ජනාධිපති දිසානායකගේ නියෝගයක් මත පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ සම්පූරණ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පසුගිය 22 දා භාර දී තිබේ.
මෙම වාර්තාව පරීක්ෂකයින් වෙත ලබා දීමට දිසානායක සය මසක් බලා සිටියේ ඇයිද යන්න ඔහු පැහැදිළි කර නැත.
පසුගිය 21වන දින පාස්කු ප්‍රහාර විමර්ශනයේ වැදගත් සොයා ගැනීමක් හෙළිදරව් කරන බවට ජනධිපති දිසානායක ප්‍රකාශ කළේ රහස් පොලිස් විමර්ශකයින්ගෙන් නොවිමසා දේශපාලන ගුණඩුවක් ලෙසය. කීමට දෙයක් නොමැති වූ බැවින් ඔහු සම්පූර්ණ වාර්තාව විමර්ශකයිනට ලබා දුන්නේය.
21 දින ප්‍රකාශයක් කරමින් කාදිනල් මැල්කම් රංජිත් ඉල්ලා සිටියේ එම වාර්තාව ජනගත කරන ලෙසය. තවද එහිමියන් ප්‍රකාශ කලේ ද පාස්කු ප්‍රහාරය පිටුපස පාර රාජ්‍ය බලවේග ක්‍රියා කරන බවයි.
ඊට ප්‍රතිචාරයක් තවම නැත.
රහස් පොලිසියට ලබා දෙන ලද වාර්තාව අනුව අදාළ විමර්ශන වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා පියවර ගැනීම පොල්ස්පති විසින් බාර කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටය.
අසංග කරවිට යනු 2015 යහපාලන ආණ්ඩුව සමයෙහි අගමැති වූ රනිල් වික්‍රමසිංහ සිය ආරක්ෂක ප්‍රධානියා ලෙස පත්කර ගත් නිලධාරියාය. එවැනි පත්වීම් ලබා දෙන්නේ අදාළ දේශපලෙනඥයාට විශ්වාසී අයට පමණි.
තවද අසංග කරවිට මෙයට පෙර පාස්කු ප්‍රහාර විමර්ශනයන්ට සම්බන්ධ වී සිටියේ නැත. එම විමර්ශන මෙහෙයවන ලද ශානි අබේසේකරට එය බාර නොදීම විමතියට කරුණක් විය. තවමත් රාජපක්ෂවාදයේ ගැලී සිටින පාර රාජ්‍යමය නිලධාරීන් විසින් ශානී අබේසෙකර ඉන් ඉවත් කළ බව වාර්තා වේ.
තවද මේ දිනවල ශානි අබේසේකර සහ රවි සෙනවිරත්න ජාතික ජන බලවේගයට සම්බන්ධ නිසා ඔවුන්ගෙන් සාධාරණ පරීක්ෂනයක් බලාපොරෙත්තු විය නොහැකි බවට රනිල් වික්‍රමසිංහ පාර්ශවය කටකතා පතුරුවමින් සිටී.
පොලිස්පති විසින්, පාස්කු කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම ශානි අබේසේකරට බාර නොදුන්නේ මෙම බලවේග සමඟ අති සහයෝගය නිසා බව ද කියැවේ.
අනතුරුව නියෝජ්‍ය පොලිස්පති වාර්තාව අධ්‍යනය සඳහා තිපුද්ගල කමිටුවක් පත කල අතර එයට ද ශානි අබේසේකර පත් කළේ නැත. එම තිදෙනා අතරින් පාස්කු ප්‍රහාර විමර්ශනය කර ඇත්තේ රහස් පොලිසියේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති අම්පාවිල පමණකි.
ශානි අබේසේකර පත් නොකරීම පිළිබඳව යූ ටියුබ් මාධ්‍යරුවන් විසින් නගන ලද ප්‍රශ්ණ කිරීම් හමුවේ අසංග කරවිට විසින් එම ත්‍රි පුද්ගල කමිටුවට හතර වැන්නකු ලෙස ශානි අබේසේකර පක් කරන ලදි.
අපට වාර්තා වන අන්දමට එම කමිටුවට ඇතුලත්වීමට ශානි අබේසේකර තවමත් කැමති වී නැත.
පාස්කු ඉරිදා ප්‍රහාර පිලිබඳ විමර්ශනය, එයට රිංගවා සිටි සහ තොරතුරු වසං කළ නිලධාරීන් වට දැළ එළමින් පවතින මේ අවස්ථාවෙහි ප්‍රහාරයට උඩගෙඩි දුන් පිරිස් කලබලයට පත් වී තිබේ.
එවැනි පාර රාජ්‍ය බලවේග ජාතික ජන බලවේග ආණ්ඩුවෙහි ද එය සමඟ සමීපවද කටයුතු කරමින් සිටින බවට සාක්ෂි හෙළිදරව් වී තිබේ.
සුනන්ද දේශප්‍රිය