Tuesday, October 28, 2025

වැලිගම ප්‍රදේශීය සභාපති ඝාතන සැකකකරුගේ කටඋත්තරය එහෙම පිටින්ම පත්තරයක!

(පොලිසිය අපරාධ බී වාර්තා පළමුවෙන් දෙන්නේ අධිකරණයට නොව හිතවත් මාධ්‍යන්ට බව පෙන්වන තවත් උදාහරණයක් පහත දැක්වේ. වත්මන් රජය යටතේ මෙය විලාසිතාවක් බවට පත්ව තිබේ)

මිදි­ගම චූටිට එරෙ­හිව ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් රතු නිවේ­ද­න­යක් පවා නිකුත් කර ඇත. ඒ අනුව ඕමාන පොලී­සිය මඟින් පසු­ගිය ජුනි මාස­යේදී ඔහුව අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව ඒ බව ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් ඕමාන පොලී­සිය මෙර­ටට නිල වශ­යෙන්ද දැනුම්දී තිබී ඇත. ඔහුට එරෙ­හිව එරට අධි­ක­ර­ණයේ නඩු­වක් පව­තින බැවින් නඩුව අව­සන් වීමෙන් අන­තු­රුව මෙර­ටට භාර­දෙන බවද දැනුම්දී තිබී ඇත. මිදි­ගම චූටි විසින් මෙම ඝාතන සැල­සු­මට සම්බන්ධ වී ඇතැයි හෙළි­ වන්නේ ඔහු ඕමාන් අත්අ­ඩං­ගුවේ සිටි­ය­දීය. වැලි­ගම සභා­ප­ති­ව­ර­යාගේ ඝාත­නය මෙ‍ෙහ­ය­වී­මට ඔහු සම්බන්ධ වූ බව සඳ­හන් දුර­ක­තන අංක ද මේ වන විට අනා­ව­ර­ණය වී තිබේ. එම අංක ජාත්‍ය­න්තර පොලී­සිය මඟින් ඕමා­න­යට යොමු­කර තව­දු­ර­ටත් තොර­තුරු සොයා බලන බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙම ඝාත­නය සඳහා වෙඩි­ක්ක­රුව මෙහෙ­යවා ඇති ඩුබායි කණ්ඩා­යම අතර රජිත නමැත්තා මෙන්ම ඩුබායි ලොක්කා නමැ­ත්තාද සිටින බව විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී තිබේ. ඔවුන් දෙදෙනා වෙඩි­­ක්කරු සමඟ ඩුබායි සිට ජංගම දුර­ක­තන අංක කිහි­ප­යක් ඔස්සේ සම්බන්ධ වෙමින් වෙඩි­ක්ක­රුව මුළු­ම­නින්ම මෙහෙ­යවා ඇති බවද අනා­ව­ර­ණය වී ඇත. වෙඩි­ක්ක­රුට මෙම ඝාත­නය සඳහා ගිනි අවිය ලැබී ඇත්තේ ප්‍රාදේ­ශීය සභාව කිට්ටුව ස්ථාන­ය­ක­දීය. ඩුබායි සිට ලැබුණු උප­දෙ­ස්ව­ලට අනුව වැලි­ගම පිහිටි පාල­මක් අස­ලට ගිය අව­ස්ථා­වේදී එතැ­නට පැමිණි පුද්ග­ල­යෙක් ගිනි අවිය ඔහු අතට පත්කර තිබේ. එම අවිය ඔහුට ලබාදී ඇත්තේද වෙඩි තැබීම සිදුවූ දින උදෑ­සන කාල­යේ­දීය. ගිනි අවිය රැගෙන ඔහු යතු­රු­පැ­දි­කරු සමඟ වැලි­ගම ප්‍රාදේ­ශීය සභා­වට කෙළින්ම ගම­න්කර ඇත. ගිනි අවිය ලබා­ගත් ස්ථානයේ සිට විනාඩි 10ක් තුළ ප්‍රාදේ­ශීය සභා­වට ගොස් සභා­ප­ති­ව­ර­යා­ට‌ ­වෙඩි තබා පලා­යන අත­ර­තුර ගිනි අවිය නැවත ලබා­ගත් ස්ථාන­යේ­දීම රැගෙන ආ පුද්ග­ල­යා­ටම භාරදී පලාගොස් තිබේ.

