Wednesday, April 23, 2025

මාතර බන්ධනාගාරයේ සිරකරු නොසන්සුන්තාවය: දීර්ඝ කාලීන පිළියම් අවශ්‍යයි – සි.අ.සු. ක

ඊයේ රාත්‍රියේ එහි හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රදවා සිටි සියළු රැදවියන් අඟුණකොළපැවෙන්ලැස්ස බන්ධනාගාරයට මාරු කර තිබේ. එය සාමූහික දණ්ඩනයකි.

රැඳවියන් දෙදෙනෙකු අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට විරෝධය පළ කරමින් රැදවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම නිසා මෙම පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුව පෙන්වා දෙන්නේ මෙවැනි තත්වයන් ඇතිවීම වැළැක්වීමට දීර්ඝ කාලීන ප්‍රතිසංස්කරන අවශ්‍ය බවයි.

2025/04/23

මාධ්‍ය  නිවේදනය

සිරකරු ස්ථානමාරු කිරීම් පවතින නීතියට අනුව සිදු කිරීමේ වැදගත්කම අවධාරණය කර සිටින්නෙමු.

2025/04/22 වන දින මාතර බන්ධනාගාරය තුළ සිදු වූ සිරකරුවන්ගේ නොසන්සුන්තාවයට හේතු වූ සැබෑ තත්වයන්ට ඉක්මනින් විසඳුම් ලබා දීම ඉදිරියේ මෙවැනි ආකාරයේ සිදුවීම් පාලනය කිරීමට ගත හැකි පළමු පියවර බව  අප විශ්වාස කර සිටිමු.

බොහෝ අවස්ථාවල 1877 අංක 16 දරණ බන්ධනාගාර ආඥා පනතේ පවතින ප්‍රතිපාදන අනුව රැඳවියන්ගේ ස්ථානමාරූ සිදුනොවීම පසුගිය කාලයේ අප සංවිධනය විසින් නිරික්ෂණය කර ඇති අතර රැඳවියන් සහ රැඳවියන්ගේ ඥාතීන් විශාල ප්‍රමාණයක්  විසින් නියමිත පරිදි බන්ධනාගාර මාරු වීම සඳහා අප සංවිධනයේ සහය පතා ඇති බව දන්වා සිටිමු.

ස්ථාන මාරුවීම්වලදී  රැඳවියාට ලබා දෙන ස්ථාන මාරුව ඔහුට හෝ ඇයට දඬුවමක් වශයෙන් ලබා දීම නොකළ යුතු අතර එය රැඳවියන්ගේ පවුලේ ඥාතීන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවක් ඇති ස්ථානයක් වීම  මෙහිදී ඉතා වැදගත් සාධකයෙකි. ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  සිරකරුවන්ට සැලකීම පිළිබද සම්මුතියේ එය පැහැදිලිව දක්වා ඇත.

සිරකරු සමාලෝචන වැඩසටහන විධිමත් සහ කාර්යක්‍ෂමව ක්‍රියාත්මක නොවීම නිසා රැඳවියන් විශාල ප්‍රමාණයක් මානසික ආතතියකින් සිටින බව අප විසින් හඳුනාගෙන ඇති අතර මේ තත්වය මත බන්ධනාගාර මාරු කිරීමේදීද එය හරියාකාරව සිදු නොවන්නේ නම් බන්ධනාගාර පද්ධතිය තුළ අසහනකාරී  පසුබිමක් ඇති වීම වැළක්විය නොහැක. එහි ප්‍රතිපලය වන්නේ වර්ෂ 2012 දී වැලිකඩ සහ 2020 දී මහරදී සිදුවූ ආකාරයේ සිරකරු  නොසන්සුන්තාවයන් ඇති වී සිරකරු ජිවිත විනාශ විමයි.

එබැවින් මේ අවස්ථාවේ සිරකරු නොසන්සුන්තාවයන්ට හේතුවන සියලුම ආකාරයේ ගැටළු හඳුනාගෙන ඒවාට වහාම පිළියම් යෙදීම බන්ධනාගාර විෂභාර ඇමතිතුමා ඇතුලු සියලුදෙනාගේම වගකීම බව අප සංවිධානය අවධාරණ කර සිටිමු.

මෙයට

නීතිඥ සේනක පෙරේරා

සභපති

Archive

Latest news

Related news