Tuesday, April 8, 2025

ජනපති නියමයෙන් ත්‍රස්ත පනත යටතේ සිරගත කළ මොහොමඩ් රුශ්ඩි නිදහස්! පොලිසිය පාලනය කරන්නේ මොසාඩ්ද?

(Sri Lanka Brief/07 April 2025)

ශ්‍රී ලංකා පොලිසියේ තවත් බොරුවක පතුරු යවමින් ත්‍රස්තවාදියකු යැයි ජනාධිපති අන්දවා දින 90කට සිර ගත කළ 22 හැවිරිදි මොහොමඩ් රුශ්ඩි   අද එනම් අප්‍රේල 07 දින අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදුව නිදහස් කරන ලදී.

ඔහු අත්අඩංගුවට ගත්තේ මාර්තු 22 දිනය.

පොලිසිය අඩුව වශටයන් තවත් මුස්ලිම් පුද්ලයින් තිදෙනෙකුට ඊශ්‍රාලයට විරුද්ධව කරන ලද සමාජ ජාල ප්‍රචාර නිසා අඩම්තේට්ම් කර තිබේ. ඉන් එක් අයකුගේ ජංගම දුරකතනය සහ තවත් අයකුගේ ලැප්ටොප් පරිගණකය තවමත් පොලිසිය බාරයේ තබා  ගෙන ඇති බව වාර්තා වේ. තවත් පුද්ගලයකුට ප්‍රශ්ණ කිරීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබේ.

මෙරට පොලිසිය කටයුත් කරන්නේ ඊශ්‍රායල් ඔත්තු සේවාව වන මොසඩ් ඒජන්තයින්ට අවශ්‍ය පරිදිදැයි සැකයක් ඇති වන බව විපාක්ෂික මංත්‍රීවරයකු ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙත පැවසීය.

 “පක් ඊශ්‍රායල්” “Puck Israel”  යැයි  ස්ටිකරයක් ඇලවී යැයි  මොහොමඩ් රුශ්ඩි පොලිසිය ත්‍රස්තවාදය වැළැක්විමේ පනත (PTA) ඔහු දින 90ක රඳවා තැබීමේ නියෝගයක් ලබා ගෙන තිබුණි.

“පක්”  යන්න ඉංග්‍රිස් බාසාවෙහි නිතර යෙදෙන විවිධ තත්වයන් යටතේ විවිධ තේරුම් දෙන වචනයකි. “පක් ට්‍රම්ප්” යනුවෙන් පොස්ටර එක්ස් වේදිකාවෙහි සංසරණය වෙයි.

අත්අඩගුවට ගෙන ත්‍රස්තවාදියකු යැයි හංවඩු ගැසීම  සාධාරණ කිරීමට පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් ද නිතුක් කළේය.

එමගින් එය කියා සිටියේ ස්ටිකර් ඇලවීම සම්බන්ධව ලද තොරතුරක් මත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම විමර්ශනයේදී මෙම තරුණයා  හුදෙක්ම ස්ටිකරයක් ඇලවීමේ ක්‍රියාවෙන් ඔබ්බට වු යම් දැඩි මතධාරියෙකු බවට අනාවරණය වූ බව එය සඳහන් කළේය. තවද විමර්ශනයේදී අනාවරණය වූ සෙසු වැදගත් තොරතුරු වලට ද අනුව, යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවණතාවයක් දක්වන පුද්ගලයෙකු බවට තිබූ සාධාරණ සැකයක් ඇති බව ද එහි සඳහන් විය.

නීතිඡ හිජාස් හිස්බුල්ලා, කිවිවර අනහෆ් ජසීම් සහ  සමජ ක්‍රියාකාරී රම්සි රසීක් අතුඅඩංඟුවට ගත් අවස්ථාවෙහි ද පොලිසය මෙවැනිම කෙබර කෙළියේය.

දින 579කට ආසන්න කාලයක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත(PTA) යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගුරුවරයෙක් හා කවියෙක් වූ නවරසම් පොතෙහි කර්තෘ අන්හෆ් ජසීම් අවසානයේ දී නිදොස් කොට නිදහස් කරන ලදී. ඔහු විසින් පවරණ ලද මූලික අයිතිවාසිකම් නඩුව තවම අවසන් වී නැත.

සමාජ මාධ්‍ය තුළ මෙන්ම පුවත්පත් හා ජනමාධ්‍ය තුළත් සිංහල, දමිළ හා ඉංග්‍රීසි තෙබසින්ම සිය අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිකයකු ලෙස කටයුතු කළ රම්සි රසික් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනත (ICCPR) යොදා ගනිමින් 2020 අප්‍රේල් 09දා අත්අඩංගුවට ගෙන දින 161 ක් සිරගත කොට තබන ලදී.  ඒ පැනෙන් ජිහාඩයක් කරමු යැයි මුහුණු පොතෙහි තබන ලද සටහනක් නිසාය.  ඔහු විසින් පවරණ ලද මුලික අයිතිවාසිකම් නඩුවෙන් ජයගත් අතර පොලිස් නිලධාරීන්ට වන්දි ගෙවීමට සිදු විය.

හිජාස් හිස්බුල්ලාට පවරා ඇති බොරු නඩුවෙහි ද පතුරු ගැලවෙමින් තිබේ.

එසේ නමුත් පොලිසිය තුල නිදන්ගත රෝගයක් වන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් සහ වධහිංසා පැමිණවීම් මෙම කිසිදු අධීකරණ තිරණයක් නිසා වෙනස් වී නොමැති අතර පොලිසිය දිගටම ඝාතන සිදු කරමින් අවනීතික අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් සිටී.

පොලිස් මෘගකම් පාලනය කිරීමට ආණ්ඩුව මෙන්ම වැඩ බලන පොලිස්පති ද  කණගාටුදායක ලෙස අසමත් වී තිබේ.

පසුගිය මාර්තු 22 දින අත්අඩංගුවට ගත් මෙහොමඩ් රුශ්ඩි අන්තර්ජාලය භාවිතා කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක්වී ඇති පුද්ගලයකු බවට නිරීක්ෂණය වී ඇති බැවින්, එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේගයක් ඇතයි පොලිසිය සිය චේතිය නිවේනදය මගින් කියා සිටියේය.

දැන් ඒ පට්ට පල් බොරුව ද පුපුරා ගොස් තිබේ.

සුනන්ද දේශප්‍රිය.

Archive

Latest news

Related news