වෙඩි තැබූ දින ඔහු සිය මහ­ගෙ­ද­රට ගොස් දවස එහි ගත­කර ඇති බවට තොර­තු­රුද අනා­ව­ර­ණය වී ඇත. ඩුබායි සිට ඔහුට මෙම ඝාතන කොන්ත්‍රා­ත්තුව භාර­දුන් පුද්ග­ල­යන් විසින් එදින සවස රුපි­යල් ලක්ෂ 15ක මුදල ඔහු අතට ලැබී­ම­ටද කට­යුතු කර ඇතැ­යිද විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ. ගමන් මල්ලක දැමූ එම මුදල මාතර ප්‍රදේ­ශ­යේදී ඔහු අතට ලැබී ති‍‍බෙන බව සඳ­හන්ය.

සිය බිරිඳ සහ දරුවා රැගෙන අම්බ­ල­න්තොට බිරි­ඳගේ මහ ගෙද­රට පසු­දින ඔහු ගොස් ඇත්තේ පොලී­සිය ඔවුන් පස්සේ පන්නන බැවින් පලා­යන ලෙස ඩුබායි සිට ලැබී ඇති උප‍‍‍‍ෙ­ද­ස්ව­ලට අනු­වය.

බිරි­ඳගේ මහ ගෙද­රට ගොස් අට හැවි­රිදි දරුවා එහි දමා බිරි­ඳත් සමඟ වෙඩි­ක්කරු පලා­යන්නේ කත­ර­ගම දෙස­ටය. යතු­රු­පැ­දි­ක­රුද එහිදී මොවුන් සමඟ එක්ව ඇති අතර ඔවුන් ගම­න්කර ඇත්තේ ඩුබා­යි­ව­ලින් ලද උප‍දෙ­ස්ව­ලට අනු­වය. ගල්ගේ ප්‍රදේ­ශ­යේදී අලි ප්‍රහා­ර­ය­කට ද මොවුන් ලක්වී­මට ගොස් ඇති බව සඳ­හන්ය. සභා­ප­ති­ව­රයා ඝාත­න­යට වෙඩි­ක්කරු රැගෙන ගමන් කළ යතු­රු­පැ­දියේ පැදි­කරු ගමන් කළ යතු­රු­පැ­දිය අත­හැර දමා ඇත්තේ ගල්ගේ ප්‍රදේශ‍යේ කැලෑ­බද ස්ථාන­ය­කය. එම ස්ථානයේ ලොකේ­ෂන් එක ඩුබායි වෙත යොමු­කර ඇති බවද අනා­ව­ර­ණය වී තිබේ. යතු­රු­පැ­දිය සොයා පොලී­සිය එම ස්ථාන­යට පෙරේදා ගියද යතු­රු­පැ­දිය එහි තිබී සොයා ගන්නට ලැබී නැත.

