Sunday, March 16, 2025

අදටත් මතක ඒ දිනවල යූඇනපී හපන්කම් – මහලේනා කිත්ති

(පුස්තකාල ජායාරූපයකි)

1977 ජුලි 22 පැවති මැතිවරණයෙන් ජයගත් එක්සත් ජාතික පක්ෂය විරුද්ධ පාක්ෂිකයන්ට එරෙහිව මුදා හරින ලද මැරකම් නිසා මිනිස් ඝාතන 06 ,පහරදීම් හා මංකොල්ලකෑම් 1400 නිවාස ගිණි තැබීමි 36 දේශපාලන පලිගැනීම් ලෙස සේවයයෙන් පහ කිරීම් 18462 ස්ථාන මාරුවීම් 7288ක් වාර්තා වී තිබේ.

1977 අගෝස්තු 17 දින ජාතිවාදී කොලාහලයෙන් ඝාතන 100 ක් ස්ත්රී දූෂණ 284ක් ගිණි තැබීම් 8088 ක් මංකොල්ලකෑම් 20776 ක්හා පහරදීම් 40000ක් පොලීසියට වාර්තා වී ඇති අතර මේ වැරදි සදහා රජය මගින් කිසිවෙකුත් අත් අඩංගුවට නොගන්නා ලදී
ජේආර් ජයවර්ධන 1978.11.20 ගෙන ආ පලමු ව්යවස්ථා සංශෝධනය මගින් සිරිමාවෝ බණ්ඩාරනායක ගේ ප්රජා අයිතිය අහෝසි කරන ලදී
1978 මාර්තු 16 වන දින කැලණිය විශ්ව විද්යාලයේ සිසුන්ට පහරදීමට ආ ක්රිස්ටෝපර් ජයතිලක නම් පාදඩ මැරයා එහිදී සිදුවූ ගැ⁣ටුමකින් මරණයට පත් විය.මොහු රනිල් වික්රමසිංහගේ ආධාරකරුවෙකි.මෙම ඝාතනය සම්බන්ධයෙන් එවකට කැළණිය විශ්ව විද්යාලයේ ශිෂ්යයකු වූ බද්දේගම සමිත හිමි අත් අඩංගුවට ගැණිනි..
ස්ත්රී දූෂණයකට වරදකරු වී අවුරුදු විස්සකට බන්ධනාගාර ගතව සි⁣ටි ගෝනවල සුනිල් ජනපති සමාව යටතේ බන්ධනාගාර සිර දඬු⁣වමෙන් නිදහස් කෙරුණ අතර අනතුරුව ඔහුට මුළු දිවයිනටම බලපාන ආකාරයෙන් සාමවිනිසුරු කමක් ප්රදානය කෙරිණි.
ගෝනවල සුනිල් රනිල් වික්රමසිංහ ගේ සමීපතම ආධාරකරුවෙකි.මහර අතුරු මැතිවරණයට තරග කළ විජය කුමාරතුංග ඝාතනය කිරීම සදහා ප්රචාරක රැස්වීමකදී වෙඩි තබන ලද්දේද ගෝනවල සුනිල්ය.
1980 ජුනි 05 වනදා රජයේ සේවකයන් වැටුප් වැඩි කිරීම සදහා කළ උද්ඝොෂණයට වෙඩි තැබීමෙන් ඩී.සෝමපාල මරණය⁣ට පත් විය.1980 ජුලි 17 වන දා රජයේ සේවකයන් සිදු කරන ලද
වැඩ වර්ජනයෙන් පසුව 40356 ක සේවකයන් රැකියාවෙන් නෙරපා හරින ලදී.මේ වර්ජකයන්ගෙන් 39 දෙනකු රැකියා අහිමි වීම නිසා සිත් තැවුලෙන් සිය දිවි නසා ගෙන ඇත.
