Wednesday, March 19, 2025

දේශබන්දුගේ ගෙදර හොර පොළක්!

ඡායාරූපය: ඊයේ පොලිස් ලොක්කන් කැදවා ජනාධිපති හොදවායින් දෙක තුනක් කියන තුරු දේශබන්දුගේ නිවස පරීක්ෂාවට පොලිසිය ගියේ නැත.

අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වූ වැඩ තහනම් පොලිස්පති දේශබන්දුගේ නිවසෙහි තිබී විදේශීය මත්පැන් බෝතල් 1003ක් දේශීය මත්පැන් බෝතල් 795ක් සහ වයින් බෝතල් 200ක් අද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

මෙතරම් මත්පැන් තොගයක් ඔහු මිලදී ගත්තේ යැයි සිතිය නොහැක.

මෙම මත්පැන් බොහෝ දුරටම අල්ලස් සහ පඩුරු පාක්කුඩම් ලෙස විවිධ පුද්ගලයින් විසින් දෙන ලද ඒවා විය යුතුය.

රාජක්ෂවරුන්ගේ පොලිස් ඇමති වූ ටිරන් අලස් සමඟ එක්ව  “යුක්තිය” නම් මත්   ද්‍රව්‍ය නිරෝධී  අනීතින මෙහෙයුමක් මගින් දහ දහස් ගණනාවක් අත්අඩංඟුවට ගත්තේ මෙම හොර පොළ පවත්වා ගෙන ගිය දේශබන්දුය.

හොර පොළ යනු රහසේ මත්පැන් බීමට සහ මිලදී රැස්වන ස්ථානයකි.

ඊටත් වඩා පුදුමය නම් අධීකරණ නියෝග මඟ හැර සැඟවී සිටි දේශබන්දුගේ නිවස පරීක්ෂා කිරිමට ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිස් ලොක්කන්ට හොදවායින් දෙක තුනක් කියන තුරු සිටීමයි.

එස්.ඩී. විසිනි.

ඊයේ එම අනතුරු හැගවීමෙන් පසු දේශබන්දු අද මාතරට ගොස් බාර විය. බාරවන තුරු පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නැත.

නීිතියේ දෙවඟන කෙලෙසන්නේ මහා ජනයා නොවේ. පොලිස් ලොකු ලොක්කන් බව මෙම හොර පොළ සොයා ගැනීමෙන්ද සනාථ වේ.

 

 

Archive

Latest news

Related news