Saturday, November 1, 2025

වැල්ලවාය ජාජබ ප්‍රාදේශීය සභාපති සහෝදර සමාගම රක්ෂිත වනයක් වනසයි! ආණ්ඩුව බුදිද?

ජායාරූපය: වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිස වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් කැලෑව එළිපෙහෙලිකර ප්රදේශයේ වැවකට එන ඇල මාර්ගයක් හරස්කර ඉදිකර ඇති අනීතික අමුනක් ඉවත්කරන්නට ගිය අවස්ථාවෙි, සභාපතිවරයාගේ සහෝදරයින් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අඩවි වන නිළධාරියාගේ රාජකාරියට බාධාකරමින් ඊට ඉඩ නොදුන් අයුරු.

වැල්ලවාය ප්රාදේශීය සභාපතිවරයාගේ සහෝදරයින්ගේ පැටිකිරිය කියවන්න

ශ්රී ලංකාවේ වනඅලියන් ගමන්ගන්නා සංක්රමනික මාර්ග කන්ඩණය වීම හා ඒ ආශ්රීත සිදුවෙන මානව ක්රියාකාරකම් මෙරට අලි-මිනිස් ගැටුම වර්ධනයට තුඩු දි ඇති ප්රධාන කරුණක් බව සත්වවේධින්ගේ අදහසයි. ශ්රී ලංකාවෙි වනාන්තර පද්ධතින් එකිනෙක හා සම්බන්ධවන, ප්රධාන අලි මංකඩ (Elephant Corridors) 16ක් මෙි වනවිට හදුනාගෙන තිබෙි. එම අලි මංකඩවල් අතරින්,ලුනුගම්වෙහෙර සහ උඩවලව ජාතික වනෝද්යාන යා කරන වැටහිරකන්ද හා උඩවලව සිට බෝගහපට්ටිය දක්වා වනඅලි සංක්රමණය වෙන දහයියාගල යන අලි මංකඩවලට හිමිවන්නේ ප්රධාන තැනකි. නමුත් වසර ගනනාවක සිට වනඅලි ගමන්ගන්නා මෙම සාම්ප්රධායික සංක්රමනික මාර්ග හරස් කර, ගම්වැසියන් සිදුකරන කැලැ ඉඩම් අත්පත්කර ගැනිම, වන විනාශය හා වෙනත් වානිජ්ය පර්මාර්ථයන් වෙනුවෙන් සිදු කරන ඉඩම් කොල්ලයන් නිසා මෙම වනඅලි මංකඩ දෙකම ඉතා සිඝ්රයෙන් වැනසෙමින් ඇතිබව පරිසර සංවිධාන පෙන්වා දෙති.

“ දහයියාගලත්, වැටහිරකන්දත් කියන්නේ ආරක්ෂාකල යුතුම වනඅලි සංක්රමනික මාර්ග දෙකක්, මෙික විනාශ උනොත්, හෝ විනාශ කලොත්, ඉන් ඒ අවට ගම්මානවල මිනිසුන්ට විදින්න වෙන හානිය ඉතාම බරපතල විය හැකියි.නමුත් මිනිසුන් දුර නොහිතා කරන විනාශයන් නිසා අලි – මිනිස් ගැටුම,වර්ථමානයේ විසදුමක් සොයාගත නොහැකි අර්බුධයක් වෙලා තියෙනවා’’ මොණරාගල සොබා පදනම සංවිධානයේ දුලිප් ප්රසන්න මහතා පවසයි.

වැටහිරකන්ද සහ දහයියාගල කැලෑවල ඇති වැදගත්කම මොකක්ද ?

වැටහිරකන්ද රක්ෂිතය යනු වන වනජිවි සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත්, හෙක්ටයාර 3229 ක විශාලත්වයකින් යුතු කැලෑවකි.මෙය රක්ෂිතයක් ලෙස ප්රකාශයට පත්කර ඇත්තේ 2002.06.07 දිනය. පානම කුඩුම්බිගල අභය භුමිය, කුමන සිට ලුනුගම්වෙහෙර වනෝද්යානය දක්වා පැමිනෙන වනඅලියන් උඩවලව දක්වා ඇති වැටහිරකන්ද යන මෙම පටු වනාන්තර තිරුව හරහායි.වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙම පටු වනාන්තර තිරුව පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුව සතු පරිවාර වනාන්තර රැසක් ඇති අතර, එම වනාන්තර අල්ලාගෙන විනාශකරන විවිධ පිරිස් හා කන්ඩායමි නිසා වැටහිරකන්ද කන්ද රක්ෂිතය දවසින් දවස පටුවෙමින්, විනාශවෙමින් තිබෙි.

