(Sri Lanka Brief /03 February 2025) මාධ්‍යවේදී කීත් නොයාර්ට 2008 වසරේ සිදු කළ පහරදීමට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පසුගිය දින කිහිපය තුළ විශාල ප්‍රසිද්ධියක් ලද පුවතක් බවට පත් විය.
එය වාර්තා වූයේ මෙම අත්අඩංගුවට ගැනීම අලුත්ම කතාවක් ලෙසය.
මාර්තු 01 දින එම සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (සීඅයිඩී) නිලධාරීන් විසිනි. ඉන් දෙ දිනකට පසු ඔවුන්ට ඇප ලැබුණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 42 හා 46 වයස්වල පසුවන නවගත්තේගම හා උලුක්කුලම ප්‍රදේශවල පදිංචි යුද හමුදා බුද්ධි අංශයට අනුයුක්තව සිටි විශ්‍රාමික සෙබළුන් දෙදෙනෙකි. මෙම දෙදෙනා පිළිවෙළින් එම්.ජී.උපාලි සේනාරත්න සහ ආර්. නිමල් රත්නායක වේ. එම නඩුවෙහි අංකය B1535/08 වේ.
මෙම හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා පිළිබඳ සිඅයිඩීය නිතිපති දෙපාර්තමේන්තුවට දන්වන ලද්දේ 2016 වසරෙහිදීය. ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව සීඅයිඩීයට දන්වන ලද්දේ 2019 වසරෙහිදී ය.
සීඅයිඩීයට ගෝටාගේ කිලය එළඹි බැවින් එම අත්අඩංගුවට ගැනීම් සිදු කර නැත.
මෙම නඩුව සම්බන්ධයෙන් මේජර් ජෙනරල් අමල් කරුණාසේකර අත්අඩංගුවට ගන්නා ලද්දේ 2018 අප්‍රෙල් 05දාය. ඔහුට ද ඇප ලැබුණි. 2019 cQ,s udifha මේජර් ප්‍රභාත් බුලත්වත්ත ද අත්අඩංගුවට ගත් අතර ඔහුද ඇප පිට නිදහස් විය.
මෙම මස 01 දින අත්අඩංගුවට ගත් බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනාද ඒ කාලයේ දීම අත්අඩංගුවට ගත යුතු වූ නමුත් එය පැහැර හැර තිබූ බව යළි එම පරීක්ෂණ ලිපි ගොනු විමර්ශනයේ දී හෙළිදරව් වී තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලද්දේ කීත් නොයර් පැහැර ගෙන ගොස් දස වධ දීම පිළිබද 2019 වන විට හෙළි වී තිබූ කරුණූ අනුව ය.
අපරාධ පරීක්ෂණ දෙලාර්තමෙන්තුව මෙම පරීක්ෂණය අවසන් කරන ලද්දේ 2019ට පෙරය.
එසේ නමුත් නඩු දැමීමක් තවම සිදු වී නැත.
එය එසේ සිදු නොවන්නට ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවේ ස්වාධීනත්වය නිසා ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක අභියාචනාධිකරණයේ පුරප්පාඩු පිරවීම සඳහා නීතිපති පාරින්ද රණසිංහ විසින් නිර්දේශ කරන ලද නම්, එහිදී නම්කර නොමැත්තේ එ ්තරමට ඔහු ස්වාධීන නිසා විය යුතුය.