ජයාරූපය ලංකා ලිඩර් වෙතිනි.
( Sri Lanka Brief/15 March 2025) අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට එල්ල වූ ලිංගික අතවරය සම්බන්ධ සාකච්ජාවට එක්වෙමින්, කාන්තාවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය, විනිසුරුවන් සහ මාධ්ය සඳහා පැහැදිලි සහ නිශ්චිත ප්රමිතීන් ක්රියාත්මක කළ යුතු බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ නිවේදනයක් නිකුත් කරමින් පවසති.
නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ, සමාජයක් ලෙස, සෑම කෙනෙකුම මෙම අපරාධවලට අනුකම්පාවෙන් ප්‍රවේශ විය යුතු අතර, ඉන් බේරුණූ අයගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගත යුතු බවයි. එමෙන්ම, ඔවුන්ගේ වේදනාව වැඩි නොකළ යුතු බවයි. එවැනි සිදුවීම් වාර්තා කිරීමට සහ යුක්තිය පතා කාන්තාවන් ඉදිරියට පැමිණීම අධෛර්යමත් නොකළ යුතු බවයි.
ප්‍රකාශය පහත දැක්වේ:
යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය ප්රතිසංස්කරණය සඳහා සාමූහික ප්රතිඥාව හා ආචාර ධාර්මික වාර්තාකරණය වෙනුවෙන් වූ ඉල්ලීමයි – ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරියන්
අනුරාධපුර රෝහලේ වෛද්යවරියකට සිදු වූ ලිංගික හිංසනය, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩකාරී අපරාධ අවම කිරීම පිළිබඳ අපගේ සාමූහික ප්රයත්නයේ අසාර්ථකත්වය පිළිබඳව නැවතත් දැඩි සංවාදයකට තුඩු දෙන්නක් බවට පත්ව තිබේ. ප්රචණ්ඩත්වයට මුහුණදුන් කාන්තාවට අපගේ සහයෝගීතාවය සහ සංවේදනය ප්රකාශ කරන අතරම, වින්දිතයාගේ සමාජ කාණ්ඩය හෝ අනන්යතාවය කුමක් වුවද, කාන්තාව පිළිකුලට හා ප්රචණ්ඩත්වයට ලක් කරලීමේ සංස්කෘතිය බිඳ දැමීම අපගේ ප්රධාන මෙහෙවර විය යුතු බව අපි අවධාරණය කරන්නෙමු.
අපට දිනපතා කාන්තාවන්ට එරෙහිව සිදුවන විවිධ අපරාධයන් පිළිබඳව අසන්නට ලැබේ. මිනීමැරුම්වල සිට ලිංගික හිංසනයන් ගත් කළ රැකියා ස්ථානයේ සහ සයිබර් අවකාශයේ ලිංගික හිංසනය දක්වා පුළුල් පරාසයක් තුළ කාන්තාවට අපරාධ සිදුවෙයි. කාන්තාවන් හිංසනයට පත් වන ලෙස කතාබහ සිදු කරලීම අද වන විට සාමාන්ය සිදුවීමක තත්ත්වයට පත්ව ඇති අතර, එය ස්ත්රී විරෝධී සංස්කෘතියක් ඇති කරලීමේ විශාල ගැටලුවක් පිළිබඳව පෙන්නුම් කරයි. කාන්තාවන් අවමානුෂිය ලෙස සලකන සංස්කෘතියක අවිභාජ්ය කොටසක් වන්නේ, බොහෝවිට සාමාන්යකරණය වී ඇති අන්තර්ජාල අපයෝජනය සහ වාචික හිරිහැර බව තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
මෙම සිදුවීම ගත් කළ, සමාජයේ සෑම අංශයකින්ම මුලින් ඒ සඳහා ඉතාමත් සංවේදී ප්රතිචාරයක් ලැබෙන ලද නමුත් මේ වන විට සුපුරුදු ස්ත්රී විරෝධී කතාවක් මඟින් එය අවතක්සේරු කරමින් ඇත.
එබැවින්, ප්රචණ්ඩත්වයෙන් හා හිරිහැරවලින් මුහුණදුන් කාන්තාවන්ට සහාය වීම සඳහා වන ප්රතිසංස්කරණයන් සඳහා අඛණ්ඩව පෙනී සිටින කාන්තාවන් ලෙස, කාන්තාවන්ට එරෙහි ප්රචණ්ඩත්වය සහ හිරිහැර මැඩ පැවැත්වීමේ පද්ධති ප්රතිසංස්කරණය කිරීම සඳහා අප උත්සාහ කරමින් සිටින විටදී වුවද, ඒ පිළිබඳ පොදු සාකච්ඡාවට දායක වීම අපගේ යුතුකමක් ලෙස අපි සලකමු.