1981 දිස්ත්රික් සංවර්ධන සභා ඡන්දයේදී රනිල් වික්රමසිංහ ,සිරිල් මැතිව් ගාමිණි ලොකුගේ ජයවික්රම පෙරේරා විසින් මෙහෙයවන ලද සාහසික මැර කණ්ඩායම් යාපනයේ පුස්තකාලය ගිණ තබන ලද අතර ඡන්ද පෙට්ටි මංකොල්ල කන ලදී.
හොර ඡන්ද දැමීම් සිදු කළ මේ මැතිවරණය මෙරට පැවැති දූෂිතම මැතිවරණය ලෙස සදහන් කළ හැකිය.
1982 ඔක්තෝමබර් 21 වනදා නියමිත කාලයට පෙර ජනපතිවරණය පැවැත්වීමට ජේ.ආර් කටයුතු කළ අතර එහිදී විරුද්ධ පක්ෂයේ ජනපති අපේක්ෂකයා වූ හෙක්ටර් කොබ්බෑකඩුවගේ ඡන්දය පවා වංචනිකව භාවිතා කරන ලදී
1982 ජුලි 22 වනදා බෞද්ධ සම්මේලන ශ්රවණාගාරයේ රැස්වීමක් පැවැත්වූ මහචාර්ය එදිරීවීර සරත්චන්ද්ර ඇතුළු විද්වතුන් පිරිසකට මැරයන් ලවා පහර දීමක් කළ අතර එහිදී මහචාර්ය එදිරිවීර සරච්චන්ද්රට පහරදී කුණු කාණුවකට ඇද දැමිණි.
කලු ලකී ගෝනවල සුනිල් ඇතුළු මැර කණ්ඩායමක් ලවා අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් බිය වැද්දීම සදහා විනිසුරු නිල නිවාස වලට ගල් ගස්සවන ලදී.කලු ලකී ගේ විවාහයේ එක සාක්ෂි කරුවෙකු වූයේ රනිල් වික්රමසිංහය.
කොල්ලුපිටිය අරලිය ගහ මන්දිරය ඉදිරිපිට උද්ඝොෂණයකට සහභාගි වූ ලසසපයේ මන්ත්රීවරියක වූ විවියන් ගුණවර්ධනට පහර දී බිම ඇද ගිය පොලිස් පරීක්ෂකවරයාට එරෙහිව එම සිදුවීම සම්බන්ධයෙන් පවරන ලද නඩුවකදී ශ්රේෂ්ඨාධිකරණයේදී මානව හිමිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු වීමෙන් පසුව ජේ.ආර්.ජනපති වරයා ඔහු උසස් කරන ලදී.
නක්සලයිට් කුමන්ත්රණය නම් ව්යාජයක් නිර්මාණය කර විජය කුමාරණතුංග රත්නසිරි වික්රමනායක ,හෙක්ටර් කොබ්බෑකඩුව ඇතුළු පිරිසක් බන්ධනාගාර ගත කෙරිණි.
1982 දෙසැම්බර් 22 ජනමත විචාරණයක් පවත්වා මෙරට ඡන්ද සිතියම හකුලා දැමීමට කටයුතු කරන ලදී.රට පුරා හදිසි නීතිය පැනවිනි.ඇත්ත පුවත්පතට මුද්රා තැබිණි.ශ්රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්රා තැබීය.මැර බලය යොදා ගනිමින් හොර ඡන්ද දැමීම් බහුලව වාර්තා විය.මෙහිදී එජාප මැරයන් විසින් විරූද්ධ පාක්ෂිකයන් වෙත සිදු කළ හිංසන බොහෝ ප්රදේශ වලින් වාර්තා වූයේය.වැලිගම ප්රදේශයේ එජාපයේ ප්රබල දේශපාලඥයකු ගේ හදා ගත් පුත්රයකු බව කියවෙන මදාවියකු ඡන්දය දැමීම සඳහා ගිය විරුද්ධ පක්ෂ කාන්තාවන්ගේ හැට්ටය ගලවා තන් වල එජාපයේ ඡන්ද සලකුණ ඇඳී බවද මෙහිදී වාර්තා විය.
