෙම අරමුණූ යම් දුරකට යහපාලන ආණ්ඩුවේ සැළැස්මෙහි ද විය.
වැදගත්ම කාරණය නම් මත්ද්‍රව්‍ය ගැටලුව අපරාධයක් ලෙස නොව, සෞඛ්‍ය ගැටලුවක් ලෙස සැලකීමයි. මත්ද්‍රව්‍ය පාලනය එහි මූල හේතූන් ආමන්ත්‍රණය කිරීමෙන් තොරව දේශන සහ දණ්ඩනය මගින් කළ හැකි දෙයක් නොවේ. එය ඡන්ද සටනක් නොව දිගු කාලීන වැඩ සටහනක් විය යුතුය.
මෙරට බුදු දහම වසර 2500කට වඩා පැවතී ඇත. දැන් ගමක් ගානේ නොව කන්දක් ගානේද පන්සලක් තිබේ. බෞද්ධ රූපවාහිනී නාලිකා වැහි වැහැලාය. පෝය දවසට ගුවන් විදුලි සහ රූපවාහිනි බණ පිටාර ගලයි. එහෙත් බීම තරම් ප්‍රචලිත වෙනත් විනෝදයක් මෙරට නැත. ඉදිරිගාමී යූ ටියුබ්කරුවෝ මෙන්ම සමාජ ක්‍රියාකාරීහුද රට මත්පැන් බෝතල පසුබිමට හරි ආසය. බීම සමාජ මාධ්‍යයෙහි වැඩකාරයකු බව පෙන්වන ලකුණකි.
මා ජීවත් වන ප්‍රදේශයේ දුර කථන ඇමතුමකින් කසිප්පු බාගයක් ගෙන්වා ගැනීම මිහිරි බත් කඩයෙන් කෑම පාර්සලයක් ගෙන්වා ගැනීමට වඩා ලෙහෙසිය.
ආණ්ඩුව 2022 වසරෙහි නීත්‍යනුකූල මත්පැන් අලෙවියෙන් රුපියල් බිලියන 181 තරම් උපයා ගත්තේය. සමහර සමීක්ෂනයන්ට අනුව ශ්‍රී ලංකාවේ භාවිත වන මත්පැන්වලින් සියයට 60ක් තරම් කසිප්පුය.
‘රටෙම එකට’ ඉලක්කයක් වන මරිජුවානා මෙරට අලෙවි වන මත්පැන්වලට වඩා හානියෙන් අඩුය. ඇබ්බැහිවීම අතින්ද ඉන් ඉවත්වීමෙහි බලපැම අතින්ද සෞඛ්‍යමය හානි අතින් ද මරිජුවානා ඇත්තේ මත්පැන් වලට සැළකිය යුතු තරම් පහළිනි. වැඩිම භයානක කසිප්පුය. එය තුරන් කිරීම ‘රටම එකට’ මෙහෙයුමෙහි නැත.
මත් ද්‍රව්‍ය පාලනය අවම කිරීමට හුදෙක් ‘අයිස්’ පිටුපස එළවීමෙන් පළක් නැත. ඊට සමෝදාන ප්‍රවිශ්ඨයක් අවශ්‍යය.
1948 සහ ඊට පෙර පවා මෙරට අමද්‍යප ව්‍යාපාර තිබුණි. ඒවා සිංහල බෞද්ධ දේශපාලන මතවාදී ව්‍යාපාර විය. අනගාරික ධර්මපාලගේ මත්පැන් විරෝධී ව්‍යාපාරය ඊට නිදසුනකි. එකී දේශපාලන මතවාදී ව්‍යාපාරය දඩුවම් මූලික අධිකාරී ක්‍රියාමාර්ග සමඟ අතිනත ගත්තේය. මත් ද්‍රවය ජාවාරම්කරුවන් එල්ලා මැරිය යුතු යැයි කී බන්ධනාගාර අධිකාරිවරයා එහි නූතන නිදසුනකි. සිරිසේනටද එල්ලීම අවශ්‍ය විය.
එසේ නමුත් අප දන්නා සත්‍ය නම් පසුගිය කාලයෙහි වර්ධනය වූ සන්නද්ධ “මත්ද්‍රව්‍ය යුද්ධය” දක්වා නිරන්තරයෙන් දඩුවම් දීමේ මාර්ගය යටතේ දහස් ගණනක් අත්අඩංගුවට ගැනීම් සහ විශාල පුවත්පත් ප්‍රචාර කර ගෙන ගිය නමුත් මත් ද්‍රව්‍ය සමාජයෙන් ඉවත් කිරීම අසාර්ථක වී ඇති බවයි.
