“…..මෙලේච්ඡ යුගයක නිර්මාතෘවරු බෝධිසත්වයො වගෙ කතා කරන්න පටන් අරගෙන තියෙනවා. පාර්ලිමේන්තුව ගත්තොත් “බුදු අම්මෝ” අපට ඉස්සරහින් ඉන්නෙ බෝධිසත්ව වරුන්. අපි දේවදත්ත වරු. එහෙමයි පෙන්වන්නෙ. අපි පහු කෙරුවෙ ජනතා වාදී යුගයක් නොවෙයි.මෙලේච්ඡ යුගයක්.ඒ යුගයේ සංඛ්‍යාලේඛන දැන් අපට හමුවෙමින් පවතිනවා. සමහරු බස් වල බෝම්බ පුපුරවල තියෙනවා පාලකයො දැන ගෙන. බෝම්බ පිපිරුනාට පස්සෙ එතැනට ගිහිල්ල බලල වේදනාවෙන් කඳුළු හෙලල වැලපෙනවා. තව ටික දවසකින් එළියට එයි වාර්තා. ඒ එන කොට අපි හිතා ගන්න බැරි දේවල් කරපු පාලකයන්ගෙ තොරතුරු එළියට එයි.ශානි ආව කියල වැඩියෙන් කෑගැහැව්වෙ වරදවල් කරපු ඈයො….”
අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට නිවාස ණය බෙදා දීම සදහා පොළොන්නරුව පැවැති උත්සවයකට පසුගිය (11) දින සහභාගි වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් කුමාර එසේ පැවසුවේය. නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ මේ කතාව එතරම් බරපතල ලෙස මෙරට මාධ්‍ය ගණන් ගත් බවක් පෙනෙන්නට නොතිබුණි.එය වඩාත් තහවුරු වී ඇත්තේ කිසිම මාධ්‍යයක් නියෝජ්‍ය අමාත්‍යවරයාගේ කතාවෙන් අනාවරණය කරන ලද සැඟවුන තොරතුරු ගැන මෙතෙක් ප්‍රශ්ණ නොකළ නිසාය. තමන් ගවේෂණාත්මකව තොරතුරු අනාවරණය කරන බවට ආඩම්බර කතා කියන යූ ටියුබයන් බොහෝ දෙනෙක් සිටී. එහෙත් මේ යූ ටියුබයන් කිසිම අයෙක් නියෝජ්‍ය අමාත්‍යවරයා කොළය වසා සිදු කරන ලද බරපතල අනාවරණය අවධානයට ගත් බවක්ද පෙනෙන්නට නැත.
සැබැවින්ම නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් කුමාර මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ පසුගිය කාලයේ මෙරට දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා කුමන්ත්‍රණකාරීව සිදු කරන ලද මහ පොළොව නුහුලන තරමේ සහගහන මෙලේච්ඡ අපරාධයක් පිළිබඳවය.
මේ සාහසික අපරාධය මේ ලියුම්කරු විසින් ප්‍රථම වරට අනාවරණය කරන ලද්දේ මීට මාස ගණනකට පෙරය. එහෙත් එම තොරතුරු අනාවරණය සමාජය තුළ එතරම් අවධානයට පත් නොවූයේ එය “අතේ රෝලක්” බවට බොහෝ දෙනා කල්පනා කළ බැවින් යැයි සිතිය හැකිය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ තොරතුරු අනාවරණයේදී “සමහරු බස් වල බෝම්බ පුපුරවලා තියෙනවා පාලකයො දැන ගෙන“ යැයි පවසයි. දැන් නියෝජ්‍ය ඇමති පවසන පාලකයා පිළිබඳව ඕනෑම කෙනෙකුට ඉන්තේරුවෙන්ම ඔළුවට එන්නට ඕනෑය. ඒ නියෝජ්‍ය ඇමතිවරයා ජනතාව ඉදිරියේ කියා ඇත්තේ තුන් තේරවිල්ලක් නොවන නිසාය.
අපි ඒ සිදුවීම ගැන මීට ඉහතදී ලිව්වෙමු. අප ලියන ලද ඒ ප්‍රවෘත්ති වාර්තාවෙි අන්තර්ගතයේ සඳහන් තොරතුරු සත්‍ය බවට නියෝජ්‍ය ඇමතිවරයා මෙහිදී නොකියා කියා තිබේ.
