බටහිර නායකයන්ගේ ගාසා යුද විරෝධයේ ව්‍යාජත්වය – ජගත් සිරිවර්ධන
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පසුගිය මහා සභා රැස්වීමේ දී ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු තම දේශනය පැවැත්වීමට සූදානම් වන විට මහා සභාවට සභාගි වී සිටි රාජ්‍ය නායකයන්ගෙන් බහුතරයක් ඊශ්‍රායෙල් නායකයාට විරෝධය පාමින් රැස්වීම් ශාලාවෙන් පිටතට ගිය බව කවුරුත් දන්නා කාරණයකි.
ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ පලස්තීන වැසියන්ට එරෙහිව ගෙන යන ජන සංහාරක යුද්ධයට විරෝධය පෑම සඳහා එම රාජ්‍ය නායකයින් එලෙස කටයුතු කිරීම ලෝදනන්ගේ ප්‍රසාදයට හේතු වූ බව ද පෙනේ. මෙලෙස විරෝධ පෑ රාජ්‍ය නායකයන්/ නියෝජිතයන් අතර ලෝකයේ බලවත්ම රටවල්වල සංවිධානයක් වනG 7 රටවල නායකයන් කිහිප දෙනෙකු ද සිටි බව වාර්තා වී ඇත.
එසේම ගාසා තීරයේ මේ වන විට වසර 2ක් පමණ කාලයක් පුරා පවතින ම්ලේච්ඡ යුද්ධය වහා නවතා දෙපාර්ශවය (ඊශ්‍රායලය හා හමාස් සංවිධානය) අතර සටන් විරාමයක් ආරම්භ කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවට ඇමරිකා එක්සත් ජනපදය හා තවත් රටවල් 5ක් හැර සෙසු සියළුම රටවල රාජ්‍ය නායකයන් සහයෝගය ලබාදුන් බව ද සත්‍යයකි.
වෙනස පිටුපස ඇත්ත
මේ සිදුවීම් දෙක සැලකිල්ලට ගන්නා ඇතැම් නිරීක්‍ෂකයන් හා විචාරකයන් පවසන්නේ ලෝකයේ රටවල් බහුතරය පමණක් නොව, ඇ.එ.ජ. හැර ඇතැම් G7 රටවල් පවා ගාසා යුද්ධය සම්බන්ධයෙන් තම ආකල්පයේ යහපත් පරිවර්තනයක් ඇති කරගෙන තිබෙන බවය.
එහෙත් ලෝකයේ ඇතැම් ඉතා බලවත් රාජ්‍ය නායකයින් ගාසා යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය කෙනෙකු විචාරාත්මක විග්‍රහයකට යොමු කළහොත් පෙනී යනු ඇත්තේ G7 ඇතුළු ලෝකයේ බලගතුම රටවල රාජ්‍ය නායකයින් විසින් ගාසා යුද්ධයේ දී ඊශ්‍රායලය විසින් සිදු කරගෙන යන යුධ අපරාධවලට එරෙහි ලෝක ජනමතය හමුවේ හුදෙක් ව්‍යාජ ලෙස අඩියක් පස්සට ගෙන ඇති බව ය.
නෙතන්යාහුගේ කතාව අතරතුර එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් විශාල වශයෙන් එය වර්ජනය කල අතර, කාමරය හිස්ව තිබුණි.
එතරම් ම උචිත නොවන උදාහරණයකින් ඔවුන්ගේ මෙම පරිවර්තනය සමාන කරන්නේ නම් එය වනාහි අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දැමීමකි. තවත් වසර ගණනාවකට සෑහෙන්නට ඊශ්‍රාලයට යුධ ආධාර ලබා දී ඇති බලගතු රටවල් ඊශ්‍රායල අගමැතිගේ දේශනය වර්ජනය කිරීම වනාහි හුදෙක් ලෝදනන් රැවටීමට ගත් උත්සාහයකි. ඒ බව “ගාසා යුද්ධයේ දී බලගතු රටවල් විසින් ඊශ්‍රාලයට සපයා ඇති යුධ ආධාර හා යුධායුද අලෙවි ලැයිස්තුව” යන හිසින් පළවී ඇති ලිපිය (https://en/wikipedia.org>wiki>hstofmilatoryaid) කියවීමේ දී පැහැදිලි වේ.
