වෙනත් ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන්ගෙන් සමන්විත LGBTIQ+ ප්‍රජාවට සමානත්වය සඳහා නීති සංශෝධනයක් අත්‍යවශයයි- මානව හිමිකම් කොමිසම
සමලිංගික, දෙලිංගික, පුරුෂ-ස්ත්‍රී ලිංගික, ලිංගිකත්වය පිළිබඳව සැක සහිත සහ වෙනත් ලිංගික අනන්‍යතා සහිත පුද්ගලයන්ගෙන් සමන්විත LGBTIQ+ ප්‍රජාව පිළිබඳව සමාජයේ අදහස් වඩාත් ධනාත්මකව වෙනස් වී ඇති නමුත්, සම්පූර්ණ සමානාත්මතාවය සහ අයිතිවාසිකම් ආරක්ෂාව සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වැනි වගන්තිය ඉවත් කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
මෙම වගන්තිය යටතේ “අස්වභාවික ලිංගික සම්බන්ධතාවයක යෙදෙන ඕනෑම පුද්ගලයෙකු” යන අර්ථය දක්වා ඇති අතර, වයස අවුරුදු 18 ඉක්මවා ඇති පුද්ගලයන් අතර එකඟතාවයෙන් සිදුවූවක් වුවද වසර 10 දක්වා සිරදඩුවමක් සහ දඩයක් පැනවිය හැකිය.
මානව හිමිකම් කොමිසෙම් කොමසාරිස්වරයකු වන නීතිඥ නිමල් පුංචිහේවා පවසන්නේ, “පෙර සමයේ සමාජයෙන් වෙන්වූ අය ලෙස සැලකුණු වූ LGBTIQ+ ප්‍රජාව අද වඩාත් පිළිගැනීමක් ලබමින් සිටීන බවත් ඔවුන්ට තම අයිතිවාසිකම් සඳහා හඬ නඟා ගැනීමට විශ්වාසය ඇතිවී ඇති බවත්ය. නමුත්, මෙම ප්‍රගතිය සම්පූර්ණ නැත” යනුවෙනි.
ඔහු වැඩිදුරටත් පවසන්නේ, “සම්පූර්ණ සමානාත්මතාවයක් සඳහා 365 වැනි වගන්තිය ඉවත් කළ යුතුය. කලින් ඔවුන්ට අයිතිවාසිකම් නොමැති බවක් පවා පෙනී ගියේය. අද ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිගැනීමක් පවතී. නමුත්, නීතිමය බාධාව ඉවත් නොකළහොත් සම්පූර්ණ සමානාත්මතාවය ලබාගත නොහැක” යනුවෙනි.
2023 දී මානව හිමිකම් කොමිසම විසින් එවකට අධිකරණ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අමාත්‍යවරයාට ලිඛිතව නිර්දේශ කර තිබුණේ, 365 සහ 365A වැනි වගන්ති සංශෝධනය හෝ ඉවත් කළ යුතු බවයි. මෙම නිර්දේශය මානව හිමිකම් කොමිසමේ පනත අංක 21 of 1996 යටතේ රජයට ජාතික නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව ගැලපෙන ලෙස උපදෙස් දීමේ බලය මත පදනම්ව සිදුකර ඇත.
2024 දී, LGBTIQ+ ප්‍රජාවේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දණ්ඩ නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මංත්‍රී දොලවත්ත විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි. නමුත්, එය තවදුරටත් ඉදිරියට ගෙන යාමක් නොමැතිව අත්හිටුවී තිබේ.
වර්ථමාන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ඒමට පෙර එකී ප්‍රජාවෙහි අයිතීන් සහතික කිරීමට පොරොන්දු වූ නමුත් දැන් එම ස්ථාවරය පසුගාමී බලවේගයන්ට බියෙන් අතහැර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක දැන් කියන්නේ තමන් ජනතාව අකමැති කිසිදු දෙයක් නොකරන බවයි. ජනතාව යන්නෙන් ඔහු අදහස් කරන්නේ සමහර බෙෘද්ධ භික්ෂුන්, පූජකයින් සහ වෙනත් පසුගාමී බලවේගයන්ය.