(Sri Lanka Brief/ 05.02.2025) ජාතික ජන බලවේගය ආණ්ඩුුවෙි නීතිපති පාරින්ද රණසිංහගේ තවත් හපන්කමක් අද වාර්තා වූයේ මෙරට සමාජය බරපතල ආකාරයට කම්නය කරවමිනි.නීතිපති පාරින්ද රණසිංහ ගල්කිස්ස මහේස්ත්‍රාත් වරයාට ලිඛිතව නියෝග කර ඇත්තේ ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කිරීමට චෝදනා ලැබු විත්තිකරුවන් තිදෙනා නිදහස් කරන ලෙසටය.යුද හමුදාවේ සාජන් මේජර් උදලාගම ,පොප සුගතපාල හා නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබුණි.
නීතිපතිවරයා මේ විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර තිබූ ලිඛිත නියෝගය මාධ්‍යයේ පල වූයේ නිදහස් දවසේය.
නීතිපති පාරින්ද රණසිංහ අපරාධ නඩු වලට සම්බන්ධ රාජ්‍ය යාන්ත්‍රණයේ හමුදා හා පොලිස් නිළධාරීන් නිදහස් කිරීමට නමෝ විත්තියෙන් වැඩ ඇරඹුවේ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙනි.ඒ බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂක කොළඹ ගේ නිදහස් කරමිනි.මෙම පොලිස් පරීක්ෂක වරයා එම නඩුවෙන් නිදහස් කිරීමට නීතිපති වරයා සිදු කරන ලද නියෝගයට එරෙහිව ජාතික ජන බලවේගය ආණ්ඩුව මෙරට බලයට පත් කිරීම සදහා කැප වූ විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් විරෝධය පෑහ.ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට ඒ සම්බන්ධයෙන් පෞද්ගලිකව කරුණු පැහැදිලි කිරීම් කළ අයවළුන් පවා ඒ අතර සිටියහ.එහෙත් ජනපතිවරයා ඒ ගැන නෑසූ කන්ව සිටියේය.
පොප කොළඹගේ නිදහස් කිරීමට නීතිපතිවරයා යොදා ගත්තේ පසුගිය මානව හිමිකම් දවස වේ.
නිර්මානය: ගලේ පැහැරූ බළලාගේ සතුටු සිනා!
අනතුරුව නීතිපතිවරයා විසින් මහර බන්ධනාගාරය තුළ කෝවිඩ් සමයේදී සිදු කරන ලද මනුෂ්‍ය ඝාතනයන්ට සම්බන්ධ බන්ධනාගාර නිළධාරීන් පිරිස නිදහස් කිරීමට ගම්පහ මහේස්ත්‍රාත්වරයාට නියෝග කරන ලදී.
නීතිපතිවරයා මේ හපන්කම සිදු කරමින් සිටින්නේ ජනපති අනුර කුමාර සහෝදරයා නොදැනුවත්ව සිද්ධ වෙන ක්‍රියා වලියක් බවට ඇතමුන් ගේ තර්කයයි.එහෙත් එම තර්කයෙන් හිත සතුටු කර ගත හැක්කේ මොනිටසෝරි මානසිකයක් ඇති තැනැත්තන්ට පමණි.
මෙරට නීතියේ ආධිපත්‍යයේ දැඩි වගකීමක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන්ම පැවරී ඇත්තේ විධායක ජනපතිවරයාටය. මේ වන විට නීතිපතිවරයා විසින් සිඳු කරමින් පවතින මෙරට සිදු වූ ආන්දෝලානාත්මක අපරාධවලට සමිබන්ධ අපරාධ කරුවන් නිදහස් කර ගැනීමේ ක්‍රියා දාමය ගැන ජනපතිවරයා නොදන්නා බව පැවසීම ගැන අපට ලියන්නට ඇත්තේ එය එසේ වන්නේ නම් අනුර කුමාර දිසානායක සහෝදරයා තවමත් මෙරට ජනපති බව වටහා ගෙන නැති බව පමණය.එහෙත් එය හාස්‍යයක් පමණක් වන බවද අවධාරණය කළ යුතුය.මෑතකදී අප හා කතා බහ කළ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියකුද අප සමග පැවසුවේ ජනපති අනුර කුමාර සහෝදරයා සෑම දෙයක් ගැනම දන්නා අයෙක් වුවත් තමන් තවමත් මෙරට ජනපතිවරයා යැයි නොදන්නා බවය.
