( Sri Lanka Brief/ 06 August 2025) මෙරට සාමන්‍ය ජනයා සිය දරුවනට යහපත් අධ්‍යාපනයක් ලබා දීමට මහත් වෑයමක් දරන අතර තුර දේශපාලනඥයින්ගේ දරුවන්ට රාජපක්ෂ සමාගම ජනපති අරමුදලෙන් විදේශ ශිෂ්‍යත්ව සදහා අරමුදල් ලබා දී තිබේ.
ජනාධිපති අරමුදල පිහිටුවා ඇත්තේ නැති බැරි ජනයාට හදිසි වෛද්‍ය ආධාර ලබා දීම වැනි කටයුතු සඳහාය.
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක ඊයේ පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, 2005 සහ 2014 අතර කාලය තුළ ජනාධිපති අරමුදල් ශිෂ්‍යත්වවලින් ජනාධිපතිවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දරුවන් සහ ඥාතීන් ප්‍රතිලාභ ලබා ඇති බවයි.
ශිෂ්‍යත්ව සඳහා අදහස් කරන ලද අරමුදල් එම කාලය තුළ ජ්‍යෙෂ්ඨ දේශපාලන චරිතවල පවුලේ සාමාජිකයින්ට වෙන් කර ඇති බව වාර්තාවලින් පෙනී යන බව ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේය.
හිටපු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් චන්ද්‍ර රාජපකරුණාගේ පුත් හර්ෂණ රාජකරුණා, හිටපු කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාසේන කොඩිතුවක්කු (2006) ගේ ඥාතියෙකු වන අයි.එන්. කොඩිතුවක්කු, හිටපු ජාතික ලැයිස්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන්ගේ (2006) ඥාතියෙකු වන වී. රාධක්‍රිෂ්ණන්, 2006 දී දේශපාලන සම්බන්ධතා හරහා දිනේෂ් දොඩන්ගොඩ සහ කේ.කේ. පරණවිතාන (2006) යන අය ද මෙළෙස ජනාධිපති අරමුදලෙන් ප්‍රතිපාදන ලබා ගෙන තිබේ.
මේ සියලු දෙනාම වත්කම් සහිත පුද්ගලයින්ය.
අමාත්‍ය කරුණාතිලක විසින් කරන ලද ගෙවීම් විස්තර මෙසේය:
2005 දී රුපියල් මිලියන 73 කට වඩා, 2006 දී රුපියල් මිලියන 75 ක්, 2007 දී පුද්ගලයින් 42 දෙනෙකු සඳහා රුපියල් මිලියන 33 කට වැඩි මුදලක්, 2008 දී පුද්ගලයින් 18 දෙනෙකු සඳහා රුපියල් මිලියන 11 කට වැඩි මුදලක්, 2009 දී පුද්ගලයින් හතර දෙනෙකුට රුපියල් මිලියන 3 කට වැඩි මුදලක්, 2010 දී පුද්ගලයින් තිදෙනෙකුට රුපියල් මිලියන 3 කට වැඩි මුදලක්, 2011 දී පුද්ගලයින් දෙදෙනෙකුට රුපියල් මිලියන 1 කට වැඩි මුදලක්, 2012 දී පුද්ගලයින් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 3 කට වැඩි මුදලක් සහ 2014 දී එක් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 4 කට වැඩි මුදලක්.
ජනාධිපති අරමුදලෙන් ලැබෙන මුදල් අතීතයේ දී ජනාධිපතිවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන් සහ ඥාතීන් විසින් භාවිතා කර ඇති බව දැන් සනාථ වී තිබේ.
මෙම මුදල් එම පුද්ගලයින් විසින් යළි ලබා දිය යුතු බවට දැන් සමාජ මතයක් ගොඩ නැගී තිබේ. මෙය සහගහන අපරාධයක් බවද සමාජ මාධ්‍ය දක්වයි.