ඡායාරූපය: දිවයින පුවත්පතිනි.
ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාශයට අයත් කොස්ගොඩ පොලීස් ස්ථානයේ නව පොලිස් ස්ථානාධිපතිවරයා කොස්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ ගමන් බිමන් යන තරුණයන් සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් ඔවුන් පොලිස් ස්ථානයට ගොස් පැය කිහිපයක් රඳවා තබා ගෙන සිට මුදා හරින බවට ප්‍රදේශවාසීන් විසින් චෝදනා කෙරේ.මේ පොලිස් ස්ථානාධිපති වරයා කොස්ගොඩ පොලිස් ස්ථානයට පැමිණ ඇත්තේ මෑතකදීය.
පොලීසියට රැගෙන විත් එසේ මුදාහරින තරුණයන් හට මෙම පොලිස් ස්ථානාධිපතිවරයා විසින් එලෙස රාජකාරිය සිදු කිරීමට සිදු වී ඇත්තේ ආණ්ඩුවේ උපදෙස් මත යැයි පවසන බවද දැන ගැන්මට තිබේ.එසේ නැතහොත් ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ පොදු ජන පෙරමුණෙහි හිටපු පලාත් සභා මන්ත්‍රීවරයකු විසින් තමන්ට එම තරුණයන් මුදා හැරීමට උපදෙස් දුන් බවත් පවසා පොලීසියේ රඳවා ගෙන සිටින්නන් මුදා හැරීම සිදු කරන බවත් වැඩිදුරටත් වාර්තා වෙි.
කෙසේ වෙතත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අග භාගයේදී ජාතික හැඳුනුම්පත නොමැතිව තම නිවස අසල පිහිටි වෙළඳ සැළකට ගිය කලාකරුවකු අතුරුගිරිය පොලීසිය මගින් අත් අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙරට සමාජය තුළ බොහෝ කතා බවට ලක්විය.එම අත් අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වූ නීතිඥ ලක්ෂාන් ඩයස් ගෙන් 2024 දෙසැම්බර් 23 වන දින බීබීසී සිංහල සේවය අදහස් විමසා තිබුණි.
නීතිඥ ලක්ෂාන් ඩයස් එහිදී පවසා තිබුණේ පොලීසියට අනන්‍යතාව මත අත් අඩංගුවට ගැනීමට නොහැකි බවය. ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද පවසා තිබුණි.
“….රටේ පවතින නීතියක් උල්ලංඝනය කරන්නේ නැතුව අත් අඩංගුවට ගන්න බැහැනේ කාවවත්.යම්කිසි නීතියක් උල්ලංඝනය කළොත් උල්ලංඝනය කරපු නීතිය මොකද්ද කියල ඉස්සර වෙලා කියන්නෝන.අනන්‍යතාව හෙළි නොකර නම් අනන්‍යකු ලෙස පෙනී සිටින්න ඕන.
කෙනෙක් අන්‍ය අයෙකු ලෙස පෙනී සිටින්නේ නැති නම් එහෙනම් ඒ ගොල්ලෙ කියන්න ඕනා මොන නීතියද කඩ කෙරුවෙ කියල.නීතිය කඩ කලේ මොකද්ද කියන එක දැනුම් දෙන්නත් ඕන.”
අනන්‍යතාව හෙළි කර ගැනීමට නොහැකි වූූූවා යැයි අත් අඩංගුවට ගැනීමේ හැකියාවක් නොමැති බවට අවධාරණය කර ඇති නීතිඥ ලක්ෂාන් ඩයස් අනන්‍යතාව හෙළි කරන්න යැයි ඉල්ලා සිටිය හැකි බවද පවසා තිබේ.
“ඩ්‍රයිවින් ලයිෂන් එක ,තැපැල් අයිඩෙන්ටිය එහෙමත් නැතිනම් රැකියා ආයතනයෙන් දීපු කාඩ් එක එහෙම නැති නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු මීඩියා අයිඩෙන්ටි එකක්,ජාතික හැඳුනුම්පත ,පාස්පෝට් එක,මේ ඕනෑම ලේඛනයකින් තමන්ගේ අනන්‍යතාව පැහැදිලි කළ හැකියි.එසේ ඉදිරිපත් කරන ලේඛන පිළිබඳව ගැටලුවක් ඇති වුව හොත් ජාතික හැදුනුම්පත රැගෙන එන ලෙස ඉල්ලා සිටිය හැකි මුත් එය රැගෙන යා යුතු නැහැ.