ට්‍රම්ෆ්ට යටවීම
ඒ සියල්ලටම පළමුව විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් ඇත. එනම්, ගාසා වැසියන්ට තම නිජබිමෙන් ඉවත් යන ලෙස නියෝග ඛර ඇති ඇමරිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව වචනයක් පිට කිරීමට මෙම සමුළුවේ දී කිසිදු ලෝක නායකයකු ඉදිරිපත් වූයේ නැත. ඔහුට සුපුරුදු ආඩම්බර දේශනය කිසිදු බාධාවකින් තොරව පැවැත්වීය. ඇමරිකාවේ යුධ ආධාර හා භූ දේශපාලන ක්‍රියාන්විතය නොතිබෙන්නට ඊශ්‍රායලයට මෙම ජනඝාතක යුද්ධය කළ හැකි වන්නේ නැත.
ආයුධ ජාවාරම
ලෝකයේ මහා ප්‍රාග්ධන හිමියන්ට වැඩිම ලාභයක් උපයා ගත හැකි නිෂ්පාදනය වන්නේ ආයුධ නිෂ්පාදනයයි. එනිසා ආයුධ නිෂ්පාදන සමාගම් තම රටවල නායකයන් සමඟ එක්වී තම නිෂ්පාදන සඳහා වෙළෙඳපොළක් නිර්මාණය කර ගැනීමට නිරන්තරයෙන් උත්සුක වෙති. ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ වැසියන්ට එරෙහිව වසර 2 ක් පුරා කරගෙන යන ජන සංහාරක යුද්ධය සාධාරණීකරණය සඳහා ඊශ්‍රායලයත්, ඇමරිකාව ප්‍රධාන ඊශ්‍රායලයේ මිතුරු රටවලුත් පවසා ඇත්තේ එය ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා කරන යුද්ධයක් බවය. ඔවුන්ට එසේ කීමට හැකි වී ඇත්තේ හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් මුල් සතියේ දී ඊශ්‍රායලයට එරෙහිව කල ක්‍ෂණික ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විශාල ඊශ්‍රායල වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කිරීම හා හා ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ගාසා දේශයට බලහත්කාරයෙන් රැගෙන යාමකි. හමාස් සංවිධානයේ එම මුග්ධ ක්‍රියව විසින් සිදු කර ඇත්තේ ඊශ්‍රායලයට හා ඇ.එ.ජ. යට මැද පෙරදිග කලාපයේ තම ව්‍යාප්තවාදී ක්‍රියාන්විතය සඳහා පසුබිම සකස් කර දීම ය.
ගාසා යුද්යේ දී ආයුධ හා නිෂ්පාදන සමාගම් ඊශ්‍රායලයට අලෙවි කර ඇති යුධ ආයුධ හා යුධ ආම්පන්න සම්භාරය දෙස බලන විට කෙනෙකුට ඇති වන සැකය වන්නේ හමාස් සංවිධානයේ එම මුග්ධ ප්‍රහාරය, ආයුධ නිෂ්පාදකයන්, ඇමරිකාව හා ඊශ්‍රායලය ප්‍රධාන කණ්ඩායමකගේ මැද පෙරදිග ජනයාට එරෙහි කුමන්ත්‍රණයකට හමාස් සංවිධානය ගොදුරු වූයේ ද යන්න ය. ඔවුන් ගාසා යුද්ධය ගාසා තීරයෙන් ඔබ්බට ව්‍යාප්ත කර තිබේ. ඉරානයට එරෙහි ව ඇමරිකාව සිදු කළ ඇති දැවැන්ත ප්‍රහාරය එම යුධ දේශපාලනයේ ප්‍රකට ප්‍රකාශනයක් ලෙස සැලකිය හැක.
බටහිර සහාය නැතිනම්
ඇ.එ.ජ. ඇතුළු G7 රටවල යුද්ධ ආධාර නොලැබුනා නම් ඊශ්‍රායලයට මෙම යුද්ධය මෙතුවක් කල් නඩත්තු කරන්නට හැකිවන්නේ නැත. ගාසා තීරයේ ජන සංහාරක යුද්ධය ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට එරෙහිව දියත් කරන ලද යුද්ධයකට වඩා ඇ.එ.ජ. විසින් තමන්ට අවනත නොවන මැද පෙරදිග ත්‍තා්රාගත් රටවල් කිහිපයකට එරෙහිව දියත් කර ඇති යුද්ධයක් ලෙස පෙනී යන තරමට මෙම යුද්ධයට ඇති ඇමරිකාවේ ප්‍රබල දායකත්වය සාක්ෂි දරයි. එනිසා, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේ දී ඊශ්‍රායල් අගමැති නෙතන්යානුට එරෙහිව පමණක් රාජ්‍ය නායකයන් විරෝධය පා, ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප්ට ඉවසීමෙන් හා ලෙන්ගතුව සවන් දුන්නේ ඇයි යන ප්‍රශ්නය යළි වරක් මතු කිරීමට සිදු වේ.