එහෙත් නීතිපති වරයාගේ අනීතික මැදිහත්වීම වන්නේ ජනපතිවරයාගේ දැනුවත් බව තුළ බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ විභාග කරන ලද ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි වසන් කිරීමේ නඩුවේ විත්තිකරුවකු වූ පොප සුගතපාල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වගන්තිය හා ඒ හා කියවෙන අනු වගන්ති ප්‍රකාරව මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ අපරාධොරාච්චරණය කළ විත්තිකරුවෙකි.මේ නඩුවේ පළමු විත්තිකරු වූ යුද හමුදා සාජන් මේජර් උදලාගම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ගේ රියදුරු විසින් හදුනාගැනීමේ පෙරට්ටුවකදී හඳුනා ගන්නා ලද විත්තිකරුවෙකි.තුන්වන විත්තිකරු වන ප්‍රසන්න නානායක්කාර ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සාක්ෂි විනාශ කිරීම සම්බන්ධයෙන් චෝදනා ලද අයෙකි.
මේ තිදෙනා හටම එරෙහිව එම ඝාතනය හා බැඳුනු ප්‍රබල පර්යේෂණ සාක්ෂි අධිකරණය වෙත ඉදිරිපත් වී තිබුණි.නීතිපතිවරයා මැදිහත් වී මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට නියෝග කර ඇත්තේ එවැනි වටපිටාවකය.
නීතියේ ආධිපත්‍යය මෙරට සමාජය තුළ පිහිටුවන බවට දේශපාලන වේදිකාවේ මර ලතෝනි දුන් ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයා රනිල් වික්‍රමසිංහ විසින් අනීතිකව පත් කරන ලද නීතිපති පාරින්ද රණසිංහ හා ජෝඩු දමා සිදු කරමින් තිබෙන මේ අශීලාචාර ක්‍රියා දාමය ගැන බහුශ්‍රැත සමාජය බරපතල කම්පනයට පත්ව සිටී.
අපරාධ නඩු විධාන සංග්‍රහයේ 393 වගන්තිය හා ඒ හා කියවෙන අනු වගන්ති වල සදහන් වී ඇත්තේ නීතිපති වරයා සතු බලතල නිත්‍යානුකූල විය යුතු බවය.ඔහු ගේ බලතල වැඩිදුරටත් කිය විය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ශීර්ෂය යටතේ වූ 12 වන ව්‍යවස්ථාවේ දැක්වෙන නීතිය පසිඳලීම හා ක්‍රියාත්මක කිරීමද නීතියේ රැකවරණයද සර්ව සාධාරණ විය යුත්තේය යන ගලපා ගනිමිනි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේගය බලයට පත් කරවීම සඳහා බොහෝ වෙහෙස වූ මිනිසුන් ලෙස අපට දැන් නිවැරිදි කර ගත යුතු ප්‍රශ්ණයක් තිබේ.ඒ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ නීතිපතිවරයා විසින් ගෙන යන අශීලාචාර අවලස්සන හා අනීතික මැදිහත්වීම ගැන ජනපති අනුර කුමාර සහෝදරයාගේ ස්ථාවරය කුමක්ද යන්නය.අපට ඔහු ප්‍රශ්ණ කිරීමට පූර්ණ අයිතියක්ද තිබේ.
