Wednesday, July 16, 2025

විජේවීර ඝාතනය ගැන තොරතුරු හෙළි කරන්නට නීතියෙන්ම අවසර හිමිවේ – ලොකු කුමා

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය හමුදා සේවයේ නිරතව සිටියදී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ ව්ජේවීර ඝාතනය කිරීමට සම්බන්ධ බවට මාධ්‍ය මගින් අදහස් ප්‍රකාශ කිරීම වලක්වමින්  හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඉන්ද්‍රානන්ද සිල්වාට එරෙහිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දී තිබූ නියෝගය අහෝසි කරමින් පැමිණිලි කාර පාර්ශවය ගොනු කර තිබූ නඩුව අද (15)දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පනතේ 24 වන වගන්තිය යොදා ගනිමින් රෝහණ විජේවීර ඝාතනය පිළිබඳ ඇසින් දුටු  සාක්ෂිකරුවකු වූ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන ඉන්ද්‍රානන්ද සිල්වාට එම ඝාතනය පිළිබඳ අදහස් දැක්වීම පිලිබඳ අදහස් දැක්වීම සීමා කරන නියෝගයක් මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය ව්සින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය අප්‍රේල් 16 වනදා ලබා ගෙන තිබුණි.මේ නියෝගය නිකුත් කෙරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායකය.

එම නඩුවේදී විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය වෙනුවෙන් පෙනී සිටි හිටපු නීතිපති සංජේ රාජරත්නම් අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා තිබු⁣ණේ විත්තිකරු විසින් සිය සේවාදයකයා සම්බන්ධයෙන් අසත්‍ය හා ද්වේශ සහගත තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේද උඩුගත කරමින් සිටින බවය.

විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය යනු ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පුද්ගලයන් දෙදෙනාගෙන්  එක් අයෙකි.එම ඝාතනය ගැන ඇසින් දුටු සාක්ෂිකරු වන්නේද ඉන්ද්‍රානන්ද සිල්වායඔහු ඒ වන විට ශ්‍රී ලංකා යුද හමුදා පොලීසියේ ඡායාරූප ශිල්පියෙකු ලෙස සේවය කෙරුවේය.

අධිකරණය වෙතින් නිකුත් කරන ලද එම නියෝගය පිළිබඳව පසුගිය අප්‍රේල් 17 වනදා ඉන්ද්‍රානන්ද සිල්වා සිය මුහුණු පොතේ ලියා තිබූ සටහන පහත දැක්වේ.

“…රෝහණ සහෝදරයාගේ ඝාතකයන් ගැන මම පළමු වරට මැගසින් සිර⁣ ගෙදර සිට නීතිපති වරයාට නීතිඥයන් මාර්ගයෙන් දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලද්දේ 1996 නොවැම්බර් මස 26 වනදාය.එම දිවුරුම් පෙත්සම එකළ ඉරිදා ලංකාදීප පත්‍රයේ කොටස් වශයෙන් පල විය.එම දිවුරුම් පෙත්සම එකළ ඉරිදා ලංකාදීප  පත්‍රයේ කොටස් වශයෙන් පල විය.ජවිපෙ ,සීනුව,පවත්පතේ අකුරක් හෝ අඩුවක් නැතුව පල විය.කැලෑ උසාවියක් බඳු යුද්ධාදිකරණය මා හට ලබා දුන් වසර 15 ක සිර දඬු⁣වමෙන් මා නිදොස් කොට නිදහස් කරන කරනු ලැබූ 1997 දෙසැම්බර් 27 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා  දුන් ඵෙතිහාසික නඩු තීන්දුවක් නිසාය.යුද්ධාදිකරණය මා හට දඬුවම් ලබා දී යුත්තේ කැලෑ උසාවියක් ලෙස කටයුතු කරමින් බව එම නඩු තීන්දුවේම සඳහන් විය.ලේ වැකි මෙලෙච්ඡ ඉතිහාසයක ඇසින් දුටු සාක්ෂි මා මහත් සමාජය නැමති ජනතා අධිකරණය තැබුවේ එදා සිටය.ඒ අතීතය යනු දශක ඉතිහාසයයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංඟමහින්ද රාජපක්ෂ,ගෝඨාභය රාජපක්ෂ හා රනිල් වික්‍රමසිංහ,යන පාලන යුග පහක් පුරා විද්‍යුත් මාධ්‍යයන් හරහාත් සමාජ මාධ්‍යයන් හරහාත් , පුවත්පත් හරහාත්,අළුගෝසු ඝාතකයන්ගේ කෙළිමඬල ගිණි තැබීමට පියවර ගත්තෙමි.