මතු සඳහන් ලිපිය පදනම් වී ඇත්තේ ඊශ්‍රායලයේ “ආරක්ෂක සම්බන්ධීකරණ කණ්ඩායම” (Defence Coordination Group) විසින් එහි මාසික රැස්වීම්වල දී, යුද්ධය පැවැති කාලය තුළ ඊශ්‍රාලයට බලගතු රටවලින් ලැබී ඇති යුධ ආධාර හා එම රටවල් විසින් ඊශ්‍රාලයට කර ඇති ආයුධ අලෙවි කිරීම් පිළිබඳ වාර්තා සටහන් මත ය. සියළු යුධ ආධාර හා ආයුධ අලෙවිවලින් 60% පමණ කර ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදය විසිනි. ඉතිරි 40% ට වග කියා ඇත්තේ ඨ7 රටවල් කිහිපයක් ඇතුළු වෙනත් බලගතු රටවල් කිහිපයකි.
මිනීමරුවා හා පන අදින වින්දිතයා අතර සටන් විරාමයක්
යුධ ආයුධ හා ආම්පන්න සැපයීම්, යුධ පුහුණුවීම් ලබාදීම, යුධ රහස් පරීක්‍ෂණ පුහුණුවීම් හා උපකරණ ලබාදීම, සොල්දාදුවන්ට ප්‍රතිකාර ලබාදීම, යුධ සැපයුම් සංවිධානය (Logistics) සහ මූල්‍ය ආධාර සැපයීම ලෝකයේ බලගතු රටවල් විසින් යුද්ධයේ ආරම්භයේ සිට ම අඛණ්ඩවම සිදු කර තිබේ. ඇ.එ.ජ. ගැන විස්තර සැපයීමක් අවශ්‍ය නොවන තරම් ය. මන් ද, මේ වන විටත්, ඇමරිකන් ජනාධිපතිවරයා විසින් පලස්තීන නායකයින්ට ගාසා තීරයෙන්, පිටවී යන ලෙස තර්ජනය කර ඇත. අද වන විට ගාසා තීරය සුන්බුන් ගොඩකි. ඇමරිකන් ජනාධිපති ට්‍රම්ප් විසින් හමාස් සංවිධානය වෙත පටවා ඇති සටන් විරාමය මිනීමරුවා හා පන අදින වින්දිතයා අතර සටන් විරාමයකි.
ජර්මන් චාන්ස්ලර් Friedrich Merz ද ගාසා ජන ඝාතනයේ හවුල් කරවෙකි
ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, බි්‍රතාන්‍ය එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව, කැනඩාව යන රටවල් පමණක් නොව, ඩෙන්මාර්කය, සර්බියාව හා ඉන්දියාව පවා ගාසා තීරයේ වැසියන්ට එරෙහි ජන සංහාරක යුද්ධය සඳහා ඊශ්‍රායලයට ආධාර කර තිබේ.
ඊශ්‍රාලයට ඍජු ප්‍රවේශයක් ඇති “ලෝක සැපයුම් දාමය” හරහා ඕස්ටේ්‍රලියාව විසින් 35 ප්‍රහාරක යානාවලට අවශ්‍ය අමතර කොටස් 2025 වර්ෂයේදීත් ඊශ්‍රායලයට සපයා දී තිබේ. ඕස්ටේ්‍රලියාව ඒ අවස්ථාවේ දී එම අමතර කොටස් ලබා නොදුන්නේ නම්, ඊශ්‍රායලයේ ත්35 ප්‍රහාරක යානා බලකාය අඩපන වීමට ඉඩ තිබූ බව ද මතු සඳහන් ලිපියේ සටහන්ව ඇත.