අනුර කුමාර සහෝදරයා ජනපතිවරණයට පෙර දේශපාලන වේදිකාවලදී මහජනතාවට පොරොන්දු වූයේ මෙරට සිදු වූ ආන්දෝලනාත්මක අපරාධ වලට සම්බන්ධ අපරාධ කරුවන් නීතිය ඉදිරියට ගෙන විත් දඬුවම් දෙන බවටය.එහෙත් දැන් සිද්ධ වන්නේ එම පොරොන්දුවට හාත්පසින්ම වෙනස් හැඩයේ පිළිකුල් සහගත හා මනුෂ්‍යත්වයට කිසි සේත්ම නොගැළපෙන
ක්‍රියා දාමයකි.මෙය සිද්ධ වන්නේ ජනපති අනුර කුමාර සහෝදරයා ගේ නොදැනුවත් කම මත නොවන බව අපට සහතිකය.
ජනපති අනුර කුමාර සහෝදරයාගේ ස්ථාවරය මෙය වන්නේ නම් එහි පවතින ජඩ කම ගැන අපට ලියන්නට වචන ඉතිරිව නැත
අප රාජපක්ෂවරුන්ට හා වික්‍රමසිංහ පාර්ශවයට දිගින් දිගටම චෝදනා කරන ලද්දේ අමානුෂික තක්කඩියන් බවටය.
සැබැවින්ම අප මේ දූෂිතයන් මෙරට දේශපාලන භූමියෙන් එලවා දැමීමට ජනතාව දැනුවත් කිරීමේ කාර්යයේ නිරත වූයේ ජාතික ජන බලවේගය පිළිබඳව මහත් වූ අපේක්ෂාවෙනි.එහෙත් ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පත් වී මාස තුනක් යන්නට පෙර අපගේ අපේක්ෂාවන් අමු අමුවේ තිරිසන් ආකාරයට ඝාතනය කරමින් සිටී.ඉදිරි මාස වලදී බඩු මිල අඩු කර
බඩට කන්නට දී වැඩේ ගොඩ දා.ගන්නට හැකි වනු ඇතැයි ජාතික ජන බලවේගය කල්පනා කරමින් සිටින බව අපට සිතේ.
කන බොන රෙන එක ජීවිතය බවට තක්සේරු කරගෙන සිටින සුළු පිරිසක්ද මේ රටේ සිටී.එහෙත් මේ රටේ බොහෝ දෙනා එසේ සිතන අයවළුන් නොවන බව ආණ්ඩුවේ ඇත්තන් කල්පනා කළ යුතුය.
පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්නගේ අධිකරණමය වෘත්තීය පැවැත්ම දූෂිත බවට තීන්දු කරන ලදී.හරි විදියට ජනපති අනුර කුමාර දිසානායක සහෝදරයාට තිබුණේ මෙම විනිසුරුවරයාගේ දූෂිත ක්‍රියා කළාපය පිළිබඳව අවධානයට ගෙන විනයානුකූලව කටයුතු කිරීමය.එහෙත් මේ වන විට එම විනිසුරුවරයා විශ්‍රාම පූර්ව නිවාඩු ගෙන තිබේ.විනිසරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අභියාචනාධිකරණයට පත් කරන ලද්දේ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ වේ.
නීතිපති වරයා ලෙස පාරින්ද රණසිංහ පත් කෙරුවේද රනිල් වික්‍රමසිංහය.
වර්තමානයේ ජනපති අනුර කුමාර සහෝදරයා මල නොතලා රොන් ගන්නට හදන්නේ රනිල් වික්‍රමසිංහ ගේ හිත රිදවන්නට අකමැති නිසා දැයි සිතෙන තරමේ සැකයක් පවා අපට මතු වේ.
මුන් ඔක්කොම යාළුවෝ මල්ලී යැයි රන්ජන් රාමනායකගේ කට හැකර ප්‍රකාශය අපට සිහිපත් වන්නේ එවිටය.
මේ විදියට යන විට අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුවේ පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්න කෝන් පත් වුව හොත් ඒ ගැන පුදුම විය යුතුද නැත.
ලොකු කුමා විසිනි.