මරා උඩින්ම දිනුම්! රනිල් දෙවැනියා! පැට්රල් බි බී දිවූ මහින්ද යාපාට ෂෝට් කට් දිනුමක්!
*Sri Lanka Brief/ 28 February 2025) විදේශ සංචාර සඳහා වසර 4ක් තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල් ලක්ෂ 35,720ක් වැය කර ඇති අතර ඔහු මහාජන මුදල් නාස්තිය කුසලානය උඩින්ම දිනා ගෙන තිබේ.
දෙවන ස්ථානය පිං ජනාධිපති රනිල් රාජපක්ෂට හිමි වී ඇත්තේ රට බංකොළොත් වී තිබූ කාලයක විදෙස් සංචාර සඳහා රුපියල් ලක්ෂ 5330ක් වියදම් කිිරීම මගිනි. ජනතාවට බර පටවන අතරතුර රනිල් රාජපක්ෂ සිය ධුරකාලයෙහි සෑම මසකටම එකක් බැගින් විදේශ සංචාරයන්හි යෙදුණි.
මරා උපදේශකයින් සියයකට වඩා පත්කර ගෙන තිබූ අතර රනිල් රාජපක්ෂ උපදේශකයින් 67 දෙනෙකු පත් කර ගෙන ලක්ෂ 570ක් බෙදා දුන්නේය. හාස්‍යට කාරණය වන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන විශාරදයෙක් බව කියා ගන්නා රනිල් රාජපක්ෂ පාර්ලිමේන්තු කටයුුතු පිළිබඳ උපදෙස් ගැනීමට යැයි ආශු මාරසිංහ පත් කර ගැනීමයි.
ෂෝට් කට් පාරකින් තරඟයට පිවිසි හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන 2024 ජනවාරි 1 වන දින සිට 2024 සැප්තැම්බර් 24 දක්වා මාස නවයක් තුළ රුපියල් ලක්ෂ 330 ක ඉන්ධන භාවිතා කර තිබේ. එය මසකට රුපියල් ලක්ෂ 40කි.
රජ කාලයේ නම් උල තැබිය යුතු තරමේ දූෂණයන්ය. චීනයේදී නම් මරණ දඩුවම ලැබෙන අතර සව්දි ආරාබියේ දී නම් හිස ගසා දමනු ලැබේ. ලංකාවේදී චූන් එකේ ජීවත් විය හැකිය.
මහින්ද යාපා සිය බිරිඳ සහ දරුවන් ඇතුලු අඩුුම වශයෙන් ඥතීන් හත් දෙනෙකු සිය කාර්යාලයේ සේවයට බඳවා ගෙන තිබුණි.
කථානායක යාපාගේ බංගලාව නඩත්තු කිරීම සඳහා කාර්ය මණ්ඩල සාමාජිකයින් 70 දෙනෙකු සේවයේ යොදවා තිබුණි. එම බංගලාවේ ආහාර පිරිවැය 2023 දී රුපියල් ලක්ෂ 26 ක් සහ 2024 දී රුපියල් ලක්ෂ 36 ක් වී තිබේ.

රනිල් රාජපක්ෂ මෑත දී තමාට ආරක්ෂකයින් 163ක් සහ සූපවේදීන් 16ක් පමණ පිරිසක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ 2020 වසරේ සිට 2022 ජූලි දක්වා තම ධුර කාලය තුළ රුපියල් ලක්ෂ1260ක් වැය කරමින් බංකොළොත් සමයක තෙවැනියා බවට පත්ව තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 – 2019 කාලය තුළ විදේශ ගමන් වෙනුවෙන් වැය කර ඇත්තේ රුපියල් ලක්ෂ 3840කි. ඔහු ඉතා පසු පසින් තරඟයෙන් හතර වැනියාය.
ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා විදේශ සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 1.8ක් වැය කර තිබේ.
මෙම සංඛයා ලේඛන ඊයේ එනම් 27 දින අගමැතිනිය, සභානායක බිමල් රත්නායක සහ අධිකරණ ඇමති හර්ෂන නානායක්කාර විසින් ඉදිරිපත් කරන ලදී.
මෙම ගණනයන් ඒ වන විට පැවැති ඩොලර් මිල ගණන් අනුව ඉදිරිපත් කළේ නම් වඩා වෙනස් චිත්‍රයක් ලබා ගත හැකි වනු ඇත. එවිට මරා කල වියදම යෝෂිතගේ රොකට්ටුව මෙන් නොපෙනෙන මානයකට යෑමට ඉඩ තිබේ.