Thursday, May 8, 2025

‘අනුර රැල්ල’ දෙමළ ජාතිකවාදය හමුවේ පරාජය වුණා – සුමන්තිරන්

ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) ලේකම් සහ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන්  මෑතකදී අවසන් වූ පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මගින් “අනුර රැල්ලක්” පිළිබඳ මිථ්‍යාව දුරු කර ඇති බවත් උතුරු-නැගෙනහිර දෙමළ ජාතිකවාදයේ කල් පවතින ශක්තිය නැවත තහවුරු කර ඇති බවත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනය මාධ්‍ය සමාජයේ පෙර්දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

පුළුල් වෙනසක් ඇති කර ඇති බවට  දැඩි ප්‍රචාරයක් තිබියදීත්, ප්‍රතිඵල දෙමළ ජනතාව ඔවුන්ගේ ජාතිකවාදී අභිලාෂයන් කෙරෙහි දක්වන පැහැදිලි කැපවීමක් පෙන්නුම් කරන බව ඔහු පවසා තිබේ.

ITAK එනම් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය උතුරු-නැගෙනහිර පළාත් පාලන ආයතන 58 කට තරඟ කළ අතර ඉන් 40 ක පරිපාලන පාලනය ලබා ගත්තේය.  මෙම ප්‍රතිඵලය  වැදගත් හා තීරණාත්මක එකක් ලෙස සුමන්තිරන් විස්තර කළේය..

පාලක ජාතික ජනතා බලවේගය (NPP) වැනි දකුණු පක්ෂ දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවලට ඇතුළු වීමට දැඩි උත්සාහයක් දැරූ මධ්‍යයේ වුවද, මෙම ප්‍රතිඵලය, දෙමළ ජාතිකවාදී දේශපාලනය කෙරෙහි ප්‍රජාවගේ අඛණ්ඩ විශ්වාසය අවධාරනය කරන බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජාජබ හි මැතිවරණ උපාය මාර්ගය පිළිබඳ සඳහනක් වන ඊනියා “අනුර රැල්ලක්” –  විශේෂයෙන් දෙමළ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අතැයි ජාජබ නියෝජිතයින් ප්‍රකාශ කර තිබේ. තවද   දෙමළ ජනතාවගේ මිත්‍රයින් ලෙස ස්ථානගත වීමට උත්සාහ කර ඇති බවත් පෙන්වා දුන් සුමන්තිරන් කෙසේ වෙතත්, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පිළිබිඹු වන්නේ එවැනි පණිවිඩ යැවීම අර්ථවත් ආකර්ෂණයක් ලබා ගැනීමට අසමත් වූ බව යැයි කීයා සිටියේය.

ITAK පක්ෂය  පළාත්පාලන ආයතන ගණනාවක ධුර බහුතරයක් ලබා ගත්තද, තනි පක්ෂයක් ලෙස තමන් පැහැදිලි බහුතරයක් ලබා නොගත් ඇතැම් ප්‍රදේශවල අනෙකුත් දෙමළ දේශපාලන ක්‍රියාකාරීන් සමඟ සහයෝගීතාවය තවමත් අවශ්‍ය වනු ඇති බව සුමන්තිරන් පිළිගත්තේය.

වත්මන් දේශපාලන වාතාවරණය තුළ, අපගේ මිත්‍ර දෙමළ පක්ෂ ජනතාවගේ ජනවරම තේරුම් ගෙන ඒ අනුව ඔවුන්ගේ සහයෝගය ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි, ඔහු පවසා තිබේ.

ටැමිල් ගාර්ඩියන් ඇසුරිණි.

Archive

Latest news

Related news