Sunday, June 1, 2025

කොවිඩ් පැතිරීම ඉහළට; මුහුණු ආවරණ පළදින්න – සෞඛ්‍ය ලේකම්

කොවිඩ්-19 පැතිරීම නැවත ඉහළ යන බැවින් සෞඛ්‍ය අමාත්‍යවරයා මුහුණු ආවරණ පැළඳින සේ ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කරයි.

ජාතික රෝහල් හරහා  දිගටම PCR පරීක්ෂණ සිදු කරන බවත් උණ නිරීක්ෂණ පරිමාණය වැඩි කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

කොවිඩ්-19 නව ප්‍රභේදයක පැතිරීම තවමත් ශ්‍රී ලංකාවට තර්ජනයක් වී නොමැති වුවද, ඒ සම්බන්ධයෙන් පූර්වාරක්ෂාවන් ගැනීම කෙරෙහි බලධාරීන් අවධානය යොමු කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇත. අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය ඇතුළු කොවිඩ්-19 ආශ්‍රිත කරුණු හසුරුවන සෞඛ්‍ය ඒකක කැඳවා  මෙම සතිය මුලදී සාකච්ඡා පැවැත්වූ බවත් ඔහු පැවසීය. සෞඛ්‍ය අංශය තුළ ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡාවලදී අවධානය යොමු කර තිබේ.

මේ මොහොතේ, ජනතාව බිය විය යුතු නැත. කෙසේ වෙතත්, නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට නොපැමිණෙන බව එයින් අදහස් නොවේ. ශ්‍රී ලංකාවේ වාර්තා වන කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව ඉතා අඩුය. ලෝකයේ කොවිඩ්-19 වසංගතය අවසන් වීමෙන් පසුව, කොවිඩ්-19 දිගටම පැවතුනි. එය දැන් ආවේණික රෝගයක් බවට පත්ව ඇතැයි,”  ද ඔහු කනස්සල්ල පළ කර ඇත.

ගෝලීය වශයෙන් හඳුනාගත් කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමතිබේ. ගෝලීය වශයෙන් මසකට 5000 පමණ පිරිසක් කොවිඩ් 19 අසාදනය වී මිය යති.  JN.1 කොවිඩ්-19 ප්‍රභේදයේ NB.1.8.1 සහ LF.7 උප පරම්පරාවන් ඉන්දියාව ඇතුළු බොහෝ ආසියානු රටවල ව්‍යාප්ත වෙමින් පවතින බවත් වෛද්‍ය ජාසිංහ පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් NB.1.8.1 සහ LF.7 උප ප්‍රභේද අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේද ලෙස වර්ගීකරණය කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

සාමාන්‍ය පුරුද්දක් ලෙස මුඛ ආවරණ පැළඳීමට ඔහු මහජනතාව දිරිමත් කරයි. උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ උගුරේ අමාරුව වැනි කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති ඕනෑම අයෙකු පැතිරීම වැළැක්වීම සඳහා මුඛ ආවරණයක් පැළඳිය යුතු බව ද ඔහු පැවසයි.

මෙම තත්වය වර්ධනය වුව හොත් එය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් එල්ල වනු ඇතැයි ද බිය පළව තිබේ.

 

Archive

Latest news

Related news