‘‘ දැන් වසර ගනනාවක ඉඳලා වැටහිරකන්ද රක්ෂිතයට අයත්, කැලෑ ඉඩම් සහ එම රක්ෂිතය පෝෂණය කරන වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් වනාන්තර, විශාල වශයෙන් එළිවෙමින් පවතිනවා. දැනටමත් විවිධ පිරිස් අක්කර දහස් ගනනක් අල්ලගෙන වනසලයි තියෙන්නේ.දැන් දවස් ගනනකට පෙර මෙි රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වු ,බලහරුව රජයේ වනාන්තරයේ ගැමුණුපුර,දෙබරආර, කෙම්හත කියන ප්රදේශයේ කැලැ ඉඩම්වල තිබුන කුඹුක්, වීර, පලු, කෝන් වගේ දැවැන්ත ගස් පෙරලලා ඒවට ගිනි තියලා විනාශකරලා තිබුනා.මේ අපරාධය කාලයක් තිස්සේ කරමින් යන්නේ වැල්ලවාය ප්රාදේශීය සභාවේ සභාපතිවරයගේ සහෝදරයින් සහ ඔහුගේ ඥාතින් පිරිසක් විසිනුයි.

උඩවලව වනඅලි පර්යේෂණ මධ්යස්ථානයේ වනඅලි පර්යේෂකයෙකු වන සමීර විරතුංග මහතා පෙන්වාදෙයි.

වැටහිර කන්ද රක්ෂිතය වනසන ප්රාදේශිය සභා සභාපතිගේ සහෝදරයෝ

වැටහිරකන්ද රක්ෂිතයට අයත් වන සංරක්ෂන දෙපාර්තමෙින්තුව සතු කැලැවන්ට ඉකුත් කාලයේ සිටම වැඩි වශයෙන් හානිකරන්නට වුයේ වැල්ලවාය ප්රාදේශිය සභාවෙි වර්තමාන සභාපති නිහාල් වලිමුණි මහතාගේ සහෝදරයින් හා ඥාතින් බව ගමිහු කියති.සභාපතිවරයා මෙම අපරාධයන්ට සමිබන්ධයක් නැතත්, ඔහුගේ සහෝදරයින් හා ඥාතින් තම සහෝදරයාගේ දේශපාලන බලය අයුතු ලෙස ගනිමින් බලහරුව වනාන්තරය විනාශ කරමින් ඇත්තතේ වසර ගනනාවක සිට බව වන නිළධාරිහුද කියති.

බලහරුව ආනන්දපුර ප්රදේශයේ පදිංචි වලිමුණිගේ සරත් නොහොත් වැල්ලවාය ප්රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයා 2021.09.23 වන දින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබුනේ බලහරුව කැලයෙන් අක්කර 03කට වඩා අල්ලාගෙන එහි කැලැව විනාශකිරිමෙි චෝදනාව යටතේය.

2023.02.23 දින වන සංරක්ෂණ නිළධාරින් විසින් වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව කැළය වැල්ලවාය ප්රාදේශිය සභාපතිවරයාගෙ තවත් සහෝදරයකු වන වලිමුණිගේ උපුල් සංජීව යන අයට අයත්,UPRS 0795 දරන ජේ.සි.බී යන්ත්රයෙන් එළි පෙහෙලි කරමින් සිටියදී,දිග්ගල වැල්පීල්ල ප්රදේශයේ පදිංචි හිටිහාමි මුදියන්සේලාගේ ප්රමෝද්ය දුලංජන නැමති සභාපතිවරයාගේ ඥාතියකු අල්ලා වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර, ඔහුට අධිකරණයෙන් ඇප ලබාදි නිදහස්කරගෙන තිබුනේ, සභාපතිවරයාගේ සහෝදරයින් විසිනි.ඔහු විසින් මෙම කැලයේ අක්කර 05කට වඩා විනාශකර තිබු බව වන නිළධාරිහු පවසති.

2024.08.05 දින බලහරුව කැළයෙන් අක්කර 04ක් පමණ කපා විනාශ කිරිමෙි වරදට සභාපතිවරයාගේ තවත් සහෝදරයකු වන වලිමුණිගේ උදයසේන යන අය වන සංරක්ෂණ නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විනාශය වෙනුවෙන් සභාපතිවරයාගේ මෙකි සහෝදරයාට රුපියල් 5000කට දඩයක් හා රුපියල් 44954ක අලාභයක් ගෙවිමට අධිකරණයෙන් නියෝගකර තිබුණි.

