රනිල් රාජපක්ෂට දැන් හොදටම දේශපාලන පිස්සුය.
නාමල් රාජපක්ෂගේ බයි තක්සලාවෙහි සාදයකට සහභාගි වූ රනිල් රාජපක්ෂ මෙසේ කියා තිබේ.
ශ්‍රී ලංකාව වෙනස් ආඛ්‍යානයක් ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළහොත්, එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කෝපයට පත් වේවි., ඔහු තම ධුර කාලය තුළ යුක්රේනයේ නායකත්වයට සැලකූ ආකාරයටම ඉහළ බදු පැනවීමෙන් හෝ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමෙන් පවා ප්‍රතිචාර දක්වන්න පුලුවන්”
මේ ඔලුව නරක් වූ පරාජිත දේශපාලනඥයකු පිදුරු ගහේ පවා එල්ලී රළ පහරෙන් බේරීමට දරන දෙකයි පනහේ බල්ටියකි.
රනිල් රාජපක්ෂ පළමුවෙන්ම කළ යුත්තේ තමාගේ අගසව්වන් වූ හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර වරදාන සඳහා බල්ටි ගැසීමට පෙර විපක්ෂයේ සිට කල කතාවලට සවන් දීමය. ඔවුන් දෙදෙනා ජිනීවාහී මානව හමිකම් කොමිසම හමුවේ පවා කීවේ මහ මොළකරුවකු පිළිබද කතාවයි.
පාස්කු ප්‍රහාර පිටුපස දේශපාලන බලවේග ඇතයි මෙරට ජනතාවගෙන් බහුතරයක් විශ්වාස කරයි.
පාස්කු ප්‍රහාරයට වගකිවයුතු දේශපාලනඥයින් බේරා ගැනීමේ දුෂ් තොරතරු ව්‍යාපාරය රනිල් රාජපක්ෂගේ සහ ගමමන්පිලලෙයාන්ගේ සාමූහික බයිලාවක් බව දැන් ඉතා පැහැදිළිය. එයට සන්ඩේ ටයිම්ස් දේශපාලන ලියුම්කරු සහ රොහාන් ගුණරත්නද එක්ව සිටී.
මේ රනිල් රාජපක්ෂගේ බයිලාව අනුව ලංකාවේ අපරාධ පරීක්ෂන දෙපාර්තමෙන්තුව වැඩ කළ යුත්තේ ඇමෙරිකානු එෆ්බීඅයි ඔත්තු සේවයට අනුවය. එසේ නොකළහොත් ජනාධිපති ට්‍රම්ප්ට යකා නැග ලංකාවට විරුද්ධ යුද්ධ දේශපාලන ව්‍යාපාරයක් අරඹනු ඇත.
සහමුලින්ම වෙනස් යුද දේශපාලන තත්වයන් සහිත ලංකාව සහ යුක්රේනය සැසදීමෙන්ම රනිල් රාජපක්ෂගේ ඔලුවට හිස කුඩිච්චියක් දා ගත යුතු බව සැක නැතිව කීමට පුලුවන.
පාස්කු ප්‍රහාරයේ වගකිවයුතු බලවේග අතර වන ගෝඨාභය රාජපක්ෂට ඇමෙරිකාවට යෑමට වීසා ලැබෙන්නේවත් නැත. උග්‍ර කතෝලිකයකු වන ට්‍රම්ප් දේශි්‍ය මහ අන්තර් ජාතික කතෝලික බලවේගයන්ට විරුද්ධව නොයනු ඇත. ඒ සියල්ලන් ඉල්ලන්නේ සාධාරණ විනිවිද පෙනෙන පරීක්ෂනයකි.
යුක්රේනයේ ප්‍රශ්නය, ට්‍රම්ෆ් සහ වැලැඩිමීර් පූටින් අතර වන යාලුකමට අදාළය. ඔහු යුක්රේනයට කීවේ රටින් කොටසක් රුසියාවට දෙන ලෙසය.
එය හරියට ලංකාවෙන් කොටසක් ඉන්දියාවට දෙන ලෙස කීමක් වැනිය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂා නොකළ යුතු යැයි එෆ්බීඅයි ආයතනය කියා ඇත්තේ කොහිද කියා අසා ගත යුත්තේ බයි තක්සලාවෙන්ම පමණි.
