එම වාර්තාවෙන් හෙළි වූ තොරතුරු අනුව මේජර් ජනරාල් අමල් කරුණාසේකර යටතේ එම ඒකකයේ ප්‍රධානියකු ලෙස මේජර් ප්‍රභාත් සීවලී බුලන්වත්ත කටයුතු කර තිබේ. ඔහු ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති කට උත්තරයේද සඳහන් කර ඇත. මේජර් සීවලී බුලන්වත්ත ඒ බව පවසා ඇත්තේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන විටය.
මේජර් බුලන්වත්ත එසේ ප්‍රකාශ කෙරුවද මේජර් ජනරාල් අමල් කරුණාසේකර හා එවකට යුද හමුදාපති මහේෂ් සේනානායක එම වධකාගාර ගැන තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබුණේ බුද්ධි අංශ මගින් කුලියට ගත් එම නිවාස ගැන හෙළි කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමිනි.
පිළිතුරු නැති විමසීම්
මෙම ඡ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහයෝගය නොදැක්වීම පිළිබඳව ඒ ගැන කරුණු විමසා එම දෙපාර්තමේන්තුව ඒ දිනවල හිටපු ආරක්ෂක අමාත්‍යංශ ලේකම් කපිල වෛද්‍යරත්න වෙත ලිපි කිහිපයක් යවා ඇතත් එම ලිපි කිසිවකට ඔහු පිළිතුරු සපයා නැති බවද හෙළි වී තිබුණි.
2008 මැයි 22 වන දින මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යන ලද්දේ දෙහිවල වෛද්‍ය පාරේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදීය. ඔහු පැහැර ගැනීමත් සමගම ක්‍රියාත්මක වූ ඔහුගේ මිත්‍රයන් ගේ මැදිහත් වීම නිසා ඔහුට ජීවිත ආරක්ෂාව සහතික විය. එහෙත් පැය කිහිපයකට පසු කීත් නොයාර් හමුවන විට ඔහු මෙලේච්ඡ වද බන්ධන වලින් අතිශය හිංසාවට පත් වී සිටියේය.
පැහැර ගැනීම
කීත් නොයාර් පැහැර ගැනීමට පැය කීපයකට පෙර ඔහු රිවිර මීඩියා කෝපරේෂන් හි ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ, හා “ද නේෂන්” හි ප්‍රධාන කර්තෘ ලලිත් අලහකෝන් සමග කොළඹ ඩුප්ලිකේෂන් පාරේ පිහිටි ක්වින්ස් හෝටලයේ රාත්‍රී ආහාරය ගෙන තිබේ. රාත්‍රී දහයට පමණ තිදෙනා වෙන වෙනම ඉන් පිටව ගොස් ඇත. කීත් නොයාර් ඒ එන මගදී සිය බිරිඳට දුරකථන ඇමතුමක් ගෙන තමා නිවස බලා එමින් සිටින බවත් ඉදිරි දොර යතුරු දමා නොතිබන ලෙසටත් ඉල්ලා තිබේ. කීත් නොයාර් ගේ බිරිඳ වූ රෝෂිණී එසේ කර බොහෝ වෙලාවක් ගත වී ඇතත් ඔහුගේ නොපැමිනීම ගැන ඇය නැවත විමසිලිමත් වූවාය. එහිදී ඇයට ඇයට දැක ගත හැකි වූයේ තම නිවසේ ගේට්ටුව ඉදිරිපිට සැමියාගේ මෝටර් රථය ඇති බවත් එහි ඉන්ජිම ක්‍රියාත්මකව රියදුරු අසුන පැත්තේ දොර විවෘතව පවතින බවත්ය.
එහෙත් එහි කීත් නොසිටියේය. ඉන් බියට පත් ඇය ඒ පිළිබඳව ද නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ ගාමිණි අබේවර්ධනට දුරකතනය මගින් දැනුම් දුන්නාය.ගාමිණි අබේවර්ධන ඒ බව ලලිත් අලහකෝන්ට දැනුම් දුන් අතර ඔහු ඒ ගැන ක්‍රිෂාන්ත කුරේ දැනුවත් කෙරුවේය. මේ අතරවාරයේ ලලිත් අලහකෝන් සිද්ධිය පිළිබඳව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කෙරුවේය.
