Wednesday, October 22, 2025

Facebook සමාගම “Post” බොත්තම ඉවත් කරයි; ඉන් ඇතිවන ප්‍රශ්න මොනවාද?

Facebook යනු ලෝකයේ ජනප්‍රියතම සමාජ ජාලා වේදිකාවකි.  එය පරිශීලකයන්ට තම අදහස්, පුවත්, ඡායාරූප සහ වීඩියෝ බෙදාගැනීමට ඉතා පහසු ක්‍රමයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෑතදී දී Facebook විසින් “Post” සෙවීමේ පෙරහන් (search filter) එක නිහඬව ඉවත් කිරීම පරිශීලකයන් අතර විශාල අවුලක් ඇති කර තිබේ.

 “Post” බොත්තම ඉවත් කිරීම

මෙහිදී “Post” බොත්තම යනු කවර හෝ ලිපියක්, පින්තූරයක්, වීඩියෝවක් පළ කිරීම සඳහා භාවිතා කරන බොත්තම නොවෙයි. Facebook සෙවීම් පද්ධතියේ තිබූ “Posts” නම් පෙරහනයයි ඉවත් කර තිබෙන්නේ. එය පරිශීලකයන්ට තමන්ගේ හෝ අනෙකුත් අයගේ පළකිරීම් සෙවීමට උපකාරී වූ මෙවළමකි.

මෙම පියවර ගැනීමට පෙර මේටා සමාගම කිසිදු දැනුම් දීමක් නොකළ අතර බන් පසු හෝ කිසිදු පැහැදිලි කිරීමක් කර නැත. තනි සමාගමක් මගින් දශ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ අදහස්  ප්‍රකාශ කිරීම හිතුමතයට පාලනය කිරීමක් ලෙස මෙයට විරෝධය පළ වූ ඇත.

 මෙය ඉවත් කිරීමෙන් ඇතිවන ප්‍රධාන අභියෝග මොනවාද?

  1. අන්තර්ගත සෙවීමේ අපහසුතාවය

Facebook පරිශීලකයන්ට දැන් විශේෂිත පළකිරීම් සෙවීම අසීරු වී ඇත. විශේෂයෙන්ම පැරණි පළකිරීම් හෝ විශේෂ තොරතුරු සෙවීමට “Posts” නම් පෙරහනය  ඉතා වැදගත් විය.

  1. පෞද්ගලික ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය

තමන්ගේ පැරණි අදහස්, සංවේදී තොරතුරු හෝ අසාර්ථක දොස් සහිත පළකිරීම් සෙවීමේ හැකියාව අහිමි වීමෙන් පරිශීලකයන්ට තමන්ගේ ඩිජිටල් වැරදි ඉවත් කිරීම වැනි පාලනය කිරීම අඩාල වේ.

  1. සමාජ කණ්ඩායම් සහ පිටු කළමනාකරණයට බලපෑම

Facebook කණ්ඩායම් පරිපාලකයන්ට නීති උල්ලංඝනය කරන පළකිරීම් හඳුනා ගැනීම දැන් අපහසුය. මෙය සමාජ හවුල් තුළ විනය සහ විශ්වාසය අඩු කරයි.

  1. පරිශීලක අත්දැකීමේ පහසුව අඩු වීම

“Post” පෙරහන් එක ඉවත් කිරීම පිළිබඳව Facebook කිසිදු නිල නිවේදනයක් නිකුත් කර නැත. එය පරිශීලකයන් අතර අවුලක් ඇති කර තිබේ. බොහෝ දෙනෙක් මෙය දෝෂයක් ලෙස  දක්වති.

  1. විශ්වාසය සහ වගකීම අඩු වීම

පළකිරීම් සෙවීමේ හැකියාව අහිමි වීමෙන්, ව්‍යාජ තොරතුරු, ව්‍යජ ප්‍රචාරණ සහ අසාධාරණ පළකිරීම් හඳුනා ගැනීම අපහසු වේ. මෙය විශේෂයෙන්ම Facebook කණ්ඩායම් සහ විවෘත පිටු සඳහා අභියෝගයක් වේ.

පරිශීලක ප්‍රතිචාර සහ විකල්ප

Facebook විසින් මෙය නිලවශයෙන් පැහැදිලි නොකළද, පරිශීලකයන්ට අදහස් ලබාදීම සඳහා feedback විකල්පය තවමත් ඇත. සමහරක් browser extensions හරහා සෙවීම් සඳහා විකල්ප ක්‍රම භාවිතා කරයි, නමුත් ඒවා සීමිත වේ.

Archive

Latest news

Related news