නීතියට පිටින් යමින් අත් අඩංගුවට ගත්තවුන් කිසිඳු වග විභාගයකින් තොරව මරා දැමීම⁣ට හවුල් වූවන් කොන්දේසි විරහිතව හෙළිදරව් කළෙමි.

පුරවැසියකු ලෙස සමාජ යුතුකමක බර දෙවුර මතට ගැනීමට දෙවරක් නොසිතා කටයුතු කළෙමි.හිටපු මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය මහතා විසින් මට විරුද්ධව  මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබා ගෙන ඇති බව ඊයේ ප්‍රවෘත්ති විකාශනයකදී මා හට දැන ගත හැකි විය.අදාල නියෝගය මා හට මෙතෙක් ලැබී නැතත් අධිකරණ නියෝගයට අනුව මා හට අශෝක තේරදෙණිය පිළිබඳ අප්‍රේල් 30 වන දින වන තුරු මා කිසිවක් නොලියන බවත් රූපවාහිනී හෝ සමාජ මාධ්‍යයන්ට ප්‍රකාශ නොකරන බවත් මෙයින් විවෘතව දැනුුුම් දී සිටින  අතර එකී ඝාතනයන් ගැන අප්‍රේල් 30 වන තුරු මගෙන් කිසිවක් නොවිමසන ලෙසත් සහෝදරත්වයෙන් යුතුව ඉල්ලා සිටිමි.දශක තුනක් තිස්සේ ජනතාධිකරණය හමුවේ තැබූ සියල්ල පිළිගත් අධිකරණයක් හමුවේ තැබීමට හැකිවීම පිළිබඳ මා අතිශයින් සතුටට පත් වන බවත් මගේ මුවට සහ මගේ දෑතට අගුල් දැමීමට මාලිමා පාලනයක් එන තුරු  බලා සිටි ගහලයන් දැන් අමන්දානන්දයට පත්ව සිටින අයුරු දැක හදෙහි කම්පනයෙන් පත්ව සිටින අයුරු දැක හදෙහි උපන් කම්පනයෙන් යුතුව මෙම සටහන ලියා තබන බවත් දන්වමි.

.ලි(මා දන්නා තරමට⁣ මේ දිනවල උසාවි කටයුතු අත් හි⁣ටුවා ඇති අතර වැකේෂන් සමයෙන් පසු නැවත උසාවි කටයුතු ඇරඹෙන්නේ අප්‍රේල් 22දාය)

කෙසේ වෙතත් අද (15) දින අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුව පිළිබඳව ඉන්ද්‍රානන්ද සිල්වා මෙසේ කීවේය.

“….රෝහණ විජේවීර ඝාතනය ගැන රූපවාහිනියට සමාජ මාධ්‍යයට,පුවත් පත් වලට ප්‍රකාශ නිකුත් කිරීම තහනම් කරමින් විශ්‍රාමික මේජර් ජනරාල් අශෝක තෝරදෙණිය විසින් මා හට පවරා තිබූ නඩුව අද දින කොළඹ ⁣මහේස්ත්‍රාත් අධිකරණයේදී තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මා හට විරුද්ධව පැවැති සියලු චෝදනා වලින් මා නිදහස් කරනු ලැබුවා.

මෙම නඩුව දමා තිබුණේ ඔන් ලයින් සේප්ටි බිල් පනතෙන්.නඩුවේදී අපි ලිඛිතව කරුණු පෙන්වා දුන්නා අවුරුදු තිහක කාලයක සිට මේ තොරතුරු අපි රට ඉදිරියේ හෙළිදරව් කරලා තියෙන බවත් මේ අනාවරණය කිරීම් අළුතෙන් සඳහන් කිරීම් නොවන බවත්. එලෙසම 1996 නොවැම්බර් මාසයේදී මම හිරගෙදර ඉඳන් නීතිපතිට යවපු දිවුරුම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර මේ තොරතුරු සවිස්තරාත්මකව එළි දක්වා ඇති බවත් තව දුරටත් පෙන්වා දුන්නා. මේ රට පුරාම පවත්වාගෙන ගිය වධකාගාර වලට හමුදා ඡායාරූප ශිල්පියෙකු ලෙස ගොස් මා ගත්  ඡායාරූප ඉදිරිපත් කෙරුවා. එහිදී මවිසින්  සඳහන් කෙරුවා මගේ ඇස් පනා පිට මරා දමන ලද තොරතුරු මා හෙළිදරව් කර ඇති බව.මා දැන් නඩුවෙන් නිදොස් කර තිබෙනවා. මා මේ අවස්ථාවේ ආණ්ඩුවට අභියෝග කරනවා රෝහණ විජේවීර ඝාතනය⁣ට සම්බන්ධ ඝාතකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට..”

