(ශ්‍රී ලංකා බ්‍රීෆ්/28 මාර්තු 2025) ලොකු විසිනි.
පසුගියදා පදනම් ආයකනයේ පැවති සම්මාන උළෙලකට සහභාගි වූ සිනමා නිළියක වූ අනොජා වීරසිංහ සිය මුහුණු පොතෙහි අපූරු සටහනක් ලියා තිබේ. United Nations Association of Sri Lanka සංවිධානය කළ මෙම සම්මාන උලෙළ පවත්වා ඇත්තේ අගමැතිනි මහචාර්ය හරිනි අමරසූරිය හා විදේශ කටයුතු හා සංචාරක ඇමති විජිත හේරත් ගේ සහභාගිත්වයෙනි.එම උළලේදී ඇයටද සම්මානයක් හිමිවී තිබේ.
ඇය තැබූ සටහන මෙසේය
අගමැතිතුමිය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතින් United Nations Association of Sri Lanka සංවිධානය පිරි නැමූ මේ සම්මානය පිළිගනිද්දී වෙනදා නොදැනුන විශාල වෙනසක් මට දැනුනා.
උදේ කාර්යාලයට ආපු විදියෙන්ම දවල් 11 වෙද්දි පදනම් ආයතනට පැමිණි එතුමිය දොරෙන් ඇතුළුවෙනවා දුටු සැණින්ම එකවරටම මට නැගිටින්න හිතුනා.මේ අපේ රටේ අගමැති තුමිය නේදැයි මට අභිමානයක් දැනුනා.සාමාන්‍යයෙන් එය
මා හට සිදු නොවන්නක්. හතර වටෙන්ම ආරක්ෂකයන් පිරිවරා ගෙන නොමැති මහා බැරෑරුම් ,ගාම්භීර බවක් ආරෝපනය කර ගත් නායකයන් අප්‍රමාන ලෙස දැක තිබුණ මට එතුමියත්,විජිත හේරත් ඇමතිතුමාවත් පෙනුනේ රටේ මිනිසුන්ගේ නියෝජනයක් ලෙස ප්‍රථම වතාවට දුටු එතුමිය, කාන්තා අපේ නියෝජනයක් ලෙස හැමෝම කෙරෙහිම තිබූ අව්‍යාජ ලෙන්ගතු බව බෙහෙවින්ම ළගන්නාසුලු වූවා.
බොහෝ අය අසුනෙන් නැගිට්ටේ නැත්තේ ප්‍රභූවරුන් යැයි කියා ගත් අය ඇඳ ගන්න අය එතැන නොසිටි නිසාදැයි මා සිතුවා.
ඇයගේ බුද්ධිමත් කෙටි දේශනය වැන්නක් වසර ගණනාවකදී මා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනයකින් අසා තිබුණේ නැහැ.
කලාකාරියන් හා සමාජ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් ඉතා ලෙන්ගතු කමින් උත්සවය අවසානයේදී එතුමිය සමග ඡායාරූපයක් ගැනීමට ලං වන විට එතුමිය එහාට මෙහාට තල්ලු වුනා. ඒ අව්‍යාජ සිනවහම මුවඟ රඳවාගෙන ඡායාරූපවලට පෙනී සිටියා කිසිම අපහසුතාවක් මා දුටුවේ නෑ.කිසිම ආරක්ෂකයෙක් ඒ හිටපු අයව තල්ලු කරන්න.එහාට මෙහාට යවන්න උත්සාහ කළෙත් නෑ.
ඊළඟට මා විජිත හේරත් ඇමතිතුමා දෙස බලා සිටියා.මා දුටුවේ බොරු රංඟනයක් නැති මේ රටේ සාමාන්‍ය පවුලක මිනිසෙක් අප දෙස බලන විට පිරී ඉතිරී යන සිනහව තුළ මා දුටුවේ අප්‍රමාණ ගෞරවයක් මුසු ආදරණීය බවක්.මීට පෙර මා දැක තිබෙනවා බොහෝ දේශපාලකයන් තරුණ නිළියන් දෙස බලන ආකාරය.