කැනඩා ආණ්ඩුව විසින් ගාසා යුද්ධයේ ආරම්භයේ දී ම ඊශ්‍රායලයට යුධ ආම්පන්න අපනයනය සඳහා තම රටේ සමාගම්වලට බලපත්‍ර ලබා දී තිබේ. මෙලෙස අපනයනය කර ඇති යුධ ආම්පන්න අතර බෝම්බ, දිය යටින් ගමන් කළ හැකි මිසයිල රොකට්, පිපුරුම් ආධාරක, විද්‍යුත් ආරෝපන ඊශ්‍රාලයට ලබා දී ඇති බව මතු සඳහන් ඊශ්‍රායෙල් වාර්තාවල සටහන් වී තිබේ.
2024 අගෝස්තු මාසයේ දී ඇ.එ.ජ. විසින් ඩොලර් බිලියන 20 ක යුද්ධායුධ ඊශ්‍රායලයට විකිණීමට එකඟ වී සිටි අතර, එම විකිණීමේ දී කැනේඩියානු යුද්ධායුධ ද අන්තර්ගත කර තිබුණි. 2025 වසරේ ජූලි මාසයේ ඊශ්‍රායෙල් බදු අධිකාරියේ දත්ත පදනමේ සටහන් පරීක්‍ෂා කරන විට පෙනී යන්නේ කැනේඩියානු “බඩු” තවදුරටත් ඊශ්‍රායලයට අපනයනය කර ඇති බව ය. එම “බඩු” යුධ ආයුධ ආම්පන්න බව ඊශ්‍රායල් ආණ්ඩුව විසින් හඳුන්වා දී ඇත. එම යුධ ආම්පන්න අතර 2025 වර්ෂයේ දී පතරොම් උණ්ඩ, සහ වෙනත් ආම්පන්න තිබූ බව ඊශ්‍රායෙල් වාර්තාවල සඳහන් වේ. එම යුධ ආම්පන්න, වත්මන් ආයුධ අපනයන තහනම යටතේ සිදු නොකළ යුතු අවි ආයුධ ගණයට අයත් වී ඇති බව නිරීක්‍ෂණය වීමෙන් පෙනී යන්නේ කැනේඩියානු රජයේ දෙබිඩි පිළිවෙතයි.
ප්‍රංශය, 2023 දී යුද්ධය ආරම්භ වීමෙන් පසු ඩොලර් මිලියන 353.7 ක් වටිනා මැෂින් තුවක්කු පතරොම් ඊශ්‍රායලයට අපනයනය කර ඇත.
යුද්ධය ආරම්භ වීමෙන් පසු ජර්මනිය විසින් යුරෝ මිලියන 326.56 (ඩොලර් මිලියන 353.7) ක් වටිනා ආයුධ ඊශ්‍රායලයට අපනයනය කර තිබේ. ජර්මනිය විසින් යුරෝ මිලියන 326.56 (ඩොලර් මිලියන 353.7) ඊශ්‍රායලයට අපනයනය කර තිබේ. එසේම යුධ ටැංකි දසදහසක් ද අපනයනය කර ඇත. එපමණක් නොව, ජර්මනියේ ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය පිළිබඳ අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ තමන් ගුවන් ආරක්ෂණ පද්ධතිය සහ සන්නිවේදන උපකරණ ඊශ්‍රාලයට සපයන බවය. යුධ ටැංකි නාශක සැහැල්ලු ආයුධ 3,000 ක්, තුවක්කු සඳහා පතරොම් ලක්ෂ 5 ක්, ගොඩබිම් වාහන, ආයුධ වැඩි දියුණු කිරීමේ හා එකලස් කිරීමේ පහසුකම්, ආයුධ නඩත්තුව හා පිළිසකර කිරීමේ පහසුකම් ද, ජර්මනිය විසින් ඊශ්‍රාලයට ලබා දී තිබේ. 2024 සැප්තැම්බර් මාසයේ දී ජර්මනිය විසින් ඊශ්‍රායලයට කරන ආයුධ අපනයනය පහළ බැස්සත් ඔක්තෝබර් මාසයේ දී ඩොලර් මිලියන 100 ක් වටිනා ආයුධ හා ආම්පන්න ඊශ්‍රාලයට අපනයනය කර තිබේ. ක්‍ෘඹ පක්‍ෂයේ නායකයා විසින් ජර්මන් ආණ්ඩුවට ඒත්තු ගන්වා ඇත්තේ යුධ ටැංකි සඳහා අමතර කොටස් අපනයන කළ යුතු බව ය. ඊශ්‍රාලයට ආයුධ අපනයනය නවත්වන බවට නිවේදනය කර තිබියදීත් ජර්මනිය විසින් ඊශ්‍රාලයට ආයුධ අපනයනය කර ඇති බව නිරීක්‍ෂණය වේ.