“1968 අංක 32 දරන පුද්ගලයන් ලියා පදිංචි කිරීමේ පනතේ වගන්ති අනුව කොමසාරිස් නියම කරන හෝ ඔහුගේ බලය පැවරූ නිලධාරියෙක් නියෝග කරන දිනයක,වේලාවක ඒක තමන් ඉදිරිපත් කරන්න ඕනේ කියල තියෙන්නෙ.
“එතකොට ඉදිරිපත් කරන්න නම් ඒක කලින් ලිඛිතව කියන්න ඕන.මිනිස්සු හුඟක් පටලවා ගන්නවා මේ අයිඩෙන්ටිය සාක්කුවෙ දාගෙන යන්න ඕන. කඩේ යන කොට හරි කියලා එහෙම දෙයක් නෑ.
“අයිඩෙන්ටි කාඩ් එක අල්මාරියෙ තියල යන්න ඕන දෙයක්.අනන්‍යතාව හෙළි කිරීම නීතියේ අත්‍යවශ්‍ය කාරණයක් නොවන එය ප්‍රායෝගික කරුණක් පමණයි.කොහොම වෙතත් පොලීසියට යමෙක් සැක පිට අත් අඩංගුවට ගැනීමට හැකියාවක් පවතිනවා. ඒ සැකය මොකද්ද
කියල කියන්න ඕන. පොලීසියට නිකං සැක කරලා මිනිස්සුන්ව අත් අඩංගුවට ගන්න බැහැ.ඒක පැහැදිලිවම ශ්‍රේෂ්ඨාධාකරණ නඩු තීන්දු වල කියල තියෙනවා. අනන්‍යතාව පැහැදිලි කර ගැනීම සැකය නිවැරිදි කර ගන්නා එක් මාර්ගයක් පමණක් බවත් අනන්‍යතාව හෙළි කළ පමණින් සැකය අවසන් වන්නේ නැහැ. ජාතික හැඳුනුම්පත කියවා ගත යුත්තේ පුද්ගලයන් ලියා පදිංචි කිරීමෙි පනතේ අරමුණු වලට යටත්ව මිස ජාතික ආරක්ෂාවේ අරමුනු වලට යටත්ව නොවෙයි.අනන්‍යතාව හෙළි කරගන්නට නොහැකි වූ පමණින් යමෙකු අත් අඩංගුවට ගත හැකිය යන්න වැරදි මතයක්.සොරකමේ යන විට හොරා අයිඩෙන්ටිය අරන් ගියොත් අනන්‍යතාව තිබුණ කියල ප්‍රශ්ණෙ ඉවර වෙන්නෙ නෑ.
“අයිඩෙන්ටිය තිබුණත් නැතත් පොලීසියට සැක නම් අත් අඩංගුවට ගන්න පුළුවන්.හැබැයි පොලීසියට නිකරුණේ අත් අඩංගුවට ගන්න බැහැ.”
(බීබීසී උපුටනය අවසන් )
මෙහි සඳහන් කරුණු අනුව ජාතික හැඳුනුම්පත සන්තකයේ නොතිබීම නිසා පුරවැසියකු පොලිස් අත් අඩංගුවට ගැනීමට නොහැකි බව පැහැදිලිය.
ඒ බව කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති වරයා නොදැන සිටී යැයි සිතිය නොහැකිය.එහෙත් කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති වරයා විසින් සිදු කරනු ලබන බවට අනාවරණය වන මෙම අනීතික ක්‍රියාව දේශපාලනිකව පොදු ජන පෙරමුණේ ප්‍රවර්ධනය සඳහා සිදු කරන්නක් බවට ප්‍රදේශවාසීන් තුළ සැකයක් පවතී.
එය වඩාත් තහවුරු වන්නේ මෙම පොලිස් ස්ථානාධිපති වරයා මීට ඉහතදී දීර්ඝ කාලයක් රාජකාරි කර ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කටයුතු වල නිසා බවද වැඩිදුරටත් පැවසේ.
(ලොකු )