දැනටමත් පෙනී ගොස් ඇති පරිදි සෑම දේශපාලන පක්ෂයක මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෝ සිටිති. මෙයට පෙර අවස්ථාවන්හිදී මත් ද්‍රව්‍ය පාලන මෙහෙයුම් සාර්ථක නොවූයේ මත් ද්‍රව්‍ය ජාවරම්කාර පාතාලය පිටුපස දේශපාලනඥයින් සිටි නිසාය යන්න අර්ධ සත්‍යකි. එම ප්‍රකාශය මගින් සිදු වන්නේ මත් ද්‍රව්‍ය පැතිරීමේ සමාජ ආර්ථික හේතු යටපත් වීමයි.
කළ යුත්තේ කුමක්ද?
නාගරික දුගී භාවය, තරුණ ප්‍රජාවට ක්‍රීඩා යනාදී විනෝද අවස්ථා නැති වීම, පොලිසිය දූෂිත වීම යනාදිය ආමන්ත්‍රණය කිරීම දේශපාලනඥයින් පිටුපස එළවීම තරමටම වැදගත්ය.
පාසල් මූලික ජීවන කුසලතා වැඩසටහන්, ක්‍රීඩා, කලා, සමාජ ක්‍රියාකාරකම් මූලික වැඩසටහන් මෙන්ම මත් ද්‍රව්‍ය පිළිබඳ විද්‍යාමය දැනුම සහ අවබෝධ වැඩසටහන් ගැන අවධානය යොමු කළ යුතුය. සෑම පාසලකට සහ සෑම ගමකට අදාළ වන පරිදි වොලිබෝල්, බැට්මින්ටන්, නෙට්බෝල්, කුඩා පාපන්දු පිටි යනාදී ක්‍රීඩා පහසුකම් සැපයීමට ආණ්ඩුව කල්පනා කළ යුතුය. ක්‍රීඩා නිලධාරීන් පත් කළ යුතුය.
මෙරට මත්ද්‍රව්‍ය විරෝධී ව්‍යාපාර සහමුලින්ම වාගේ අසාර්ථක වූයේ හේතු වලට නොව ලක්ෂණවලට එරෙහිව යුද්ධ කළ නිසාය. එය සාර්ථක වනු ඇත්තේ මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සමාජ සහ සෞඛ්‍ය ගැටලුවක් බව ආරම්භක ස්ථානය ලෙස ගැනීමෙන් පමණකි.
රිලවකු මරා කන්න යැයි කීම භයානකය. ‘කුඩ්ඩෙකු’ මරා කෑම ඊට ලෙහෙසිය. ඒ සිංහල බෞද්ධ අන්තවාදයේ අධිනිශ්චයට යට වීමය. සැබෑ වෙනස නොවේ.
-
පුද්ගලික භාවිතය සඳහා මත් ද්‍රව්‍ය අයිතිය වරදක් ලෙස නොසැළකීමට ආණ්ඩුව කල්පනා කළ යුතුය. ගංජා උගුරක් ඇදීම සිරගත වීමට හේතුවක් නොවේ.
-
මත් ද්‍රව්‍ය විරෝධී මෙහෙයුමෙහි දී නීතිමය ආරක්ෂාව සහ මනුෂ්‍ය අයිතිවාසිකම් ආරක්ෂා කරන්නේ කෙසේද යන්න බැරෑරුම්ව සැලකිය යුතුය.
-
මත් ද්‍රව්‍ය ඇබ්බැහිවීම රෝගයක් ලෙස සලකා, ප්‍රතිකාර කිරීම රජයේ රෝහල් ජාලයට ඒකාබද්ධ කිරීමටත් මනෝ සමාජ උපදේශන සේවා සහ ප්‍රතිකාර වැඩසටහන් පුළුල් කිරීමටත් පියවර ගත යුතුය.
-
පාතාලය සහ මත් ද්‍රව්‍ය එකක් ලෙස නොසැළකිය යුතුය.
අන්තරායකාරී මත් ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නය මෙරට ජීවිතය සහ මරණය අතර එකම සටන නොවේ. රිලා, මොණර, ඉත්තෑ, වල් ඌරු සහ දඩු ලේන ප්‍රශ්න මෙරට කෘෂිකාර්මික ප්‍රජාවට සැබෑ ජීවිතය සහ මරණය අතර සටනකි. එවැනි කාරනා අමතක කර ‘අයිස්’ උඩ නැගී හඳට යෑමට දරන තැත සිහි කරන්නේ ගමරාළගේ වලිගයයි. රිලවකු මරා කන්න යැයි කීම භයානකය. ‘කුඩ්ඩෙකු’ මරා කෑම ඊට ලෙහෙසිය. ඒ සිංහල බෞද්ධ අන්තවාදයේ අධිනිශ්චයට යට වීමය. සැබෑ වෙනස නොවේ.
මෙම ලිපිය අද (21.11.25) නිකුත් වූ අනිද්දා පුවත්පතෙහි පළ විය.


