ජායාරූපය: ටිල්වින් සිල්වාට චීනයෙහි දී රාජ්‍ය නායකයකුට ලැබෙන පිළිගැනීමක් ලැබුණි.
ශ්‍රී ලංකාවේ අර්ථවත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා රජයක් අවම වශයෙන් වසර 15 සිට 20 දක්වා කාලයක් බලයේ සිටිය යුතු බව චීන කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරීන්ගේ අදහස බව ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපී) මහලේකම් ටිල්වින් සිල්වා පැවසයි.
ජේ. ආර් ජයවර්ධන 1082 දී ජනමත විචාරණයක් පවත්වා පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කර ගත්තේ ද එවැනි බලාපොරොත්තුවකිනි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ (සීපීසී) ආරාධනයෙන් සිදු කරන ලද ජූනි මාසයේ දී ජවිපෙ නියෝජිත පිරිසේ චීන සංචාරය පිළිබඳව සාකච්ඡා කරමින් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම ප්‍රකාශය කර තිබේ. එම සංචාරය අතරතුර, ටිල්වින් සිල්වාගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස ජ්‍යෙෂ්ඨ චීන කොමියුනිස්ට් පක්ෂය සහ රජයේ නිලධාරීන් සමඟ රැස්වීම් පැවැත් වූ බව වාර්තා විය.
තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, නියොජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ් .එම්. ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් මෙම සංචාරය සඳහා සහභාගී වීය.
වර්තමාන ජාතික ෙජන බලවේගයේ ආණ්ඩුවේ සෑබෑ නායකයා වන්නේ ලොකු අයියා ලෙස හදුන්වන ටිල්වින් සිල්වා බවට මතයක් තිබේ.
“චීන කොමියුනිස්ට් පක්ෂ නායකයින් කියා සිටියේ අපේක්ෂිත වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට වසර 15 සිට 20 දක්වා කාලයක් ගත වන බවයි. එයින් අදහස් කරන්නේ තවත් මැතිවරණ තුනක් හෝ හතරක් ජයග්‍රහණය කල යුතු බවත්ය. වසර පහක් ඇතුළත අප අපේක්ෂා කරන වෙනස්කම් කළ නොහැකි බව ඔවුන් පැවසීය. චීනය පරිවර්තනය කිරීමට ඔවුන්ට වසර 30 සිට 40 දක්වා කාලයක් ගත වී තිබේ,” යැයි ටිල්වින් සිල්වා සම්මුඛ සාකච්ඡාවදී පවසා තිබේ.
චීන නිලධාරීන් සමඟ පැවති සාකච්ඡා දිගුකාලීන පාලනය, පක්ෂ සංවර්ධනය සහ ආර්ථික කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කළ බව ජවිපෙ නායක ටිල්වින් සිල්වා පවසයි.
ජවිපෙ තව වසර 20ක් බලයේ සිටිනු ඇති බවට කියා සිටින පිරිස් මෙරට සිටිති.
“අපට තවදුරටත් විපක්ෂයක් මෙන් ක්‍රියා කළ නොහැක. අපි වඩාත් කාර්යක්ෂම විය යුතු අතර ඉක්මනින් ගමන් කළ යුතුයි. ඔවුන් අපට උපකාර කරන බව පැවසූ පාලනය, කළමනාකරණය සහ ආර්ථිකය පිළිබඳව ඔවුන්ගෙන් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබේ,” ඔහු තවදුරටත් පවසයි.
මහ මැතිවරණයට පෙර පුවත්පත් සාකච්චජාවක දී ටිල්වින් සිල්වා කියා සිටියේ රජයේ යාන්ත්‍රණයට සමාන්තරව තමන් ජවිපෙ ක්‍රියාධරයින්ගෙන් සැදුම් ලත් සමාන්තර යාන්ත්‍රණයක් ගොඩ නගන බවය.