යුද්ධය ආරම්භ වීමෙන් පසු ඉතාලිය ඩොලර් මිලියන 2.3 ක් වටිනා ආයුධ ඊශ්‍රායලයට අපනයනය කර තිබේ.
යුද්ධය ආරම්භ වීමත් සමඟ නෙදර්ලන්තය F 35 යුධ ගුවන්යානාවලට අවශ්‍ය අමතර කොටස් ඊශ්‍රායලයට අපනයනය කර ඇත. ඊශ්‍රායලයට ආයුධ අපනයනය කිරීම රජය විසින් තහනම් කර තිබියදීත් 2024 ජූනි මාසයේ දී යළි ත්3 F35 ප්‍රහාරක යානාවලට අවශ්‍ය අමතර කොටස් ඇ.එ.ජ. හරහා ඊශ්‍රායලයට අපනයනය කර තිබේ.
ඩෙන්මාර්කය විසින් ද, F35 ප්‍රහාරක යානාවලට අවශ්‍ය අමතර කොටස් ඊශ්‍රායලයට අපනයනය කර තිබීම හෙලි වී වූයෛ් 2025 අප්‍රේල් මාසයේ දී එම අපනයනය රට තුළ දෝශ දර්ශනයට ලක් වූ නිසා ය.
මෝඩි ජනඝානයේ අනියම් හවුල්කරුවෙකි
ඉන්දියාව ද ගාසා යුද්ධයේ දී ඩ්‍රෝන හා පුපුරන ද්‍රව්‍ය ඇතුළු වෙනත් යුධ ආම්පන්න ඊශ්‍රායලයට අලෙවි කර ඇති බව හෙළි වී තිබේ. එබඳු යුධ ආම්පන්න රැගත් බඩු නැවක් ඊශ්‍රායලය වෙත යාත්‍රා කරද්දී ස්පාඤ්ඤ වරායක නැංගුරම් ලෑමට අවශ්‍ය වුවත් ස්පාඤ්ඤ රජය ඊට අවසර ලබා දී නැති බව ද වාර්තා වී ඇත.
සර්බියාවේ සමාගමක් 2024 වර්ෂයේ දී පවුම් මිලියන 42.3 ක් වටිනා කාලතුවක්කු උන්ඩ ඊශ්‍රායලයට විකුණා ඇති බවට වාර්තා වී තිබේ. 2025 ජූනි මාසයේ දී සර්බියාව ඊශ්‍රායලයට ආයුධ අපනයනය තහනම් කර ඇති බව නිවේදනය විය.
ඇ.එ.ජ.ය, ඊශ්‍රායලයේ ප්‍රධානම යුද්ධායුධ ආධාරකරු මෙන්ම ප්‍රධානම අලෙවි කරු බව රහසක් නොවේ. 2023 ඔක්තෝබර් මාසයේ දී ගාසා යුද්ධය ආරම්භ වනවාත් සමඟම ඊශ්‍රායලයට යුධ ආධාර සැපයීම සඳහා ඇ.එ.ජ. විසින් ඊශ්‍රායෙල් කලාපයට ප්‍රහාරක යානා සහිත යුධ නැව් පිටත් කර හැරියේ ය. ඊශ්‍රායලයලය විසින් ෂරදබ ෘදපැ ෂබඑැරජැචඑදරි ඉල්ලා සිටි විට ජනාධිපති බයිඩන් පවසා ඇත්තේ දින කිහිපයක් ඇතුළත එම ආධාර හා වෙනත් සම්පත් ලබාදිය හැකි බවය.
රාජ්‍ය ඇමති ඇන්ටන් බ්ලින්කන් පවසා ඇත්තේ ඨමසාැා ඵසිසකැ ඛ්මබජයැරි සහ ත්35 ප්‍රහාරක යානා ඇතුළු අවශ්‍ය සම්පූර්ණ සහාය ඊශ්‍රායලයට ලබාදීමට ඇමරිකාව සූදානම් බවය. බයිඩන් පරිපාලනය විසින් ඩොලර් බිලියන 2 ක් පමණ වන යුධ ආධාර පැකේජයක් ලබාදීම ආරම්භ කළේ ය. පෙන්ටගනය විසින් යුධ රහස් තොරතුරු ඒකරාශී කිරීම සඳහා විශේෂ ක්‍රියාන්විත කණ්ඩායමක් පිටත් කර හැරියේ ය. ඒ සමඟ ම ධවල මන්දිරය ප්‍රකාශ කළේ තවත් ඩොලර් බිලියන දෙකක යුධ ආධාර සැපයීම සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බව ය.
