ආණ්ඩුවට කඩේ යමින් ලිපි හොරකම් කරන අනීතික වෙබ් අඩවිය පවත්වා ගෙන යන්නේ පොලිස් නෝනෙක්ද?

121

ශ්‍රී ලංකාව තුළ සිට මුදා හැරෙන ciber news.lk නම් වෙබ් පේජය දිගින් දිගටම අප විසින් පල කරන ලිපි අනවසරයෙන් පල කරමින් සිටී.පසු ගිය ආණ්ඩුව කාලයේදී මෙම වෙබ් පේජය සංස්කරණ කළ පුද්ගලයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ බන්ධනාගාර ගත කර සිට ඇප මත මුදා හරින ලද තැනැත්තෙකි.එහෙත් මෙම වෙබ් පේජයෙන් මේ වන විටත් ශ්‍රී ලංකාවේ අධිකරණ විනිසුරුවරුන්ට ඉතා පහත් ආකාරයෙන් අපහාස කරන ග්‍රැපික් චිත්‍ර හා ප්‍රකාශනයන් මුදා හරිමින් තිබේ.ඒ අතරේ අප විසින්  Sri Lanka Brief හි පල කරන ලද ලිපිද අපගේ අවසරයකින් තොරව පල කරමින් තිබේ.

මෙම වෙබ් පේජය මගින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයා මේ වන විට එම පේජය යාවත්කාලීන පවත්වාගෙන නොයන බවට කිසිම සැකයක් නැත.ඒ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක විත්තිකරුවකු නැවත ඒ වරද කිරීමට පෙළමීමට ඉඩ හැකියාවක් නොමැති බැවිනි.

අප එම විත්තිකරු හා සම්බන්ධ⁣ වෙමින් ලබා ගත් තොරතුරු අනුව ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය මගිනි.තමන් ඉන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන විට වෙබ් පේජය සම්බන්ධ විද්යුත් ලිපිනය හා රහස් වදන සයිබර් විමර්ශන ඒකකයේ නිලධාරීන් හට බාර දී තිබේ.ඉන් අනතුරුව බන්ධනාගාරගතව සිට නිදහස් වීමෙන් පසුව තමාට වෙබ් පේජයට ඇතුළුවීමට නොහැකි වී ඇති බවද ඔහු පවසයි.

Ciber news.lk නම් වෙබ් ⁣පේජය ජාතික ජන බලවේගය ආණ්ඩුවට පක්ෂපාතී ප්‍රකාශනයක් ලෙස පවත්වාගෙන යමින් මෙරට අධිකරණ ක්ෂේත්‍රයේ සේවය කරන විනිසුරුවරුන් අතුරෙන් කිහිප දෙනෙකු තෝරාගනිම්න් අපහාස කරමින් පෝස්ටු පල කරමින් සිටින බවද පෙනී යයි.එසේම ජාතික ජන ⁣බලවේග ආණ්ඩුවේ අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාරද එහි විවේචනයට ලක් වී සිටී.

අධිකරණයට හා පුද්ගලයන්ට අපහාස කරමින් හා අන්තර්ජාල මාධ්‍යයන්හි පල කරන ලද ලිපි නැවත පල කරමින් යාවත්කාලීන කෙරෙන මෙම වෙබ් පේජය සම්බන්ධයෙන් අප කළ ගවේෂණයකදී අපට අනාවරණය වූයේ වර්තමානයේදී ⁣මෙය පවත්වාගෙන යන්නේ සයිබර් අපරාධ විමර්ශන ඒකකයේ ⁣සේවයේ නිරතව සිට ස්ථාන මාරුවක් ලද ඡ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියක බවය. එම ඡ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනිය විසින් මුහුණ පොතෙහි පවත්වාගෙන යන ව්‍යාජ ගිනුමක තිබෙන ග්‍රැපික් චිත්‍රත් මේ වෙබ් පේජයේ පල වන චිත්‍රත් එක හා සමාන බව අප හට තහවුරු වී තිබේ. මුහුණු පොතෙහි පවත්වාගෙන යන එම ව්‍යාජ ගිනුම මෙම ඡ්‍යෙෂ්‍ඨ පොලිස් නිලධාරිනියගේ බවට වූ ලිඛිත සාක්ෂි අප සතුව පවතී.

කෙසේ වෙතත් ජා⁣තික ජන බලවේගය ආණ්ඩුවට දැඩි පක්ෂපාතී වෙබ් පේජයක් ලෙස පවත්වාගෙන යමින් අධිකරණය⁣ ඉතා බරපතල ආකාරයෙන් අපහාසයට ලක් වන ආකාරයේ ප්‍රකාශනයන් හා පෝස්ටු මුදා හරින මෙම වෙබ් පේජය පිළිබඳව ආණ්ඩුවේ නීතිය හා සාමය බාරව සිටින බලධරයන් මැදිහත් විය යුතුය.