යතු­රු­පැ­දිය අත­හැර දැමූ පසු ‍ පැදි­ක­රු­වත් සිය බිරි­ඳත් ඔහු පැදවූ යතු­රු­පැ­දියේ නංවා­ගෙන වැල්ල­වාය, රිදී­මා­ලි­යද්ද, මහි­යං­ග­ණය, බක­මූණ හරහා ගමන් කර­මින් සිට ඇත්තේ අනු­රා­ධ­පු­රය වෙතය. ඒ යන අතර තුර ඔහු කැකි­රාවේ නවා­තැන් ගෙන ඇත්තේ මත්කුඩු භාවිත කිරීම සඳ­හාය. වෙඩි­ක්කරු කාල­යක් කැකි­රාවේ නවා­තැන් ගෙන සිටි­මින් බැකෝ යන්ත්‍ර­යක සේව‍යේ නිර­තව සිට ඇත. එහිදී දැන හඳු­නා­ගත් වඩේ අලෙවි කර­න්නෙ­කුට දුර­ක­තන ඇම­තු­මක් ලබාදී තිබේ. එම වඩේ අලෙවි කරන්නා හමු­වී­මෙන් පසු ඔහුට රුපි­යල් 25,000ක් දී හෙරො­යින් ගෙන­විත් දෙන ලෙස පවසා ඇත. හෙරො­යින් ගෙන­විත් දෙන තෙක් ඔවුන්ට නවා­තැන් ගැනී­මට ඉඩ සලසා දී ඇත්තේ කැකි­රාවේ නිවාස 50 ප්‍රදේ­ශයේ ඉදි­ක­ර­මින් පැවති නි‍ෙව­ස­කය. වඩේ වෙ‍ළෙන්දා මුදල් රැගෙන ගියද නැවත පැමිණ නැත. ඒ අතර

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­යක් ඔස්සේ සැක­කරු රැඳී සිටින ස්ථානය හඳුනාගෙන කැකි­රාව පොලී­සිය, පොලිස් විශේෂ කාර්ය බළ­කාය සහ යුද හමු­දාවේ සහය ඇතිව ප්‍රදේ­ශය වට­කර සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනී­මට මෙහෙ­යු­මක් දිය­ත්කර තිබේ. වෙඩි­ක්කරු සමඟ වැලි­ගම සභා­පති ඝාත­න­යට ගිය යතු­රු­පැ­දි­කරු, වෙඩි­ක්ක­රුගේ බිරිඳ සහ තවත් අයෙක් පොලී­සිය අත්අ­ඩං­ගු­වට ගත්තද වෙඩි­ක්කරු වන සැක­කරු එම අව­ස්ථා­වේදී පොලී­සිය සමඟ පොර­බදා පලා­ගොස් තිබිණි.

එසේ පලා­ගිය සැක­කරු කැකි­රාවේ සිට කොළඹ බලා පැමිණ ඇත්තේ ඩුබායි සිට ඔහු මෙහෙ­යව­මින් සිටි පුද්ග­ලයා විසින් දුර­ක­ත­නය ඔස්සේ ලබා­දුන් උප­දෙ­ස්ව­ලට අනු­වය. ඔහු කොළඹ පිට­කො­ටු­වේදී රුපි­යල් 20ක් කමි­යු­නි­කේ­ෂන් එක­කට ලබාදී සිය ජංගම දුර­ක­ත­න­යද විනාඩි 20ක් තුළ ආරෝ­ප­නය කර­ගෙන ති‍බේ.

වැලි­ගම ප්‍රාදේ­ශීය සභාවේ සභා­පති ලසන්ත වික්‍ර­ම­සේ­කර මහ­තාගේ ඝාත­නයේ වෙඩි­ක්කරු සොයා පොලී­සිය පෙරේදා (26) කොළඹ පීර­මින් දැඩි සෝදි­සි­යක් දියත් කරනු ලබන්නේ ඔහු කොළ­ඹට පැමිණ ඇති බව දුර­ක­තන ජාල විශ්ලේ­ෂණ ඔස්සේ හදුනා ගැනී­මත් සම­ඟනි. ඒ වන­වි­ටත් ඔහු සිට ඇත්තේ දැඩි මත්ද්‍රව්‍ය අව­ශ්‍ය­තා­ව­­කිනි. අධික ලෙස හෙරො­යින් පාන­යට ඇබ්බැහි වී සිටි­න්නෙක් වන ඔහුව බොරැල්ල සහ­ස්පු­රට යවා ඇත්තේද ඩුබායි සිට ඔහුව මෙහෙ­යවූ පුද්ග­ල­යන්ය.

