සුනන්ද දේශප්‍රිය.
(Sri Lank Brief/ 05.02.2025) මාධ්‍යවේදී සහ කතුවර ලසන්ත වික්‍රමතුංග ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමට නීතිපති පාරින්ද රණසිහ විසින් නියෝගයක් දීම දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව හසු වූ තවත් දේශපාලන සුළියක් බවට පත්ව තිබේ.
මෙරට මාධ්‍ය ප්‍රජාව නීතිපතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් සිටිති. ජාතික ජන බලවේග ආණ්ඩුව දැන් පත්ව ඇත්තේ ගලේ පැහැරෑ බළලාගේ තත්වයටය. එහ ිකිසිදු ප්‍රධානියකු කටක් හැර මේ අවනඩුව ගැන වචනයක් හෝ කියා නැත.
නීතිපතිවරයාගේ ලිපිය මෙයයි.
මෙම ලිපිය ලිවීමට පාදක වූ වාර්තාව ලියූවේ නියෝජ්‍ය සොලිසටර් ජනරාල් ජනක බණ්ඩාර විසින් බව අප පළ කල මුල් ලිපියෙ ්සඳහන් වීම දොස් සහිත බව දැන ගන්නට තිබේ. ජනත රත්නායක විසින් ලියා ඇත්තේ ලසන්ත වික්‍රමතුංගගේ කාරයේ තිබී සොයා ගෙන පසුව අතුරුදහන් කරන ලද සටහන් පොත සම්බන්ධ වාර්තාව බව අපේ ආරංචි මාර්ග කියයි.
එසේ නම එඔහු විසින් ලියා ඇත්තේ පහත සඳහන් සිදුවිම සම්බන්ධ සැකකරුවන් නිදිහස් කරන ලෙස විය යුතුය.
මෙම සටහන් පොත් සම්බන්ධයෙන් තරිදු ජයවර්ධන සහ බිඟන් මේනක ගමගේ විසින් ලියා ලංකාදීප පුවත්පතේහි පළ කල ලිපියෙහි එන කොටස මෙසේය.
ලසන්ත ඝාතනයට අදාළ සැකකරුවන් තිදෙනාම නිදහස් කරන ලෙස ඩී.එස්.ජී. ජනක බණ්ඩාර වාර්තාවක් ලියූ බව අප වාර්තාවේ වූ සඳහන වරදක් විය හැකි බැවින් මෙහි ඒ බව සටහන් කරමු.
එසේ මෙම වාර්තා සකස් කරන ලද්දේ කුමන නිලධාරින් විසින් දැයි නීතිපතිවරයා මෙරට මාධ්‍ය ප්‍රජාවට දැනුම් දිය යුතුය.
අධීකරණ ඇමතිවරයාට යෝෂිත රාජපක්ෂට ඇප දීම සාධාරණ කිරීමට පුවත්පත් සාකච්ජා තැබිය හැකි නම් ලසන්ත ගැන කතා කිරීමට බැරි වීමට හේතුවක් නැත.