“දැන්, ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ජනාධිපති. සහ්රාන් හෂීම් මහ මොළකරු බව පවසන වාර්තාව මම විශ්වාස කරනවා” යැයි රනිල් රාජපක්ෂ කියයි. එසේ කියා ඇති වාර්තාව කුමක්ද? ඇමෙරිකාවෙහි සිදු වූ 9/11 ප්‍රහාරය පිළිබඳ පරීක්ෂන කීයක් සිදු කරන ලද්දේද? කෙනඩි ඝාතනය විසදීමට එෆ්බීඅයි සංවිධානය සමත්වීද? ට්‍රම්ප් සහ ළමා අපයෝජක එප්ස්ටීන් අතර වූ දුෂ්ඨ සම්බන්ධය එෆ්බීඅයි විසින් හෙළිදරව් කර ගෙන ඇත්ද? ජනඝාතක අයුධ ඇතැයි ව්‍යාජයක් මත කරන ලද ඉරාක ආක්‍රමණය එෆ්බීඅයි විසින් හෙළිදරව් කර තිබේද?
පාස්කු ප්‍රහාරය ඩොනල්ට් ට්‍රම්ප්ට අදාළ නැත ඔහුට විසඳා ගැනිමට චීනය, කැනඩාව, මෙක්සිකෝව සහ යුරෝපා සංගමය වැනි බරපතල ප්‍රශණ තිබේ.
රනිල් රාජපක්ෂ නම් දේශපාලන පිස්සා මෙසේද කියයි:
“අපි නැවත වරක් මෙය කලබල කළහොත්, කුමක් සිදුවේවිද? ජනාධිපති ට්‍රම්ප් කෝපයට පත් කිරීමේ ප්‍රතිවිපාක ඔබ දන්නවා. අපට කිසිවක් කළ නොහැකි වනු ඇත. ශ්‍රී ලංකාවේ කෙනෙකු වේවා ජනාධිපති ට්‍රම්ප් වේවා, කාට කෝප විය යුතු දැයි අප දැනගත යුතුය. සත්‍යය අඩංගු එක්සත් ජනපද-එෆ්බීඅයි වාර්තාව මා සතුව ඇත. මේ සම්බන්ධයෙන් අපට ගැටිය නොහැක. එය යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට සිදු වූ දේට සමාන සිදුවීමක් සහ තීරුබදු වැඩිවීමක් ද ඇති කරනු ඇත,”
සමහර විට ඔය කියන වාර්තාව හෙට අනිද්දා වන විට ගමමන්පිල්ලෙයාන්ට තැපෑලෙන් ලැබී ප්‍රසිද්ධ කරන්නටත් ඉඩ තිබේ.
දැන් මේ ඔලුව අවුල් කර ගත් පිස්සා කියන්නේ ලංකාව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින දේශපාලන බලවේග ගැන සෙවීම නතර කළ යුතු බවයි. පිල්ලෙයාන් බේරා ගැනීමට රනිල් රාජපක්ෂට අවශ්‍යය.
මෙවැනි දේශපාලන බුරුවන්ට ඇඳගෙන යෑමට බකල් ගහන කරත්තයක් බැඳ දිය යුතුය.
යුක්රේනය යුද්ධය ආරම්භ වූ වහාම රනිල් රාජපක්ෂ කීවේ සති දෙකතුනකදී රුසියාව යුක්රේනය අල්ලාගෙන යුද්ධය අවසන් වනු ඇති බවයි. යුක්රේනයට සිය භුමිය රැක ගැනීමට අයිතියක් තිබේ. එය ඕනෑම සෛවරී රටක අයිතියකි. රනිල් රාජපක්ෂ සිටියේ නම් මුදල් ටිකක් ගෙන ඉන්දියාවට ශ්‍රී ලංකාව ලියා දීමටත් පසුබට නොවීමට ඉඩ තිබුණේ යැයි අනුමාන කිරීමේ වරදක් නැත.
රනිල් රාජපක්ෂ මෙතරම් බිය වි ඇත්තේ පුහුල් හොරා කරින් දැනෙන පරිදිය.
සුනන්ද දේශප්‍රිය.