වින්දිතයාගේ ප්රකාශය මාධ්යවල පළ කිරීම සහ අපගේ සමාජය තුළ කාන්තාවන් අගතියට පත් කෙරෙන අන්දමේ ප්රචණ්ඩකාරී අපරාධයන් පිළිබඳ සංවේදී බවෙහි මඳ බව පිළිබඳව අපි විශේෂයෙන්ම දැඩි කනස්සල්ලට පත්ව සිටින්නෙමු. නීතිය ක්රියාත්මක කරන බලධාරීන් සහ මාධ්ය, ප්රචණ්ඩත්වයට සහ හිරිහැරයන්ට ලක් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සංවේදීව හා ඔවුන්ගේ ගරුත්වය රැකෙන පරිදි ක්රියා කළ යුතු වන්නේය. බොහෝ අවස්ථාවල දී කාන්තාවන් මෙම සිදුවීම් අදාළ බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසු තම නමට අපකීර්තියක් ඇති වෙතැයි යන බිය නිසා ඒ පිළිබඳව පැමිණිලි කිරීමට පසුබට වේ. එවැනි සිදුවීමකින් පසුව ජීවිතය රැක ගත් සියලුදෙනාටම තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වන අයිතිය සුරක්ෂිත කළ යුතු වන්නේය.
බලධාරීන් වෙත අපරාධවලට එරෙහිව පැමිණිලි කිරීම දිරිමත් කිරීමට නම්, අධිකරණය, පොලිසිය සහ මාධ්ය විසින් එවැනි සිදු වීම්වලට මුහුණදුන් කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය සුරැකීම සහ ඔවුන්ගේ යහපැවැත්ම කෙරෙහි ප්රමුඛත්වය දිය යුතු වන්නේය.
බොහෝ විට මෙවැනි පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම් මහා පරිමාණයෙන් වින්දිතයා දෝෂ දර්ශනයට ලක්වීමට හේතු වන අතර, මෙම සිදු වීමේදී ද අපට එය දැක ගත හැකිය. අපරාධයෙන් පසු ඊට ගොදුරු වූ කාන්තාවගේ ක්රියා කලාපය හෝ ඇය පිළිබඳ වන විශ්වාසය සමාජ මාධ්ය තුළ කතාබහට ලක් කරමින් වින්දිතයා පිළිබඳව නොයෙකුත් නිගමනයන්ට එළඹෙන බවක් දක්නට ලැබේ. මේ හේතුවෙන් කාන්තාවන් ලිංගික හිංසනයන් පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කරයි.
එබැවින්, මෙම ප්රචණ්ඩත්වයට ලක් කරන ලද කාන්තාවගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙසත්, ප්රචණ්ඩකාරී අපරාධයක් පිළිබඳව ව්යාජ න්යායන් පැවසීමෙන් සහ ඒවා ප්රචාරය කිරීමෙන් වළකින ලෙසත් අපි ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.
එවැනි සිදුවීම්වලට මුහුණ දුන් සියලුදෙනා එම කම්පනයනට එකම ආකාරයකින් ප්රතිචාර ලබා නොදෙන ලද අතර, කාන්තාවන්ට එරෙහි නිහඬ ප්රචණ්ඩත්වයේ තර්ජනයට එරෙහිව සටන් කිරීම අත්යවශ්ය බව අප මෙහි දී සඳහන් කරනු කැමැත්තෙමු. ඒ සඳහා, අපගේ යුක්තිය පසිඳලීමේ ක්රියාවලිය එවැනි තත්ත්වයන්ට මුහුණදෙන කාන්තාවන්ගේ සත්ය අත්දැකීම් මත කේන්ද්රගත කිරීම සිදු විය යුතුය.
එබැවින්, කාන්තා හිංසනයන් මර්දනය වෙනුවෙන් සටන් කිරීම සඳහා වන අපගේ ආයතනික ව්යුහයන්හි ධාරිතාව වැඩි දියුණු කිරීම සඳහා අපගේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට මෙන්ම මාධ්යයට ද අවශ්ය ප්රතිසංස්කරණයන් සිදු කළ යුතු බව අපගේ ඉල්ලීමයි. කාන්තා හිංසනයන්ට එරෙහි අපරාධ නඩු සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පොලීසිය, විනිසුරුවන් සහ මාධ්ය සඳහා පැහැදිලි සහ නිශ්චිත ප්රමිතීන් ක්රියාත්මක කළ යුතුය.
අවසන් වශයෙන්, කාන්තා හිංසනයන් මර්දනය කිරීම සඳහා අපගේ නීති ක්රමය, මාධ්ය සහ පොලීසිය විශේෂ ප්රතිසංස්කරණයන්ට ලක් කළ යුතුය. සමාජයක් ලෙස, දිවි ගලවා ගත් කාන්තාවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරමින්, ඔවුන්ට තවත් පීඩනයක් එක් නොකර, ඒ පිළිබඳ පැමිණිලි කිරීමට හා තමන්ට සිදු වූ අගතියට සාධාරණයක් පතා ඉදිරියට එන කාන්තාවන් අධෛර්යයට පත් නොකොට, ඔවුනට යුක්තිය ඉටු කෙරෙන ප්රවාහයකට ආධාර කිරීම අපගේ වගකීම විය යුතු වන්නේය.