කරු ජයසූරියත් සාක්ෂියක්
ක්‍රිෂාන්ත කුරේ එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා වූ කරු ජයසුරිය හට දුරකථන ඇමතුමක් ගෙන කීත් නොයාර්ගේ අතුරුදන් වීම ගැන පවසා ආව්ගශීව සර් වගේ ශීලාචාර ශිෂ්ඨ සම්පන්න මිනිසෙක් මේ වගේ ආණ්ඩුවක ඇමතිකම් දරන්නේ කෙසේද යන්නත් ප්‍රශ්ණ කෙරුවේය. කෙසේ වෙතත් කරු ජයසූරිය අමාත්‍යවරයා ජනපති මහින්ද රාජපක්ෂ හා සම්බන්ධ වී පැවසුවේ මෙහෙම දෙයක් වෙලා තියෙනවා. අණ්ඩුවේ ඇමතිවරවරයෙක් විදියට ඇත්තටම මටත් මේ ගැන ලැජ්ජයි.මේ ගැන විවිධ ආරංචි යනවා. වහාම මේ ගැන ක්‍රියා මාර්ගයක් ගෙන කීත් නොයාර් සොයා දෙන ලෙසටය.
කරු ජයසූරිය ඇමතිවරයාගේ ඉල්ලීමත් සමග ජනපතිවරයා ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු ඉහල නිලධාරීන් සමග සිද්ධිය ගැන විමසීය.ඔහු අනතුරුව ලලිත් අලහකෝන්ද ඇමතුවේය. කොළඹ අපරාධ කොට්ඨාශය බාරව සිටි ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී අනුර සේනානායක දෙහිවල පොලිස් ස්ථානයට පැමිණෙනු ඇති බවද ජනපතිවරයා එහිදී පැවසීය.
කෙසේවෙතත් ඒ වන විටත් කීත් නොයාර්ගේ මාධ්‍ය මිතුරන් කණ්ඩායම ඔහු සොයා ගැනීම සදහා ගවේෂණාත්මක මෙහෙයුමක් අරඹා තිබුණි. කීත් නොයාර්ගේ දුරකථනය හා ඔවුන් සම්බන්ධවීමට ගත් උත්සාහයන් නිරර්ථක විය. එහෙත් කිසියම් අවස්ථාවක කීත් පැහැර ගත් කණ්ඩායම එම දුරකථනය ක්‍රියාත්මක කරනු ඇතැයි යන අදහස ඔවුන් තුළ පැවතුණි. ඒ නිසාම කෙටි පණිවුඩ කිහිපයක් කීත් නොයාර්ගේ දුරකථනය වෙත යැවීමට ඔවුන් කටයුතු කෙරුවේය.
මේ අතර රිවිර මීඩියා කෝපරේෂන් හි බෙදාහැරීම් කළමණාකරු ගාමිණි නූකුලසේකර තම ජංගම රථයෙන් කීත් ගේ දුරකථනයට ඇමතුමක් ගත් අවස්ථාවේ එය නාදවුවද ප්‍රතිචාර දැක්වීමක් නොවීය.ඒ අවස්ථාවේ යවන ලද පණිවුඩ බෙදා හැරුණු බවට ඇඟවීමි පණිවුඩද ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමට ලැබිණි.
වධකාගාරයේ ස්ථානය දුන් හාන්ස් දැන් ඩිජීටල් උපදේශක
ඉන් පසු ක්‍රිෂාන්ත කුරේ එම දුරකථන සමාගමේ ප්‍රධානියාට දුරකථන ඇමතුමක් ගෙන උපකාර ඉල්ලා සිටියේය.එම දුරකථන සමාගමේ ප්‍රධානියා කීත් ගේ දුරකථනය හා සම්බන්ධ වූ දුරකථන සංඥා කුළුණු පිළිබඳ වාර්තාවක් ලබා දුන් අතර ඒවායේ සඳහන් වූයේ එම දුරකථන සංඥා හුවමාරු වී ඇත්තේ දොම්පේ දෙකටන ප්‍රදේශයේ සංඥා කුළුනක් හරහා බවය.
ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සැරි සැරූ නමුත් නිශ්චිත ස්ථානයක් පිළිබඳව අදහසක් ඔවුන් තුළ නොවීය. එහෙත් ඒ වන විටත් ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායම දොම්පෙ ප්‍රදේශයට ගිය බව පැහැරගත් කණ්ඩායමට වාර්තා වී තිබුණි. ඒ එම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳව අවධානයෙන් සිටි ඔත්තුකරුවෙකුගෙන් බව පැහැදිලිය. මේ අතර තුරේදී උදෑසන පහට පමණ කීත් නොයාර් පැහැර ගැනීම කළ ස්ථානයට ආපසු ගෙන විත් දමා ඇති බව ක්‍රිෂාන්ත කුරේ ඇතුළු කණ්ඩායමට දැනගැන්මට ලැබුණි. ඔහු ජාතික රෝහළට ඇතුළත් කෙරිණි. ක්‍රිෂාන්ත කුරේ හට එහිදී දුරකථන සංඥා කුළුණු විස්තර ලබා දුන් සමාගම් ප්‍රධානියා මේ වන විට අනුර සහෝදරයාගේ ඩිජිටල් උපදේශකයා බවට පත් වී සිටී.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට පසුව අත් අඩංගුවට ගන්නා ලද්දේ මරදාන ට්‍රිපොලි යුද හමුදා කඳවුරේ පිහිටි බුද්ධි අනු ඛණ්ඩයකට අයත් පිරිසකි.කීත් නොයාර් ගේ ජංගම දුරකථනයේ ඇමතුම් විශ්ලේෂණ අනුව ඒ හා සමගාමීව ට්‍රිපොලි කඳවුරේ බුද්ධි අනු ඛණ්ඩයට අයත් සෙබළුන්ට හිමි දුරකථන අංක පහක් ක්‍රියාත්මකව පැවැති බව පොලිස් විමර්ශන වලදී හෙළිවී තිබේ.
දොම්පෙ බදුවත්ත වලව්ව: ගොටාගේ වගවීම
දොම්පෙ බදුවත්ත වලව්ව නම් ස්ථානය යුද හමුදා බුද්ධි අංශය විසින් බදු ගෙන සිටි බව හෙළි වී ඇති බවට තොරතුරු හෙළි වූයේද ඒ නිසාය. කීත් නොයාර් පැහැර ගෙන ගොස් වද බන්ධන වලට ලක් කරන ලදදේ එම ස්ථානයේ බවට සැක කෙරේ.
ගෝඨාභය රාජපක්ෂ මෙරට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වරයා සිටි අවදියේ බොහෝ මිනිස් ඝාතන වලට හා පැහැර ගෙන ගොස් වද බන්ධන වලට ලක් කරන ලද්දේ මේ අපකීර්තිමත් ට්‍රිපොලි කඳවුරේ සේවයේ නිරතව සිටි යුද හමුදා බුද්ධි සේවාවට අයත් සෙබළුන් බව පෙනී යයි. ඒ බව වඩාත් තහවුරු වන්නේ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම හා රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවන් මේ කඳවුරේ සේවය කර අයවළුවන් වීම නිසාය. එම කඳවුර සෘජුවම ආරක්ෂක අමාත්‍යංශ ගෝඨාභය රාජපක්ෂගේ සෘජු අධීක්ෂණය පවත්වා ගෙන ගිය කඳවුරකි.
තවමත් මුත්‍ර කරන ගෝටා!
කෙසේ වෙතත් පසුගිය වික්‍රමසිංහ ආණ්ඩුව කාලයේදී කීත් නොයාර් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීමට ගෝඨාභය රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ අතර එහිදී ඔහු ප්‍රශ්ණ කරන අතර තුර මුත්‍රා කිරීමේ අපහසුවක් ඇති වී එම ප්‍රශ්ණ කිරීම අවසන් කෙරුණ බව මාධ්‍ය මගින් ඒ දිනවල වාර්තා කෙරිණි.
ඔහු තවමත් මුත්‍රා කරමින් සිටිනවා විය යුතුය!