පළාත් සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ජාතික ජන බලවේගයේ (NPP) පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ද්‍ර කළ ප්‍රකාශයක් වටා ඇති මතභේදය පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අදහස් දක්වමින්, ඇයගේ ප්‍රකාශ අධිකරණයට අපහාස කිරීමක් හෝ අධිකරණ ක්‍රියාවලියට ඇඟිලි ගැසීමක් ලෙස තමා විශ්වාස නොකරන බව කියයි.
ඔහු ඒ බව සඳහන් කළේ පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන වැඩසටහනේදීය.
මංත්‍රිනී ලක්මාලි හේමචන්දු අහංතාර මවාගත් බලයක් පෙන්නුම් කරමින් කතා කිරීමට කැමැත්ත දක්වයි. ඇය විසින් මෙවැනි නොසැළකිල්මත් ප්‍රකාශයක් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය නොවේ.
මාර්ග සංවර්ධන අධිකාරියට (RDA) අයත් ඉඩම්වල පදිංචි පවුල් ගණනාවක් ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හේමචන්ද්‍ර රාජ්‍ය නිලධාරීන්ට කළ ප්‍රසිද්ධ ප්‍රකාශයකින් මෙම මතභේදය ඇති විය. මෙම ආරවුලට පර්චස් හය බැගින් වූ ඉතිරි ඉඩම් කැබලි 12 ක් පමණ ඇතුළත් වේ. වසර 25 ක් පමණ එහි ජීවත් වූ මෙම පවුල්, දැනට මාර්ග සංවර්ධන අධිකාරිය සතු කොටසෙන් වැටකින් වෙන් කර තිබේ. විකල්ප ස්ථානයක් ලබා දෙන්නේ නම් එම ඉඩම්වලින් ඉවත්වීමට එම පිරිස කැමැත්ත පළ කර තිබේ.
ඇය කළ ප්‍රකාශය මෙසේය:, “එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?” .
“අධිකරණයට අපහාස කිරීම” පිළිබඳ නීතිමය තීරණය අවසානයේ අධිකරණයට භාර වුවත්, ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට දේශපාලන බලධාරීන්ට වරමක් ඇති බවත්, ප්‍රතිපත්තිමය තීරණයක් අධිකරණයට අපහාස කිරීමක් නොවන බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.
අධිකරණ නියෝගයක් නොමැතිව රජයට රජයේ ඉඩමෙන් පුද්ගලයින් ඉවත් කළ නොහැකිය. කෙසේ වෙතත්, ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කළ පසු, එය සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා කාලරාමුවක් අධීකරණය නියම කරන්නේ නැත.
මන්ත්‍රීවරියගේ මැදිහත්වීමේ තිබූ අරමුණට සහාය දක්වමින්, ඉවත් කිරීම් සිදු කිරීමට පෙර බලපෑමට ලක් වූ පුද්ගලයින් සඳහා නිසි නැවත පදිංචි කිරීම සහතික කිරීමට රජයට වගකීමක් ඇති බව අමාත්‍ය නානායක්කාර පැවසීය.
පවතින සියලුම ඉවත් කිරීමේ නියෝග වහාම දැඩි ලෙස ක්‍රියාත්මක කළහොත්, කොළඹ පදිංචිකරුවන්ගෙන් සැලකිය යුතු කොටසක් – සමහර විට තුනෙන් එකක් – අවතැන් වනු ඇති බව ඔහු තවදුරටත් පැවසීය.
ලක්මාලි හේමචන්ද්‍රගේ “අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොකරන්න” යන වාක්‍ය ඛණ්ඩය නරක පූර්වාදර්ශයක් බව ඇමතිවරයා පිළිගනී. එනමුත් එම ප්‍රකාශය කළ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව තුළ පරිපාලන සාකච්ඡාවල පුළුල් සන්දර්භයෙහි එම ප්‍රකාශය සලකා බැලිය යුතු බව ඔහු අවධාරණය කරයි.
ලක්මාලිගේ ප්‍රකාශයේ බරපතලකම තේරුම් ගත් රැස්වීමට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, පවතින අධිකරණ නියෝගයකට ඇඟිලි ගැසීමට රජයට කිසිදු අදහසක් නොමැති බව වහාම පැහැදිලි කළේය.
ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රීවරිය සිය වචන වඩාත් ප්‍රවේශමෙන් තෝරා ගත යුතුව තිබු බව ඇමතිවරයාද පිළිගත්තේය.
එම අවවාදය මංත්‍රිනී ලක්මාලි ලොකු අකුරින් ලියා තබා ගත යුතු එකකි. සමාජ මාධ්‍ය ගොදුරක් ඩැහැ ගැනීමට බලා සිටින කිඹුළන් වැනිය. එය අල්ලා ගන්නේ තමන්ට අවශ්‍ය ටික පමණය.
( SriLanka Brief/21 October 2025)