ඩුබායි සිට දුර­ක­තන ඇම­තුම් දෙමින් ඔහුව මෙහෙය වූ පුද්ග­ලයා බොරැල්ල සහ­ස්පු­රදී යම් පුද්ග­ල­යෙක් ඔහුට මුණ­ග­ස්සවා තිබේ. එම පුද්ග­ල­යාගේ නි‍ෙව­සට ගොස් ඔහුත් සමඟ හෙරො­යින් පානය කර ඇති සැක­කරු කොණ්ඩ රැවුල් කපා­ගෙන ඇත්තේද සහ­ස්පුර පිහිටි සැලුන් එක­කිනි. රැවුල් කොණ්ඩය කපා ස්වරූ­පය වෙන­ස්කර ගන්නා ලෙස ඔහු‍ට දැනුම් දී ඇත්තේද ඩුබා­යි­ව­ලිනි. ඒ පොලී­සිය ඔහු‍ෙග් ඡායා­රූ­පය ප්‍රසිද්ධ කර­මින් අල්ල­න්නට සොයන බව පව­ස­මිනි. ඒ අනුව සිය ස්වරූ­පය වෙන­ස්කර ගන්නා ඔහු පැය කිහි­ප­යක් බොරැල්ල සහ­ස්පුර රැඳී සිටි ඔහු සිය ජංගම දුර­ක­ත­නයේ සිටි කාඩ්පත ගලවා දුර­ක­ත­නය තමා සමඟ මත්කුඩු භාවිත කළ පුද්ග­ල­යාට ලබාදී පිටත්ව ඇති බව සඳ­හන්ය. ඒ යන අතරතුර එම සිම්පත වෙනත් දුර­ක­ත­න­ය­කට දමාගෙන එය භාවි­ත­කර ඇති බව කියවේ. ඔහු සතුව දුර­ක­තන දෙකක් මුල සිටම තිබී ඇති බව ද අනා­ව­ර­ණය වී තිබේ.

අතරමඟදී ඔහු වෙ‍ළෙඳසැල­කින් කැප් එකක් සහ අවු කණ්ණා­ඩි­යක් ද මිලදී ගෙන එය පැල­ඳ­ගෙන ගම­න්කර ඇති බව සඳ­හන්ය.

සහ­ස්පුර පුද්ග­ල­යාට ඔහු ලබා­දුන් ජංගම දුර­ක­ත­න­යද පොලී­සි­යට හමුවී ඇත. එම පුද්ග­ල­යාව ද අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. එම ජංගම දුර­ක­ත­නය මෙන්ම අත්අ­ඩං­ගු­වට ගන්නා අව­ස්ථාව දක්වා සැක­කරු භාවිත කළ දුර­ක­ත­නය සම්බ­න්ධ­යෙන්ද වෝහා­රික පරී­ක්ෂා­වක් සිදු­ක­ර­මින් සැක­කරු සම්බ­න්ධ­කම් පැවැත්වූ පුද්ග­ල­යන්ගේ මෙන්ම ඔහුව මෙහෙ­ය­වන ලද පුද්ග­ලයා සම්බ­න්ධ­යෙන් තොර­තුරු අනා­ව­ර­ණය කර ගැනී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් විම­ර්ශන ආරම්භ කර තිබේ. මෙම සැක­කරු බොරැල්ලේ සිට කොට්ටා­වට ගොස් එහි සිට මහ­ර­ග­මට පැමිණ ඇත. අන­තු­රුව ඔහු නාවින්නේ පිහිටි ජංගම දුර­ක­තන අලෙවි ස්ථාන­ය­කට ගොස් පිට­තට එන අව­ස්ථා­වේදී රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් පරී­ක්ෂ­ක­ව­ර­ය­කුට ඔහුව නිරී­ක්ෂ­ණය වීමෙන් අන­තු­රුව කොටු­ක­ර­ගෙන තිබේ.

