(Sri Lanka Brief/04.03.2025) පසුගියදා මිද්දෙනියේදී අරුණ විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතන කිරීම සම්බන්ධයෙන් අද (04) දින වීරකැටිය පොලීසියේ සේවයේ නිරත පොලිස් කොස්තාපල් වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගන්නා ලදී.වීරකැටිය පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි පොලිස් පරීක්ෂක නුවන් විජේතුංගට එරෙහිව තෙලිජ්විල තරුණයකුට කෘර වද හිංසා පැමිණවීම සම්බන්ධයෙන් පසුගියදා මාතර මහාධිකරණයේ නඩු පැවරිණි.මේ වන විට ඔහුගේ සේවය පොලිස් පති වරයා විසින් අත් හිටුවා තිබේ.
පොලිස් පරීක්ෂක නුවන් විජේතුංග හා නෙවිල් වන්නිආරච්චි හා පවතින්නේ ඉතා සමීප සම්බන්ධතාවකි.නෙවිල් වන්නිආරච්චිගේ ඥාති සහෝදරයා මත්ද්‍රව්‍ය නාශක අංශයේ ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්තය.ඡෙ.පො අධිකාරී හේමාල් ප්‍රශාන්ත හා පොප නුවන් විජේතුංඟ අතර පවතින්නේද පවුල් සමිබන්ධතාවකි.
මිද්දෙණියේ අරුණ විදානගමගේ හා දරු දෙදෙනාගේ ඝාතන කුමන්ත්‍රණය කෙළවරක රාජපක්ෂ වරුන් සිටී යැයි සැකයක් මතුවන්නේ මෙවැනි සබඳතාවන් නිසාය.රාජපක්ෂවරුන් මේ වන විට ජීවත්වන්නේ තිගැස්මෙනි.
ඔවුන් මේ වටපිටාව තුළ මිනිස් ඝාතනයන් වැනි සාහසික ක්‍රියා මග හැර යන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.එහෙත් ඔවුන් ඇති දැඩි කළ සාහසිකයන් සිටින්නේ යන එන මං නැතුවය. ඒ නිසාම සිය පැවැත්ම හා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා ඔවුන් ගේ අතීත ක්‍රියාකාරකම් හා සම්බන්ධ සාක්ෂි විනාශ කිරීමට නැඹුරු වීමේ ඉඩ හැකියාව වැඩිය. රාජපක්ෂවරුන්ගේ පාලන කාලය තුළ පොලීසිය හා සන්නද්ධ සේවාවන්ට එක්වූවන් අතර දුෂ්චරිත පසුබිම් වාර්තා ඇති අයවළුන්ද බොහෝය. ඒ රාජපක්ෂවරුන්ගේ මැදිහත් වීම නිසාය. වර්තමානයේ සිදුවෙමින් පවතින කුමන්ත්‍රණකාරී මිනිස් ඝාතන වල යටි පෙළ අරුත තුළ ඒ සම්බන්ධතාවන් තිබීම පුදුම වීමටද කරුණක් නොවේ.
එම සම්බන්ධතාවන් අවුල් වූ නූල් බෝලයක හැඩයේ තිබේ. අපරාධ පරීක්ෂණයේදී ඒ යතාර්ථය වටහා නොගත හොත් කිසිදු අපරාධයක සැබෑ පීතෘත්වය හඳුනා ගැනීමට නොහැකි වනු ඇත.
පසුගියදා ජනපති අනුර කුමාර සහෝදරයා පාර්ලිමේන්තුවේදී සිදු කළ ප්‍රකාශයේදී සඳහන් කෙරුවේ රාජ්‍ය ධුරාවලියේ ඉහළ තනතුරකට පුද්ගලිකත්වය හා දේශපාලනය අදාල නොවන බවය.
තමන්ගේ රජය විශ්වාසය තබන්නේ පුද්ගලයන් ගැන නොව නීතිය යන්න ඉන් ග්‍රම්‍ය වන අදහසයි.අපද ජනපති සහෝදරයාගේ ඒ අදහසට එකඟය.
එහෙත් මෙරට මෙතෙක් කල් පැවැති ක්‍රමය ගැන අපට කිසිම විශ්වාසයක් නැත
මෙහිදී විශේෂයෙන් ආරක්ෂක හමුදාවල හා පොලීසියේ ඇතැම් පුද්ගලයන් ගැනද හඳුනාගත් කණ්ඩායම් ගැනද අප හට පවතින්නේ බරපතල සැකයකි. ඒ සැකය මතුවන්නේ ඔවුන් ගේ රාජකාරිමය කෙරුවාව තුළ පැවති මදාවිකාරී හා ම්ලේච්ඡ පෝරිසාද ස්වරූපය නිසාය. මොවුන්ගේ රාජකාරිමය මැදිහත්වීම වූයේ තමන්ගේ ස්වාමිවරුන් ගේ ඕනෑ එපාකම් අනුව හැසිරීම මිස නීතියට එකඟව රාජකාරි කිරීම නොවෙි.
ජාජබ ආණ්ඩුවට ගණුදෙනු කිරීමට සිදුවී ඇත්තේ එම අපරාධකාර දූෂිතයන් සමගය. එහිදී ජාජබය ගන්නා ඇතැම් පත්කිරීම් ගැන ගන්නා තීන්දු තීරණ පිළිබඳව අපට සැකයක් මතුවේ. අපට මතුවන එම සැකය සාධාරණීය කරන්නට අප උදාහරණයට ගන්නේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු තම කාර්යක්ෂමතාවය ප්‍රඥා ගෝචර භාවය සහ ශ්‍රී ලංකාවේ නීති ක්‍රමය නමින් රචිත කෘතියේ උපුටා ගත් කොටසකි.
“.….පාලනයෙන් තොරව තමන්ගේ ක්‍රියාවන් කිරීමට පටන් ගත් නිළධාරීන් නැවත එම පාලනය යටතට ගැනීම එතරම් ලෙහෙසි කාර්යයක් නොවේ. ලේ රස විඳින්නට ඉඩ කඩ අහුරා ඇති දැඩි කළ බල්ලෙකු යම් විදියකින් රුධිරයේ රස විඳින්දහොත් එම සතාගේ හැසිරීම නැවත මුලින් තත්වයට ගෙනා නොහැකිය…..”
by LKB