ඔහු එහිදී එම සිද්ධිය පිළිබඳ සත්‍යයය නුදුරේදී හෙළි වෙන බවටත් පවසයි.
මේ වන විට පිල්ලෙයාන් ඉන්නේ රහස් පොලීසියේ අත් අඩංගුවේය. නියෝජ්‍ය ඇමතිවරයාගේ ප්‍රකාශය තුළ ඇත්තේ පිල්ලෙයාන් ගෙන් ප්‍රශ්ණ කිරීම නිසා හෙළි වූ තොරතුරු බව උපකල්පනය කළ හැකිය.
සැබැවින්ම මගී බස්රථයකට ක්ලේමෝ ප්‍රහාරයක් එල්ල කෙරුනේ කැබිලිති ගොල්ලෑව ප්‍රදේශයේදීය. ඒ 2016 ජුනි 16 වනදාය. මේ ක්ලේමෝ ප්‍රහාරයෙන් සමස්ත සමාජයම කම්පනයට පත් විය. එහිදී දකුණේ සිංහල ජනතාවගේ වීරයා වූයේ මහින්ද රාජපක්ෂය. ඒ ඔහු එම සිද්ධිය වූ ස්ථානයට ඒ මොහොතේම ගිය බැවිනි.
ක්ලේමෝ ප්‍රහාරයෙන් මිය ගිය සිය ඥාතීන් ගේ මළ සිරුරු අසල හඬා වැලපෙන මිනිසුන් අතර මහින්ද රාජපක්ෂ රඟපෑවේය. ත්‍රස්තවාදීන්ගෙන් පලි ගන්නා බවට වහසි බස් දෙඩුවේය. කැබිලිතිගොල්ලෑවේ වේදනාකාරී විලාපයන් සමග මහින්ද රාජපක්ෂගේ වීරත්වයද සිංහල බෞද්ධ සමාජය තුළ ඉතා ඉහළට එසවිනි. ඔහුට අභියෝග කරන්නට කිසිවෙකු නොවීය.

කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරයේ වගකීම එල්ටීටීය විසින් හෝ වෙනත් ත්‍රස්තවාදී සංවිධානයකින් බාර ගත්තේද නැත.
ඒ නිසාම බොහෝ යුද නිරීක්ෂකයන් තුළ මේ මෙලේච්ඡ සිද්ධිය පිළිබඳව සැකයක් තිබුණි. එහෙත් ඒ සැම දෙනාම සිටියේ සැකය හිත යට සඟවා ගනිමිනි.
රාජපක්ෂවරුන්ට එරෙහි වන වීරයන්ට සිද්ධ වූයේ අතුරුදන් වන්ටය. මරණ සහතිකයක් නැති මරණයකට හිමිකම් කියන්ටය.අත පය කඩාගන්නටය. එසේත් නැතිනම් රටින් පැන යන්ටය.සිංහල බෞද්ධ සමාජය තුළ රාජපක්ෂවරුන්ට එරෙහිවන්නන් සෑම දෙනාම එල්ටීටී කාරයන් ලෙසට ගණන් ගැණිනි.
ඒ නිසාම කැබිලිතිගොල්ලෑවේදී මගී බස් රථයකට එල්ල කරන ලද ක්ලේමෝ ප්‍රහාරයේ කම්පන ධාරාව සිංහල බෞද්ධ සමාජය පුරා පැතිරී ගියේ මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලයද තහවුරු කරමිනි. සැබැවින්ම එය දේශපාලන බලය තහවුරු කර ගැනීම පිණිස සිදු කරන ලද යටි බිමිගත මෙලේච්ඡ කුමන්ත්‍රණයක් බව නිකමටවත් සිතන්නට හෝ ප්‍රශ්ණ කරන්නට ඒ දින වල කිසිවෙකු නොවීය.පිරිත් නූල් අත් වැසෙන්නට බැඳ ගත් මහින්ද රාජපක්ෂ ගැන අමු සිංහල බෞද්ධ සමාජයට හාංකාවිසියක සැකයක් නොවීය. ඔහු පෙනී සිටියේ ජාතියේ ගැලවුම්කාරයා ලෙසය.නොම්මර එකේ ත්‍රස්තවාදියා වූ ප්‍රභාකරන්ට මුහුණ දීමට හැකි “දුටු ගැමුණු” බවට ඔහු රූපාන්තරණය විය.
