⭕ වකුගඩු අකර්මණ්‍ය වී මරණයට හේතු වන විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් වන ඩයිඑතිලීන් ග්ලයිකෝල් (DEG) වලින් දූෂිත කැස්ස සිරප් පානය කිරීමෙන් අවම වශයෙන් ඉන්දියාවෙහි ළමුන් 20 දෙනෙකු මිය ගොස් ඇත. මෙම සිරප් ලංකවෙහි භාවිත වන්නේ ද යන්න දැන ගැනීමට නැත.
එම සිරප් වර්ග සහ නිශ්පාදකයින් මෙසේය.
1. Coldrif – Sresan Pharmaceuticals විසිනි
2. Re-Life සිරප් – Shape Pharmaceuticals Pvt. Ltd විසිනි.
3. Respifresh-TR – Rednex Pharmaceuticals Pvt. Ltd විසිනි.
4. Dextromethorphan Hydrobromide සිරප් – Kaysons Pharmá Pvt. Ltd විසිනි.
⭕ සියලුම සිරප් හතරෙහි එකී නිෂ්පාදකයින් විසින් නිපදවන ලද අතර ඒවා වෛද්‍යවරයකුගේ අනුමැතියෙන තොරව කවුන්ටරයෙන් ලබා ගත හැකි ඖෂධ ලෙස විකුණනු ලැබේ.
⭕ ඉන්දියාවෙහි මධ්‍ය ප්‍රදේශ් හි බහුවිධ ළමා මරණවලින් පසු ලෝක සෙෘඛ්‍ය සංවිධානය දූෂණය තහවුරු කළ බව පවසන නමුත් 2024 දෙසැම්බර් සිට සාදන ලද සියලුම මුඛ සිරප් පරීක්ෂා කරන ලෙස ඉල්ලා සිටී.
⭕ මෙම සිරප් වලින් කිසිවක් දුටුවහොත් හෝ භාවිතා කරන්නේ නම් වහාම ප්‍රවේශම් වන ලෙස ලෝක සෙෘඛ්‍ය සංවිධානය ඉල්ලා සිටී. දරුවන්ට ඖෂධ ලබා නොදෙන්න.
⭕ සායන, ෆාමසි හෝ නිවාසවල තිබේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ට ඒ බව දන්වන්න.
⭕ ලේබල් නොකළ හෝ සැක සහිත මුඛ ඖෂධ සඳහා අවදියෙන් සිටින්න.
(SriLanka Brief/23 October 2025)
Numbers.lk @numberslka ඉංග්‍රීසි එකස් සටහනක් ද ඇසුරිණි
.