22 වනදා අගමැතිනියකගේ සහ ඇමතිවරයෙකුගේ හැසිරීම තවමත් මට හරි හැටි හිතා ගන්නට නොහැකි තත්වයක මා පසුවෙනවා.බොරුවම දැක ඇති.බොරුවලටම අවුරුදු ගණනාවක් රැවටුණ මිනිසුන්ටටත් මා හිතන්නේ මොවුන්ගේ ක්‍රියාකාරකම් හා හැසිරීම් තවමත් දිරවා ගන්නට නොහැකි වී ඇති බවයි.මේ වගේ මිනිසුන් ගැහැණුන් මේ රටේ සිට්නවාදැයි අවබෝධ කරගන්නට බැරුව සිටින බවයි .
සම්මානලාභිනියන් අතර අභින දියණියක වන මිශෙල් දිල්හාරාද සිටියා.ගුරුතුමිය හා සිසුවියක එකම වේදිකාවක සම්මානයට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාව මෙයදැයි මට හිතුණා.එම සම්මානය ලබන්නට ඇය සෑම අතින්ම සුදුසුකම් ලබනවා.ඇය විශිෂ්ට රංඟන ශිල්පිනයක්.
රංඟන ශිල්පිනියකට අවශ්‍ය ගායනය ,නර්තනය ,සටන් කලාව ඇතුළු බොහෝ දේවල් තවමත් වෙහෙස නොබලා ඉගෙන ගන්නා දිරිය දියණියක්.
සිංහල හා ඉංග්‍රීසි බසින් ජාතිකව සහ අන්තර්ජාතිකව මේ රටේ තරුණ ප්‍රජාව නියෝජනය කරමින් බුද්ධිමත්ව දේශනා පවත්වන්නියක්.
පරිසරයට අප්‍රමාන ලෙස ආදරය කරන පරිසරය සුරැකීමට බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන්නියක්.පාසැල් දරුවන් ඇතුළු සමාජයේ ඕනෑම අයවළුන් වෙනුවෙන් ඔවුන්ගේ දියුණුව සදහා ඇප කැපවී වැඩ කරන සමාජ ක්‍රියා කාරිණියක්.බොරු ආටෝප නැති ඉතා සංවර විනයානුකූලව වෙහෙස මහන්සි වී පිළිවෙලකට නිවැරිදිව සිටීමට නිරන්තරයෙන් උත්සාහ ගන්නා දිරිය දියණියක්.ඉතා සබකෝලයෙන් යුතු අහිංසක පුංචි ගෑනු ළමයෙක් ලෙස අභින නිවසට පැමිණි ඇය මේ වන විට ස්ව උත්සාහයෙන් අන්තර්ජාතික තලයේ තබන්නනට පුළුවන් විසල් කාන්තා චරිතයක් බවට පත්වී සිටිනවා.
මට ඇය ගැන දැනෙන්නේ අප්‍රමාන ආඩම්බරයක්.
මිල මුදල් ධනය වස්තුව හොයන්නට මරා ගනිමින් ඉදිරියට යන්නට සූදානමින් සිටින කාන්තාවන් බහුතරයක් සිටින රටක ඈ වැනි උතුම් ගුණාංඟයන්ගෙන් පිරිපුන් අති දක්ෂ බුද්ධිමත් ආචාරශීලී තරුණ දියණියක් අප මව්බිමට උරුමවීම දකින මා තුළ ඇති කරන්නේ අප්‍රමාණ වූ අස්වැසිල්ලක් , සැනසීමක්.
බැට්න් එක අරන් දුවන්නට,තමන්ටත් වඩා බොහෝ ඉදිරියෙන් යන දරුවන් සිටීම ගුරුවරයන්ගේ සිත් වලට මොන තරම් සතුටක්ද මගේ රට කොයි තරම් ලස්සනද? පිනවන්නද ?කියලා හිතෙන , දැනෙන බෙල්ලන්විල අභින යෝගාශ්‍රමයේ සිට
අනෝජා වීරසිංහ, 2025/03/25
ලොකු විසිනි.