ඡායාරූපය: අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස්
ව්‍යවස්ථා කවුන්සිලයේ හරි හරි බෙදීමක් තිබියදී දේශබන්දු තේන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීම ක්‍රම විරෝධී යැයි මෙරට පුරවැසියන් අධිකරණය හමුවට ගිය අවස්ථාවෙහි, ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු පොලිස්පති කළ යුතු බවට තර්ක කළ නීතිපති දෙපාර්ථමේන්තුව අද එම දේශබන්දු හැදින්වූයේ අවතාරයක් සහ පතාල අපරාධකරුවන්ටත් වඩා භයානක අයකු ලෙසය.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ ඇති පෙත්සම් 08ක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන් හමුවේ කැඳවා වන ලද්දේ 2024 ජූලි මාසයේදීය.
නීතිපති ඒ අවස්ථාවෙහි දී දේශබන්දු පොලිස්පති කිරීම වෙනුවෙන් පෙනී සිටියේය.
පසුගිය 17වන දා අභියාචනාධිකරණයෙහි දී නීතිපති දෙපාර්ථමෙන්තුව කියා සිටියේ දේශබන්දු පොලිස් කොස්තාපල්වරයකු වීමට වත් නුසුදුසු බවය.
රනිල් රාජපක්ෂ විසින් ඒ වන විටත් වධකයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දඩුවම් කර තිබූ දේශබන්දු පොලිස්පති කිරීම වෙනුවෙන් පෙනි සිටියේ ද මෙම නීතිපති දෙපාර්ථමේන්තුවමය.
නීතිපති දේපාර්ථමේන්තුව යනු රටේ පාලක දේශපාලනය අනුව නටන ආයතනයක් බව මෙයට පෙර ද පෙනී ගොස් තිබේ.
19 වන දා මාතර මහේස්ත්‍රාත් අධීකරණයේ දී වැඩබලන පොලිස්පතිට ඇස්ටි හැලේලන්නම දුන් අතිරේක සොලිසටර් ජනරාල් දිලීප පීරිස් රනිල් රාජපක්ෂ සමයේ රඟපෑවේ වෙනත් චරිතයකි. මුලදී ප්‍රගීත් එක්නැළිගොඩ නඩුව වෙනුවෙන් කැප වී කටයුතු කල ඔහු ගෝඨාභය සමයෙහි එතරම් උනන්දුවක් පෙන් වූයේ ද නැත.
කෙසේ වෙතත් ඊයේ ඔහු දේශබන්දු සම්බන්ධයෙන් අධිකරණයෙහි කළ ප්‍රකාශය අගය කළ යුතුය. එය මෙරට පොලිසියේම ඇදුම් කළ එළියේම ගැලවීමක් වැන්න.
වැඩ තහනම් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද නීතිඥවරුන් මාර්ගයෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර දින විස්සක් ගතවීමෙන් පසුය.
දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව ඔහුගේ නීතිඥයන් විසින් ඔහුට ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටි අතර මෙම නඩුව පිළිබඳව විමර්ශනය කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය ඉදිරියේ එයට විරෝධතාව දක්වා මෙසේ ප්‍රකාශ කරන ලදී.
“ස්වාමීනි අද පෙරවරුවේ මට ආරංචියක් ලැබුණා අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තු නිකුත් කර තිබෙන මේ සැකකරු ටයිකෝට් වලින් සැරසි බෙන්ස් රථයකින් ඇවිත් මාතර උසාවිය තුළ වාඩිවෙලා ඉන්නවා කියලා. ඒක සැල වීමෙන් පසුවයි මා මේ අධිකරණයේ පෙනී සිටින්න තීරණය කළේ. මේ මෝසම ගැන අපට දැනුම් දීමක් නොකර හොර පූසා වගේ උසාවියට ඇවිත් පාලු ගෙයි වලන් බිඳලා ඇප අරගෙන යන්න මේ සැකකරු හිතාගෙන ඉන්න ඇති. මම උසාවියට එන අවස්ථාවෙත් මේ සැකකරු ටයිකෝට් වලින් සැරසිලා පෙළේ බංකුවක වාඩිවී සිටියා. ස්වාමීනී මම අහන්න කැමතියි. මොහු බංකුවක වාඩිවෙලා ඉන්නේ කොහොමද? ඔහු සිටිය යුත්තේ කූඩුවේ
අපරාධකාරයෙක් උසාවියට එන්න ඕන බඩ ගාගෙන.මෙයා විදියට සිංහ ලීලාවෙන් එන්න බැහැ.මොහු තමන්ගෙ ෆෝන් ඕෆ් කරගෙන යටි කූට්ටු ගේම් ගගහ දවස් විස්සක් විතර අධිකරණයට කට්ටි පැන්නා.සංවිධානාත්මක අපරාධකරුවන් විදියට සළකන මාකඳුරේ මදූෂ්,හරක් කටා වැනි අපරාධකරුවන් වගේ ඊට නොදෙවෙනි කෙනෙක් මොහු.ඒ වගේම මොහු හොද නළුවෙක්.මොහු අධිකරණයට ආවෙ නහය ලඟට වතුර ගලා ආවට පස්සෙ.