යුද්ධය ආරම්භ වනවාත් සමඟ ම ඔක්තෝබර් 17 වන දින නැව්ගත ආයුධ තොග 5ක් ඊශ්‍රායලයට ළඟා විය. ඔක්තෝබර් 20 වන දින ජනාධිපති බයිඩන් නිවේදනය කළේ, යුක්රේන්, තායිවාන්, ඊශ්‍රායෙල් හා ඇමරිකන් වෙරළාරක්ෂක කටයුතු සඳහා කොන්ග්‍රස් අනුමැතිය ඉල්ලා සිටින ඩොලර් බිලියන 105 ක පැකේජ තුළ ඊශ්‍රායලය සඳහා ඩොලර් බිලියන 14 ක යුධ ආධාර ඇති බවය.
2014 නොවැම්බරයේ දී ඇමරිකන් නියෝජන මන්ත්‍රණ සභාව විසින් ඊශ්‍රායලය සඳහා ඩොලර් මිලියන 14.5 ක යුධ ආධාර ලබාදීම අනුමත කළේ ය. 2014 දෙසැම්බර් වන විට ඇමරිකාව විසින් ඊශ්‍රායලයට බෝම්බ 15,000 ක් සහ 155පප ්රඑසකකැරහ ීයැකකි 57,000 ක් යවා ඇත්තේ ක්17 යුධ භාණ්ඩ ගුවන් යානා මගින් ය.
ඊශ්‍රායලයේ අයිතිය
2024 ජූනි මාසය වන විට එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 192 ක් 164 ක් ඊශ්‍රායලය රටක් වශයෙන් පිළිගෙන ඇත. ඒ අතර අරාබි ලිගයේ රටවල් 15 ක් හා අරාබි නොවන ඉස්ලාම් සහයෝගිතා සංවිධානයේ රටවල් 10 ක් ඊශ්‍රායලය පිළිගන්නේ නැත. ඊට අමතරව කියුබාව, උතුරු කොරියාව හා වෙනිසියුලාව, ඊශ්‍රායලය පිළිගන්නේ නැත.
ලෝකයේ රටවල් ඊශ්‍රායලය රටක් වශයෙන් පිළිගැනීම වරදක් නොවේ. බි්‍රතාන්‍යය ඇතුළු බලවත් රටවල් ඊශ්‍රායලය නමින් ඉස්ලාම් හා මුස්ලිම් විරෝධී ජන කණ්ඩායමක් සඳහා නව දේශයක් නිර්මාණය කිරීමේ අරමුණ කුමක් වුවත්, තමන්ගේම රටක් නොමැති ජාතියකට රටක් ඇති කිරීම තුළ ඇති සාධාරණත්වය ද ලෝවාසීන් තේරුම් ගත යුතු ය. එහෙත් නාසිවාදී හිට්ලර්ගේ පාලනය යටතේ ජන සංහාරයකට ලක් වූ ජාතියක් විසින්, වසර 100 කට පසු පලස්තීනුවන් එම ඉරනමට ලක් කිරීමෙන් ගම්‍ය වන්නේ කුමක් ද? බල තණ්හාව මිනිසා අමනුෂ්‍යයෙකු බවට පත් කරන බව ය.
දෙවන ලෝක යුද්ධය නිම වීමෙන් පසු ජර්මනියේ නාසිවාදී නායකයන් හා වෙනත් යුධ අපරාධකරුවන් යුධ අපරාධ අධිකරණයට කැඳවා දඬුවම් ලබා දෙන ලදී. ඊශ්‍රායල් නායකයන් ද යුධ අධිකරණයකට කැඳවිය යුතු බව නොබෝ කලකට පෙර දකුණු අප්‍රිකානු කමිටුවක් විසින් ප්‍රකාශ කර ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ දී ඊශ්‍රායෙල් නායකයාගේ කථාව ලෝක නායකයායන් විසින් වර්ජනය කිරීම ව්‍යාජයක් වුවත්, එමඟින් ලෝක ජනමතයට ගරු කිරීමක් ද සිදු වී ඇත.