ඉන්ද්‍රානන්ද සිල්වා බොහෝ අවස්ථාවලදී  රෝහණ⁣ විජේවීර ගේ අවසන් පැය කිහිපය පිළිබඳව ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය කර තිබේ.

ඔහු ඒ අවස්ථාවට සහභාගි වූ තිබුණේ යුද හමුදා පොලීසියේ අණ දෙන නිලධාරියා සමගය. ඉන්ද්‍රානන්ද සිල්වා ප්‍රකාශ කරන ආකාරයට තම අණ දෙන නිළධාරියා රෝහණ විජේවීර ඝාතනය කිරීමට ගෙන යාම සම්බන්ධයෙන් සිට ඇත්තේ බරපතල කම්පනයකිනි.

මොනව වුනත් කමක් නෑ. ගෙදර හරි හිරේ හරි යවපු දෙන් .මට බෑ ඔය පාප කර්මයට කර ගහන්න අපි කෑම්ප් එකට යමු යැයි ඔහු ඒ අවස්ථාවේ ඉන්ද්‍රානන්ද සිල්වාට පවසා තිබේ. එහෙත් රෝහණ විජේවීර ගේ අවසානය කුමක්ද යන්න දැන ගැනීමේ අත්‍යවශ්‍ය  අවශ්‍යතාව නිසාම සිය අණදෙන නිලධාරියාගේ අදහස වෙනස් කර ගනිමින් ඔහු සමග බොරැල්ල කනත්තට යාම නිසාම ඉන්ද්‍රානන්ද සිල්වා වර්තමානයේ එම ඝාතනයේ ඇසින් දුටු සාක්ෂි කාරයා ලෙස පෙනී සිටී.

ඉන්ද්‍රානන්ද සිල්වා විජේවීරගේ ජීවිතයේ අවසන් විනාඩි ගණන දැක දෑහින්ම තිබුණි.

“…සෙබළුන් දෙදෙනෙක් පැමිණ රෝහණ විජේවීරගේ රුධිරය ගලා යමින් තිබූ සිරුර දෙපයින් හිසින්ද ඔසවා පද්දා උදුන ඇතුළට විසි කෙරුවේය.එහෙත් පළමු උත්සාහය වැරදුනි.සිරුර උදුන කටේ වැදී බිමට වැ⁣ටුණි.එම සෙබළුන් දෙදෙනා විජේවීරගේ සිරුර නැවත පද්දා උදුන තුළට විසි කෙරුවේය.ඒ ඉලක්කය හරි ගියේය.උදුනේ දොර වැසී ගිනි දල්වන ස්වීචය වදකයන් අතරේ සිටි අයකු ක්‍රියාත්මක කෙරුවේය….” 

1971 වර්ෂයේ කැරැල්ලට පසුව පැවති අපරාධ යුක්තිය විනිශ්චය කොමිෂන් සභා නඩු විභාගයේදී රෝහණ විජේවීර මෙසේ පැවසුවේය.

“……මගේ සගයන් දහස් ගණනකට මේ දේශයේ මිනී වළවල් හිමි වී නැති අයුරින්ම මගේ සගයන්ගේ උණු ලෙයින් තෙත බරිත වී ශුද්ධ බිමක් බවට පත් වී ඇති මේ පොළොවෙහි මටත් මගේ අනිකුත් සගයන්ටත් මිනී වළක් හිමි වේ යැයි සිතිය නොහැකිය. මේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සිය යුතුකම් ඉටු කිරීමට අවස්ථාව නොගත් අපට එවැන්නක් සඳහා  අයිතියක් නැති බව අපි දනිමු. එසේම මගේ සගයින් දිවි පරදුවට තබා සේවය කළ ⁣සහෝදර පීඩිත ජනතාවට ඔවුන්ගේ අවමඟුල් ගීතය ගැයීමට අපේ සහෝදර ජනතාවට ඉඩ ලැබේ යැයි සිතිය නොහැකිය…”

Archive

Latest news

Related news