1983 දෙසැබ්බර් 27 වන දා පේරාදෙණිය සරසවියේ පැවැති උද්ඝෝෂනයකට කළ පොලිස් පහරදීමකදී පද්මසිරි අබේසේකර හා රෝහණ රත්නායක යන සිසුන් ඝාතනය කෙරිණි.
1987 ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව කොළඹ කොටුවේ උද්ඝොෂණය කළ ජනතාවට වෙඩි තැබීමෙන් 121 දෙනෙකු ඝාතනය කෙරිණි.අනතුරුව රට පුරා ඇතිවූ කලබල වලදී 132 ක් ඝාතනය කර 712 දෙනෙකු අත් අඩංගුවට ගැණිනි.
මේ උද්ඝොෂණය සදහා එජාපයේ ක්රියාකාරිකයන්ද සිටියහ.හෝමාගම ආසනයේ ගාමිණි ජයසූරිය මන්ත්රීවරයා මන්ත්රීකමෙන් අස්වූයේ මෙම ගිවිසුමට විරෝධය දක්වමිනි.
එසේම දිවයින පුරා බස් ඩිපෝ ගිණි තැබීම් ට්රාන්ස්ෆෝමර් ගිණි තබා විනාශ කිරීමට උද්ඝෝෂකයන් කටයුතු කෙරුවේය.අම්බලන්ගොඩ බස් ඩිපෝව ගිණි තැබීමට මූලික වූයේ එවකට එජාප රජයේ ප්රබලයකු ගේ සහෝදරයෙකි.ඔහු පෞද්ගලික බස් සේවාවක් පවත්වා ගෙන ගිය අයෙකි.මේ සිදුවීම ලියුම්කරුගේ පෞද්ගලික අත් දැකීමකි.
ඒ දිනවල එජාප ආණ්ඩුව සිදු කරන ලද බලහත්කාර⁣යන් හා මදාවිකම් වලින් අතලොස්සක් පමණය මේ.ඉතිහාසය නොදන්නා අයෙකුට මේ වාර්තා කිරීම් වලින් ඒ කාලයේ පැවැති මදාවිකාරී වටපිටාව යන්තමට හෝ වටහා ගත හැකිය.
එජාපයන් ගේ මැර පාදඩකම් වලට එරෙහිව ඒ දිනවල පොලීසියේ පැමිණිල්ලක් පවා බාර ගත්තේ නැත.යුක්තිය හා සාධාරණය පතා කන්නලව් කිරීමට සිටියේ දෙවියන් පමණය.
ආණ්ඩුව විරුද්ධ පාක්ෂිකයන් ⁣වෙත මුදා හරින ලද බලහත්කාරී හා චණ්ඩිකම්
අපමණය.සාධාරණයක් ඉටු නොවන සමාජයක……….ඉන් අනතුරුව ඉවසීම කෙළවර වුයේය.
පුරන් අප්පු ගොන්ගාලේ ගොඩ බණ්ඩා වැන්නන් මෙරට බිහි වූයේද අනීතික හා කෲර සමාජයක් ඉවසා සිටීමට නොහැකි වූ වටපිටාවක බව ඉතිහාසය සාක්ෂි දරනු ඇත්තේය.
මේ උන්නැහේ ආතල් ගන්නේ ඒ ඉවසීම කෙළවර වීම ගැනය.

(මූලාශ් 1977 සිට 1989 දක්වා පාර්ලිමේන්තු හැන්සාඩ් ,පොලිස් මූලස්ථාන වාර්තා හා ජනමාධ්ය වාර්තා කිරීම් )

මහලේනා කිත්ති, මුහුණූ පොතිනි.

Archive

Latest news

Related news