එහෙත් සමාජය නොදුටු හා හෙළි නොවූ සත්‍යය මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය.සිය දේශපාලන ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ රහසේ ගණුදෙනු කෙරුවේ මිනිස් ජීවිත කෑලි ගණනට තක්සේරු කරමිනි.කැබිලිතිගොල්ලෑව බස් රථයට එල්ල කරන ලද ක්ලේමෝ ප්‍රහාරය ඒ සඳහා හොඳම උදාහරණයක් ලෙස ගත හැකිය.
කැබිලිතිගොල්ලෑව ක්ලේමෝ ප්‍රහාරයට පෙරම මහින්ද රාජපක්ෂ එහි යාමට හෙලිකොප්ටරයට නැග එය අහසේ තිබූ බව ඒ දිනවල මිල්ටෙරි සාමාජිකයන් අතර රහසේ හුවමාරුවූ කතා බහකි.
කෙසේ වෙතත් එම ප්‍රහාරය වූ ස්ථානයට හමුදාව පැමිණි කාල වේලාව තුළම මහින්ද රාජපක්ෂ ගොඩ බැස තිබුණ බව වාර්තා වී තිබුණි. කොළඹ සිට මහින්ද රාජපක්ෂ කැබිලිතිගොල්ලෑවට ගුවනින් පැමිණීමත් ඒ ප්‍රදේශයේ හමුදා කඳවුරුවල සෙබළුන් ඒ ස්ථානයට පැමිණීමත් ඉතා සමාන හා ආසන්න කාල වේලාව තුළ සිදුවීම ගැන ආරක්ෂක අංශයේ බොහෝ දෙනෙකුට ප්‍රශ්ණයක් මතු වුවද ඒ ප්‍රශ්ණය ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන්නට බල පුළුවන්කාරයෙක් ඒ වන විට සමාජයේ නොසිටියේය. ඒ සිද්ධිය ගැන ගවේෂණයකට යොමු වූ මාධ්‍යයක්ද නොතිබුණි.මාධ්‍ය තළු මරමින් රහ වින්දේ කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරයෙන් වින්දිත වූ පාර්ශවයේ විලාපයයි.
කැබිලිතිගොල්ලෑව මිනිස් ඝාතනය වන විට පිල්ලෙයාන්ලා සිටියේ රාජපක්ෂ ඔඩොක්කුවේය. පිල්ලෙයින්ලා ගෙන් යුද ජයග්‍රහණය සදහා හිතන තරමේ උදව් උපකාරයක් නොලැබුන බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ප්‍රසිද්ධියේ පවසා තිබේ.
වර්තමානයේ නියෝජ්‍ය ඇමති ටී.බී.සරත් වක්‍ර ආකාරයෙන් පවසා ඇත්තේ කැබිලිතිගොල්ලෑව මිනිස් ඝාතන සිද්ධිය බව අපට සියයට දෙසීයක් ෂුවර්ය.
හෙට අනිද්දා වන විට මේ සාහසික මෙලේච්ඡ පැරා මිල්ටෙරි ප්‍රහාරයේ සැබෑව අනාවරණය ආණ්ඩුව විසින් කෙරෙනු ඇතැයි අපි විශ්වාස කරමු. ජාතියේ ගැලවුම්කාරයාගේ ලේ පිපාසිත සාහසිකත්වය ජනතාවට ඉන් වටහා ගනු ඇත.
මැකාවිටි යනු අද්භූත අධම අපරාධකාරී බළලෙකි. මේ මැකාවිටි ගැන අපට කියවිය හැක්කේ ටී.එස්.එළියට් ගේ Old Possum’s Book of Practical Cats කවි එකතුවේය.මැකවිටි බළලා නීතියට එරෙහිව යන මුත් කිසිකෙනෙකුට සොයා ගත නොහැකි චරිතයකි.
