එලඹෙන 21 දිනට පෙර පාස්කු පප්‍රහාර විමර්ශනයේ ප්‍රගතියක් පෙන්වන ලෙස කැරෙන දේශපාලන සහ ආගමික බලපෑම් හමුවේ රහස් පොලිසිය සොනික් සොනික් නම් අන්වර්ථ නාමයෙන් සහරාන් කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත් වූ පොලිස් බුද්ධි නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට සමත්ව තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙය වූ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ” සොනික් සොනික්” යනු උප පොලිස් පරීක්ෂකවරයකු වූ බණ්ඩාර බව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද දිව්රුම් පෙත්සම්හි සඳහන් කරන ලදී.
ඔහු එහි දී මෙසේ ද සඳහන් කළේය.
“උප පොලිස් පරීක්ෂක බණ්ඩාර යැයි කියනු ලැබූ පුද්ගලයා සමඟ සී.අයි.ඩී.ය ප්‍රශ්න කිරීමට ගිය විට (රාජ්‍ය බුද්ධි සේවාවේ දෙවැනියා වූ) නියෝජ්‍ය පොලිස්පති එස්.අයි.එස්.සම්පත් ලියනගේ මහතා පෙත්සම්කරු අමතා උප පොලිස් පරීක්ෂක බණ්ඩාර, පොඩි සහරාන් සමඟ ඇති සම්බන්ධය ජාතික ආරක්‍ෂාවට ඍජුව සම්බන්ධ වූ මෙහෙයුමක රහස්‍ය කොටසක් බැවින් එකී ප්‍රශ්න කිරීම් කරගෙන නොයන ලෙසට පෙත්සම්කරුට දැනුම් දුන් බව පෙත්සම්කරු කියයි. . කෙසේ වෙතත්, පෙත්සම්කරු එම නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඉල්ලීම පිළිපැදීම ප්‍රතික්ෂේප කර ප්‍රකාශයක් ලබා ගැනීමට සමත් වූ නමුත් ඉහත කී උප පොලිස් පරීක්ෂක බණ්ඩාර සිය ප්‍රකාශයේ ද එම ස්ථාවරයම ගත් අතර එම ‘පොඩි සහරන්’ සමඟ ඇති සම්බන්ධය පිළිබඳ කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.”
ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වූ පසු ගොඨාභය සමයේ විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්විය. ඔහු සමඟ පාස්කු ප්‍රහාර පරීක්ෂණය මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යලි සේවයට බඳවා ගෙන පාස්කු ප්‍රහාර විමර්ශනය බාර දෙන ලදී.
මෙම විමර්ශනයට අත්‍යවශය සාක්ෂිකරුවකු වන සොනික් සොනික් ප්‍රශ්ණ කිරීම පිනිස ලබා දෙන ලෙස අදාළ බුද්ධි අංශ වෙත දන්වන ලද්දේ මෙයට මාස තුනකට පෙරය. එනමුත් වරක් නම වැරදියි කියා ද තවත් වරක් වෙනත් බොරු හේතු පෙන්වමින් ද පසුගිය මාස තැන පුරාම රහස් පොලිසිය මඟ හැරියේය.
විශිවාසදායක ආරංචි මාර්ගයන්ට අනුව, ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවන මේජර් ජෙනරල් අරුණ ජයසේකරද සොනික් සොනික්ගෙන් ප්‍රශ්ණ කිරීම වැළැක්වීමට ක්‍රියා කර තිබේ.
අවසානයේ දී ඔහු ප්‍රශ්ණ කිරීම පිනිස ලබා දී ඇත්තේ ජනාධිපති අනුර කුමාර දිසානායක මැදිහත්වීමෙන් පසුය.
පාස්කු ප්‍රහාරය පිටුපස සිටි පාර රාජ්‍ය ජාලයන් මෙම ආණ්ඩුවෙහි ද බලගතු ස්ථාන දරන්නේ ද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.
සොනික් සොනික් නොහොත් එස්.අයි. බණඩාර පාස්කු ප්‍රහාරයෙන් පසු එය තමන්ගේ ක්‍රියාවක් බව පිළිගන්නා ලෙස අයිසිස් නම් ත්‍රස්ත සංවිධානයට කියා සිටි පුද්ගලයා ලෙස හදුනා ගෙන තිබුණි. ඔහු එම ඉල්ලීම කරන ලද්දේ මාතලේ පොඩි සහරාන් නම් පුද්ගලයා හරහාය.
පොලිස් පරීක්ෂකයින්ට දැන ගැනීමට අවශ්‍ය එක් කාරණයක් වන්නේ එවැනි ඉල්ලීමක් කරන ලෙස සොනික් සොනික්ට නියෝග කළ නිලධාරියා කව්රුන්ද යන්නය.
ඔහු එම තොරතුර හෙළි කළ හොත් පාස්කු ප්‍රහාරය පිටුපස සිටි බුද්ධි අංශ නිලධාරීන් සොයා ගැනීමට හැකි වනු ඇත.
ඔහු යළිත් කිසිදු තොරතුරක් ලබා නොදෙන්නේ නම් බොහෝ විට ඔහු අත්අඩංගුවට ගැනෙනු ඇතයි තතුදත් ආරංචි මාර්ග පවසයි.