බලහරුව කැළයේ, කෙන්හත ප්රදේශයේ අක්කර 02 පමණ කැලැවක් අල්ලාගෙන විදුලිවැටක් ඉදිකිරිම හා පස් බැම්මක් සැකසිම සමිබන්ධයෙන් බලහරුව, ආනන්දපුර ප්රදේශයේ පදිංචි වලිමුනිගේ උදාර මධුශංක යන අය, වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුනුවා තිබුනේ 2024.10.25 දාය.ඔහුද වැල්ලවාය ප්රාදේශිය සභාවෙි සභාපති වරයාගේ සහොදරයකු බව හෙළිවිය.

2025.07.18 දින වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් බලහරුව වනයෙන් අක්කර 03ක පමණ ප්රදේශයක් නීති විරෝධි ආකාරයෙන් හෙළිකිරිම සම්බන්ධයෙන් ලුනුගම්වෙහෙර දකුණ ප්රදේශයේ ප්රසංග අනුරාද් ගමගේ නැමති පුද්ගලයකු වැල්ලවාය අඩවි වන කාර්යාලයෙන් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කිරිමෙන් පසුව රුපියල් 5000ක දඩයක් හා එක්ලක්ෂ හැටදෙදහස් හයසිය පනහක දඩයක් අධිකරණයෙන් නියමකර තිබු අතර,එවරද එම පුද්ගලයාට ඇප දී බෙිරාගෙන ගොස් තිබුනේ වැල්ලවාය ප්රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයකු වන වලිමුණිගේ උදයසේන නැමැත්තෙකි.

ඉන් පසුව 2025.08.19 දිනයේද, බලහරුව කැළයේ කෙන්හත ප්රදේශයේ කැලෑ ඉඩම් හෙලිකල සිව් දෙනෙකු වන නිළධාරින් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබු අතර ඔවුන් සියලු දෙනාද පෙර කි සභාපතිවරයාගේ ඥාතින් බව පසුව අනාවරණය විය.

කැලෑපාලු සහෝදර සමාගම

එමෙන්ම 2025.08.20 දින වැල්ලවාය ප්රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් සහ ඥාතින් පිරිසක් වැටහිර කන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව කෙන්හත ප්රදේශයේ ඩෝසර් යොදා කැලෑ එළිකරන බවට ලද තොරතුරක් මත, වන නිළධාරින් විසින් වැටලිමක් සිදුකර තිබු අතර, එහිදි සැකකරුවන් වන නිළධාරින්ගෙන් මිදි පළාගොස් තිබුනි.වන නිළධාරින් පවසන්නේ පලාගිය සැකකරුවන් එවර කෙන්හත ප්රදේශයේ කැලැ අක්කර 30 කට ආසන්න ප්රමාණයක් විනාශකර තිබු බවයි.මේ සමිබන්ධයෙන් වන නිළධාරින් වැල්ලවාය මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණි.

මේ අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බලහරුව කැළයේ අනවසරයෙන් ඩෝසර් යොදා ඇල මාර්ගයක් හරස්කර ඇලක් කපන බවට ලද තොරතුරකට අනුව වැල්ලවාය අඩවි වන කාර්යාලයේ නිළධාරින් ඉකුත් අගොස්තු මස 21 දින වැටලිමක් සිදුකර තිබු අතර, එහිදි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා තිබුණි. එම සැකකරු වැල්ලවාය ප්රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයකු වන, බලහරුව, ආනන්දපුර ප්රදේශයේ පදිංචි වලිමුණිගේ උදයසේන යන අය බව අනාවරණය විය.

මේ කාරනා අනුව වැටහිරකන්ද රක්ෂිතයේ පරිවාර වනාන්තරයක් වන බලහරුව රක්ෂිතයට වැඩි හානියක් හා බලපෑමක් එල්ලවි ඇත්තේ වැල්ලවාය ප්රාදේශිය සභාවෙි සභාපතිවරයාගේ පවුලේ සාමාජිකයින්ගෙන් බව ඉතා පැහැදිලිය.

වීඩියෝව මෙහි නරඹන්න: https://www.facebook.com/nayana.sanjeewa

පේස්බුත් පිටුවෙන් උපුටා ගන්නා ලදී.

Archive

Latest news

Related news