Saturday, March 15, 2025

හිරේ ගිය අයි.පී. දේශබන්දු යළි කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපති කිරීමට විරුද්ධව පැමිණිල්ලක්!

යුද හමුදා    නිළධාරියකු වශයෙන් කටයුතු කළ තමා ඇතුළු හතරදෙනෙකු  නීති විරෝධී අවි ආයුද තබා ගත්තේ යැයි චෝදනා කොට අත් අඩංගුවට ගෙන කෘර අමානුෂික වද හිංසා කරන ලද වරදට මාතර මහාධිකරණයෙන් වරදකරු කර බරපතල වැඩ ඇතුව අවුරුදු 07 ක කාලයකට බන්ධනාගාර ගත කරන ලද තිස්සමහාරාමය පොලීසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා වූ සිරිමෙවන් ප්‍රභාත් දේශබන්දු නැමැත්තා පුරා මාස හතරකට කාලයක් බන්ධනාගාරයේ සිර ගත කර සිටියදී ඉදිරිපත් කරන ලද අභියාචනයකට අනුව ඇප මත මුදා හැරීමෙන් පසුව නැවත කොස්ගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා ලෙස උදය ශාන්ත දිසානායක නම් පුද්ගලයෙකු පොලිස් කොමිසමේ ලේකම්වරයා වෙත ලිඛිතව පැමිණිිිලි කර තිබේ.

තමා ඇතුළු තවත් පුද්ගලයන් හතර දෙනෙකු සැක පිට අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව කෘෘර අමානුෂික වද හිංසාවට ලක් කර ඇති බවට චෝදනා කරමින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු  පොලිස් නිළධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මාතර මහාධිකරණයේ පවරා තිබූ නඩුවේ විභාගයේදී ඉදිරිපත් කරන ලද සාක්ෂි හා වෛද්‍ය වාර්තා මගින් ඔවුන් සිදු කරන ලද වද හිංසාවන්  තහවුරු වූ බවද ඉන් අනතුරුව මෙම පොලිස් පරීක්ෂක වරයා ඇතුළු අනෙකුත් විත්තිකරුවන්ට සිර දඬවම් දඩ හා වන්දි මුදල් ගෙවීමට තීන්දු වූ බවද උදය ශාන්ත දිසානායක සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති බව සඳහන් වේ.

ඉන් අනතුරුව සිර දඬුවමට යටත් කරන ලද පොලිස් පරීක්ෂක සිරිමෙවන් ප්‍රභාත් දේශබන්දු  ඇතුළු  පිරිස මාස 04 කට ආසන්න කාලයක් සිර දඬුවම්  විඳිමින් සිටියදී එම නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කරන ලද අභියාචනය පරිදි ඔවුන් ඇප මත මුදා හැර ඇති බවත් ඉන් අනතුරුව පොලිස් පරීක්ෂක සිරිමෙවන් ප්‍රභාත් දේශබන්දු සිරගත වීමට පෙර ඔහු පොලිස් ස්ථානාධිපති ධුරයේ කටයුතු කළ කොස්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස නැවතත් පත් කර ඇති බවත් අභියාචනාධිකරණයේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර එලෙස ඔහු සේවයේ පිහිටුවීම  අසාධාරණ හා අනීතික බවද වැඩිදුරටත් උදය ශාන්ත දිසානායක සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ලොකු විසිනි.

Archive

Latest news

Related news