මේ සැකකරු අභියාචනාධිකරණයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමෙි පලමු වග උත්තරකරු ලෙස නම් කර තිබුණේ ඔබතුමා.ඔබතුමා අධිකරණ ශාලාවේ දොර අගුළු ලාගෙන කුමන්ත්‍රණය කරනවා කියලත් ඒ පෙත්සමේ සදහන් කරල තිබුණා.මේ සැකකාරයා පොලිස්පති ධුරයේ කටයුතු කරන අවධියේ ප්‍රකාශ කර තිබුණා අපරාධකරුවන් ආරක්ෂා කරන්නේ නීතිඥවරුන් බව.
එහෙම ප්‍රකාශ කරපු සැකකරු අද නීතිඥයන් වට කරගෙන උසාවියට ඇවිල්ලා.ස්වාමීනි මේක W 15 හෝටලයට වෙඩි තැබීමේ දඬුවම නොවෙයි.කර්මය පඩිසන් දීමක් හැටියට කියන්න පුළුවන්.දිට්ඨ දම්ම වේදනීය කර්මය මොකද්ද කියල මේ සැකකරුට අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.ඒක දැන් මොහුට ඇස් පනා පිට පල දෙනවා.කරුමය තමා මොහුට මේ පල දීල තියෙන්නෙ.
මොහු අත් අඩංගුවට ගැනීමට නියෝග කිරීමෙන් පසුව ප්‍රභාකරන් සොයනවා වගේ මොහු සොයන්නට පොලිස් මෙහෙයුම් කෙරුවා.මොහුට ඇති ආගමික බලය හා සමාජ බලය උපයෝගී කරගෙන මොහු ඊයේ වෙන තුරු සැඟවී සිටියා.
මොහු පදිංචිව සිටින නිවසේ ලිපිනය ලෙස දාල තිබුණ ලිපිනයේ ඉන්නෙ හාමුදුරුනමක්.මොහු සොයන්නට නිලමේවරු දේශපාලකයන් ඇතුළු බොහෝ දෙනෙකුගෙන් ප්‍රශ්ණ කෙරුවා.මොහු ගනුදෙනු කරල තියෙන්නෙ ඒ වගේ පුද්ගලයන් එක්ක.
මේ සැකකරුගෙ නිවස පරීක්ෂා කරාම එහි තිබී මත්පැන් බෝතල් 795 ක් සොයා ගත්තා.ඒවා කෝටියකට වඩා වටින මත් පැන් බෝතල්. හැම්පර් විතරක් එකසිය ගානක් තිබ්බා.රජයේ සේවකයන්ට තුටු පඬුරු ගන්න බැහැ.එසේ නම් මොහු ඒවා ලබා ගත්තේ කෝමද මොහුගේ නිවස ගෙයක් නොවෙයි ඉස්කාගාරයක් .කිසිම දේපොලක් මොහුගේ නමට ලියාංපදිංචි වෙලා නෑ.එහෙත් මොහුට ගෙවල් අටක් විතර තිබෙන බව පොලීසිය හොයාගෙන තියෙනවා .ඒ නිසයි මම ඔබතුමාට කිව්වෙ මොහු සංවිධානාත්මක අපරාධ කරුවන්ටත් වඩා භයානකයි කියලා.”
සැකකාර දේශබන්දු තෙන්නකෝන් ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර බන්ධනාගාර ගත කරන ලෙසටද මෙහිදී වැඩිදුරටත් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරිස් ඉල්ලා සිටියේය.දෙපාර්ශවයෙන් ඉදිරිපත් කරන ලද කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් වරයා විසින් එම නඩුවේ තීන්දුව 20 දින ප්‍රකාශ කරන බවට නියෝග කෙරිණි.
ලොකු සහ එස්ඩී විසිනි.