Monday, April 7, 2025

ජනපති මාධ්‍ය බක පණ්ඩිතයෝ මෝදි සංචාරය ආවරණයෙන් දේශීය මාධ්‍ය හළති!

ඡායාරූපය: අගමැති මෝදිගේ එක්ස් (කලින් ටිවිටර්) වේදිකාව එකම අවස්ථාවේදී දෙමළ, ඉංග්‍රිසි සහ සිංහල යන තෙබසින් සංචාරයේ වැදගත් අවස්ථා ලොවට දැනුම් දුන්නේය. ජනාධිපති දිසානායකගේ එක්ස් වේදිකාව ඉංග්‍රිසි බසින් පමණක් ඉතා අඩු තොරතුරු ප්‍රමාණයක් ලබා දුන්නේය.

ශ්‍රී ලංකා මාධ්‍ය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය ආවරණය කිරීමෙන් අවහිර කරන ලදී.  ජනාධිපති මාධ්‍ය අංශය (PMD) ආවරණයේ සම්පූර්ණ පාලනය සියතට ගෙන දේශීය මාධ්‍යවේදීන් සමඟ සිදුවීම් සම්බන්ධීකරණය කිරීමට ලැජ්ජා සහගත ලෙස අසමත් වූ බව වාර්තා වේ.

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය මාධ්‍ය නිලධාරීන් 30 දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් සම්බන්ධීකරණය කළ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තම අග්‍රාමාත්‍යවරයා සමඟ ගමන් කරමින් ඉන්දීය මාධ්‍ය සඳහා වර්තා කළේය. මෙරට  මාධ්‍යය ආයතනයන්ට ප්‍රවේශය ලබා දෙන ලද්දේ  නිදහස් චතුරශ්‍රයේ පැවති චාරිත්‍රානුකූල පිළිගැනීම  ආවරණය කිරීමට පමණකි.

නායකයින් දෙදෙනාම අදාළ ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවෙහිදී,  රාජ්‍ය රූපවාහිනියක් වන ‘රූපවාහිනී’ නාලිකාවට පමණක් ඇතුළුවීමට අවසර දෙන ලදී, නමුත් සමස්ත ඉන්දීය මාධ්‍ය බලකායටම එම අවස්ථාව ලබා දී තිබුණි.

ජාතික උත්සවයක ආවරණය ‘සුවිශේෂී’ ලෙස තම කණ්ඩායමට පමණක් ලබා දීමට  ජනාධිපති මාධ්‍ය අංශය තීරණය කළේ කුමන හේතුවක් නිසාදැයි කවරකුවත් නොදනී. එසේ නමුත් සංචාරය පිළිබඳ   වාර්තා කොළඹ ප්‍රවෘත්ති කාමරවලට ඒමට පෙර ඉන්දියානු ප්‍රවෘත්ති කාමර වෙත ළඟා වී තිබුණි.

අගමැති මෝදිගේ කතාව සහ අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳ විස්තර ඇතුළුව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රවෘත්ති නිවේදන මෙන්ම අගමැති මෝදිගේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් ඔහුගේ ‘X’  වේදිකාවෙන්  ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදන ලැබීමට පැය කිහිපයකට පෙර මෙරට මාධ්‍ය වෙත ලැබී තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ කතාව මෙරට ජනමාධ්‍ය වෙත ලැබුණේ පැය පහකට වැඩි කාලයකට පසුවය.

ජනාධිපති මාධ්‍ය උපදේශකයින්ගේ නොහැකියාව මෙම තත්වයට හේතු වූ බව  මෙරට මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති.

ජාජබ ආණ්ඩුව ජනමාධ්‍යවේදීන් අතර සැළකෙන්නේ  තොරතුරු ලබා ගැනීමට ඉතාම දුෂ්කර පාලනයක් ලෙසය.

Archive

Latest news

Related news