ඔහුව කොටු­කර ගැනී­මට ප්‍රදේ­ශ­වා­සීන් පිරි­සක් ද සහාය දී ඇත. පලා­ය­මින් සිටි සැක­කරු අල්ලා ගැනී­මෙන් අන­තු­රුව ඒ වන­වි­ටත් ඔහුව සොයා මහ­ර­ගම හා ඒ අවට සැරි­ස­ර­මින් සිටි බුද්ධි අංශ නිල­ධා­රීන් සහ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් ඔහුව අත්අ­ඩං­ගු­වට ගැනී­මට පිය­වර ගෙන තිබේ. එම අව­ස්ථා­වේදී ඔහු­ගෙන් ප්‍රශ්න කරන ආකා­රය දැක්වෙන වීඩි­යෝ­වක් ද මාධ්‍ය ඔස්සේ ප්‍රචා­රය විය. එහිදී ඔහු ඩුබායි ලොක්කා යැයි යම් පුද්ග­ල­යෙක් ගැන සඳ­හන් කර තිබේ. විම­ර්ශ­න­ව­ලින් පෙනී ගොස් ඇත්තේ මෙම සැක­ක­රුව මෙහෙ­යවා ඇත්තේ ඩුබා­යිහි රැඳී සිටින රජිත සහ ඩුබායි ලොක්කා යන අය බවය.

රටින් පලා­ගොස් විදේ­ශ­ග­තව රැඳෙ­මින් මෙරට අප­රාධ මෙහෙ­ය­වන පාතා­ලයේ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­වන්‌ගේ ලැයි­ස්තුවේ මේ කියන පුද්ගල නාම නොමැති බව ද පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

වෙස් මාරු­ ක­ර­ගෙන සිටි­යත් වෙඩි­ක්ක­රුව හඳුනා ගැනී­මට පොලී­සි­යට හැකි­යාව ලැබෙන්නේ ඒ අයි තාක්ෂ­ණ­යෙන් සැක­ක­රුගේ රූව 08ක් විවිධ ස්වරූ­ප‍යෙන් සක­ස්කර ඒ හැම රූප­යක් සම්බ­න්ධ‍ෙන්ම අව­ධා­න­යෙන් සැක­කරු පස්සේ පැන්නීම නිසා බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. වැලි­ගම සභා­පති ඝාත­නය වෙනු­වෙන් වෙඩි­ක්ක­රුට ලද රුපි­යල් ලක්ෂ 15ක මුද­ලින් රුපි­යල් ලක්ෂ දෙළ­හ­මා­රක පමණ මුද­ලක් කැකි­රා­වේදී අත්අ­ඩං­ගු­ව­ට­ ගත් ඔහුගේ බිරිඳ සතුව තිබී සොයා­ගෙන ඇත.

වෙඩි ප්‍රහා­ර­යට යෑමට පෙර යතු­රු­පැදි ආර­ක්ෂක හිස් වැසුම්, ඇඳුම්, දුර­ක­තන මිලදී ගැනී­ම­ටද රුපි­යල් 50,000ත් 100,000ක් පමණ මුද­ලක් වැය කර ඇති බව අනා­ව­ර­ණය වී තිබේ.

තවත් රුපි­යල් 25,000ක් කැකි­රා‍වේදී වඩේ වෙළෙ­න්දාට දී ඇත. සෙසු මුදල් අත­ර­මඟ කෑමට බීමට සහ වෙනත් කට­යුතු සඳහා වැය වී ඇතැයි හෙළිවී ඇත.

( ආණ්ඩුවේ දිනමිණ පුවත්පතට ගයාන් කුමාර වීරසිංහ ලියූ ලිපියකි)

Archive

Latest news

Related news