මැකාවිටි අද්භූත බළලා
සැඟවුන බළල් අතකි
නීතියට අභියෝග කරමින්
නීතියෙන් සැඟවෙමින් සිටිනා
මහා අපරාධකරුවෙකි
අපරාධ භූමියක ඔහු සොයන විට
ස්කොට්ලන්ඩ් යාඩ් පොලීසියේ
අපේක්ෂාවන්ද බිඳ වැටෙයි
මැකාවිටි මැකාවිටි
ඒත් ඔහු වැනි කිසිවක්ම නැත
මානව නීති පද්දතිය බිඳින ඔහු
ගුරුත්වාකර්ෂණ නීතියත් බිඳියි
ඔහුගේ එර්දි බලය ගැන
තවුස්දම් පුරන්නන් පවා
දෑස් දල්වා පුදුම වෙයි
ඔබ අපරාධ බිමට එන විට
මැකාවිටි නැත
ඔහු බිම්මහලේද නැතිනම්
ඉහළ අහසේද බලන්න
නමුත් මම ඔබට කියමි
මැකාවිටි එහි නැත
ඔහු එර්දි වී ඇත
මැකාවිටි කිරි තේ පාට
ඉතා උස් සිහින් බළලෙකි
දුටුවහොත් ඔහු ඔබට
හඳුනන්ට පුළුවන, ඒ මන්ද යත්
ඔහුගේ ඇස් ගිලී ඇත
සැමවිටම ගැඹුරු කල්පනාවෙනි
රැළි ගැසෙන දෙබැමෙනි
හිස ගෝලාකාරය
නොපීරන ලද රවුල් ගස්ය
හිස පැත්තට දෙපැත්තට
සර්පයකු මෙන් සෙලවෙයි
ඔබ සිතයි නම් ඔහු අඩ නින්දේ බව
නැත ඔහු නිතර හැමවිටම අවදියෙනි
මැකාවිටි හා සමානයෙක් නැත
මන්ද ඔහු බළල් පවුලේ දුෂ්ටයෙකි
දූෂිත තරමටම අද්භූත සතෙකි
ඔබට ඔහු හමුවිය හැකියි
නගරයේ වීදියකදී
මංසන්ධියකදී
එහෙත් අපරාධයක් වූ විට
මැකාවිටි එහි නැත
ඔහු පිටතින් ගෞරවණීයයි
මුදල් කාඩ් පත් වලින්
ඔහු වංචා කරන බව
මිනිසුන් පැවසුවද
ස්කොට්ලන්ඩ්යාඩ්හී
කිසිම ගොනුවක් නැත
ආහාර ගබඩාව කොල්ල කද්දී
ආභරණ සොරකම් කරන විට
කිරි අතුරුදන් වෙන විට
බල්ලෙකුගේ ගෙල හිර කරද්දී
විස්මයකි,වගකීම බාර ගැනීමටවත්
මැකාවිටි එහි නැත
විදේශ කාර්යංශයේ ගිවිසුමක්
වංචා කර ඇතැයි හෙළි වන විට
නාවුක හමුදාවේ රහස්
හෙළිදරව් වන විට
එය විමර්ශනය කිරීම
පලක් නැත,මැකාවිටි එහි නැත
මේ අපරාධ පිළිබඳව
රහස් ඔත්තු සේවා මෙසේ පවසයි
ඒ මැකාවිටි වෙන්න ඇති
නමුත් ඔහු සිටින්නේ සැතපුමක් දුරිනි
ඔහු විවේකයෙන් හෝ
මහපැටගිල්ල ලෙව කමින් හෝ
සිටිනු ඔබට දැක ගත හැකිය
නැතිනම් එකතුකිරීම් බෙදීම් ඇති
ගණිත ලගුවක් විසඳමින් ඔහු සිටී
මෙවැනි වංචාකාරී සුවිනීත
බළලෙක් කිසිදා දකින්නට නොහැකිය
අපරාධයක් සිඳු වූ සෑම විටකම
ඔහු එතැන නොසිටි බව
සාක්ෂි සහිතව ඔප්පු කර ඇත
අපරාධයක් සිදු වූ මොහොතක
මැකාවිටි එහි සිට නැත.
ඔවුන් පවසති
දුෂ්ට කෙරුවාවන් හා ප්‍රසිද්ධ
බළලුන් හැම දෙනා ගැනම
ඒ සැම මැකාවිටිගේ ගෝලයන්ය
ඔහු ගෝලයන් පාලනය කරයි
අපරාධ රජා ,පාතාලයේ රජා මැකාවිටි
මැකාවිටි නම් අපරාධකාර බළලා ඔබට කැමති නම් මහින්ද රාජපක්ෂ හා ගලපා ගත්තාට වරදක් නැත.